රටවල් 7ක සිට පැමිණෙන මගීන්ට වීසා බලපත්‍ර රහිතව මෙරටට ඇතුළු වීමට අවසර ලබාදීමට කැබිනට් අනුමැතිය හිමිව ඇති බව සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.
ඒ අනුව ඉන්දියාව, චීනය, රුසියාව, මැලේසියාව, ජපානය, ඉන්දුනීසියාව සහ තායිලන්තය යන රටවලින් පැමිණෙන අයට මෙම අවසරය හිමිව තිබේ.
2024 මාර්තු 31 වනදා දක්වා ක්‍රියාත්මක වන නියමු ව්‍යාපෘතියක කොටසක් වශයෙන් මෙම අවසරය ලබාදී ඇති අතර මේ හරහා එම රටවලින් වැඩි සංචාරකයින් පිරිසක් මෙරටට ගෙන්වා ගැනීමට හැකිවනු ඇතැයි රජය විශ්වාස කරන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරන්නේ.
RN