එක්ස්ප්‍රස් පර්ල් හානිය ගැන ධීවර සමිතිවලිනුත් දත්ත ලබා ගන්න – විපක්ෂ නායක සජිත් (VIDEO)

Date:

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව නිසා සිදුවූ හානිය මිගමුවේ සිට පානදුර දක්වා පමණක් යැයි තීන්දු කර ඇති මුත් නැගෙනහිර වෙරළ දක්වා කැස්බෑවන්ගේ සිරුරු ගොඩගසා ඇති බවත් ජෛව විවිධත්ව පද්ධතියට හා ධිවර ප්‍රජාවට සිදුවූ බලපෑම අතිමහත් බවත් මේ නිසා වන්දි ලැබෙන ධීවරයන් ප්‍රමාණයන් සම්බන්ධයෙන් ද ගැටලු සහගත බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

නිවැරදි දත්ත ගණනයක් සිදු නොවූ නිසා පානදුර සිට මිගමුව දක්වා පමණක් හානි වූ බවට තක්සේරු කර ඇති බවත් මෙම සිමාවෙන් ඔබ්බට බලපෑමක් සිදුවූයේද නැද්ද යන්න ගණනය කිරීමට අදාළ දත්ත ධිවර අමාත්‍යාංශයෙන් ලැබි නොමැති බවත් සංසන්දනය කරන්න බැරිවන ආකාරයට දත්ත නොලැබි ඇති බැවින් මේ මොහොතේ හෝ නිවැරදි දත්ත ගණනය කර විශේෂඥ කමිටුවලට ලබා දෙන ලෙසත් විපක්ෂ නායකවරයා ඉල්ලා සිටියේය.

පානදුර මීගමුව සීමාවෙන් ඔබ්බට ඇති ධිවර සංවිධාන නියෝජිතයන් හමුවී ඔවුන්ගේ අස්වැන්න සම්බන්ද ගැටලු සම්බන්දයෙන් අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දෙන ලෙසත් එම දත්ත හා විශේෂඥ කමිටුව සතුව ඇති දත්ත සංසන්දනය කර මේ සම්බන්ධ සවිස්තර හානි පූර්ණ වාර්තාවක් සකස් කරන ලෙසත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ පසුගියදා පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතාගේ සභාපතීත්වයෙන් වනජීවී පරිසර හා ස්වාභාවික සම්පත් පිලිබඳ ආංශික අධීක්ෂණ කාරක රැස්වීමේ දී එක්ස්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් වූ සාකච්ඡාවේදීය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජූලියේදී කොළඹ උද්ධමනය ඉහළට

සටහන - රුවන් නෙළුගොල්ල කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය...

ඉන්ධන මිල ගැන නිවේදනයක්

සටහන - රුවන් නෙළුගොල්ල ඉන්ධන මිල සූත්‍රයට අනුකූලව මාසිකව සිදු...

Trendy Thursday: “The Devil Wears Prada 2” හි විලාසිතා ගොන්නක්!

සෑම බ්‍රහස්පතින්දා දිනකම “Trendy Thursday” තුළින් ඔබට Fashion trends,...

අසත්‍ය කරුණු නිවැරදි කිරීමට මෙම උත්සාහය දරමු.

ආචාර්ය ප්‍රණීත් අබේසුන්දරශාස්ත්‍රපති මහින්ද ද ලැනරෝල් ආනන්ද මහා විද්‍යාලයයට සම්බන්ධ...