ජනපති එකඟතාව කඩලා – නෙළුම් මාවතේ කට්ටියට මළ පැනලා !

Date:

අවුරුද්දක් විතර තිස්සේ කියකියා හිටපු කැබිනට් සංශෝධනය ඊයේ (23) කොහොමහරි සිද්ධ වුණා. හැබැයි ඒ මෙච්චර කල් කියවුණු විදියට වඩා වෙනස් විදියකට.

කෙහෙළිය රඹුක්වැල්ලව සෞඛ්‍ය ඇමතිකමෙන් අයින් කරන්න කියලා විපක්ෂයෙන් වගේම ආණ්ඩුවෙන්මත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ඉල්ලීම් එන්න ගත්තේ අද ඊයේක ඉඳලා නෙවෙයිනෙ. හැබැයි ඒ අවස්ථාවල බැසිල් රාජපක්ෂ ඒකට තදින්ම විරුද්ධ වෙලා තිබුණා. කොහොමහරි මේ වතාවේ කෙහෙළියව අයින් කරන්න අන්තිමේ බැසිල් එකඟ වුණා ලු. ඒ, කෙහෙළියට වෙනත් “හොඳ” අමාත්‍යාංශයක් දෙනවා කියන පොරොන්දුව පිට.

කෙහෙළියට ලැබුණේ පරිසර ඇමතිකම. පරිසර අමාත්‍යාංශය කියන්නේ බරට විදේශ ආධාර එහෙම ලැබෙන, නිතර විදේශ සංචාරත් සෙට් වෙන අමාත්‍යංශයක්. හොඳයි තමයි ඉතින් …

ප්‍රශ්නේ වෙලා තියෙන්නේ රමේෂ් පතිරණ එතෙක් කරපු වැවිලි කර්මාන්ත ඇමතිකම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහින්ද අමරවීරට දීපු එකලු. මේකට නම් බැසිල්ටත් හොඳටම කේන්ති ගිහින් කියලා ආරංචියි.

ඒ, පොහොට්ටුවට වෙන් කරපු ඇමතිකම් වෙනත් පක්ෂවලට දෙන්නෙ නෑ කියලා ජනාධිපතිවරයා සහ පොහොට්ටුව අතර තිබුණු එකඟතාව ජනාධිපතිවරයා කඩ කරපු එක ගැනලු.

ඔය කැබිනට් සංශෝධනයෙන් පස්සේ ඊයේ නෙළුම් මාවතේ පක්ෂ කාර්යාලයේ සෑහෙන්න කතාබහ සිද්ධ වෙලා තියෙනවා කියලා ආරංචියි.

එතනදී බොහෝ අය කියලා තියෙන්නේ “මේ විදියට නම් මෙයා එක්ක වැඩිදුර යන්න වෙන්නෙ නෑ” කියලා ලු.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පාර්ලිමේන්තුවෙන් ගිය ආචාර්ය සූරියප්පෙරුම මුදල් ලේකම් ධූරයට!

කොළඹ LNW:හිටපු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා මුදල්...

සභා දින්නා වෙන්න පුළුවන් හැබැයි මහජන විශ්වාසය පළුදු වුණා – තිස්ස

කොළඹ LNW:කොළඹ මහ නගර සභාව ආණ්ඩු පක්ෂය ජයග්‍රහණය කළද...

බන්ධනාගාර අධිකාරීවරුන් අද කොළඹට!

රෂිකා හෙන්නායක ජූනි 23, කොළඹ LNW : අද (23) දින...