පැරදුණා නම් ගෙදරට වෙලා ඉන්න. කොනිත්තන වැඩ කරන්න එපා.අපි මේ රට හදනවා – ජනාධිපති

Date:

කොළඹ LNW: පරාජයට පත් වුණා නම් කොනිත්ත්න වැඩ නොකර ගෙදරට වෙලා සිටින ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හිටපු ජනාධිපතිවරයාට අවධාරණය කළේය.

ඒ, ඊයේ (24) පැවති ජාතික ජන බලවේගයේ පුත්තලම මහජන රැළිය අමතමිනි.

හිටපු පාලකයින් උත්සහ කරන්නේ විවිධ ප්‍රබන්ධ ගොඩනගමින් යළි බලය අත්පත්කර ගැනීමට වුවද ජාතික ජන බලවේගයේ ආණ්ඩුව වැට්ටවීමට නොහැකි බවයි ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ.

හැම අතින්ම දියුණු රටක් බවට ශ්‍රී ලංකාව පත්කරන බව හෙතෙම තවදුරටත් කියාසිටියේය.

”හිටපු ජනාධිපතිවරයා හදිසි මාධ්‍ය හමුවක් කැඳවල සල්ලි වෙන් කළාලු පඩි වැඩිකරන්න. එක්කෝ පඩි වැඩිකරන්න ඕනෙලු නැත්නම් ඒ සල්ලිවලට මොකද වුණේ කියල කියන්න ඕනෙලු. සාමාන්‍යයෙන් අපි දන්නවා ඕනෑම වැය ශීර්ෂයක දී, සෞඛ්‍ය සඳහා මුදල් වෙන් කිරීම සෞඛ්‍ය වැය ශීර්ෂය. අධ්‍යාපනය සඳහා මුදල් වැය කිරීම අධ්‍යාපන වැය ශිර්ෂය මෙහෙම තියෙනවා වැය ශීර්ෂයන්.ඒ මුදල් වෙන්කිරීම් සිද්ධ වෙන්නේ අයවැය ලේඛනයෙන්. එහෙම නැත්නම් පසුව ගෙන එන අතුරු සම්මත ගිණුම් හරහා. හැබැයි හිටපු ජනාධිපතිවරයා කියනවා ඔහු සල්ලි වෙන් කළාලු. කොතනකවත් එහෙම සල්ලි වෙන් කරලා නැහැ. තැපල් ජන්දේ තිබුණේ සැප්තැම්බර් 04,05.06. 03 වැනිදා කැබිනට් මණ්ඩලය තීන්දුවක් අරන් කිව්වා පඩි වැඩිකරනවා කියල. හැබැයි හිටපු ජනාධිපතිවරයා සල්ලි වෙන් කළේ නැති වුණාට වර්තමාන ආණ්ඩුව එළඹෙන මැතිවරණයේදී රාජ්‍ය සේවකයිනේ වැටුප් වැඩි කිරීම පිළිබඳව අවධානය යොමුකරලා තියෙන්නේ. දැන් පැරදුණා නම් ගෙදරට වෙලා ඉන්න. එක එක කොනිත්ත්න වැඩ ඒවා නොකර ඉන්න. එතුමල රට පාලනය කළා දීර්ඝ කාලයක්. දැන් පැත්තකට වෙලා ඉන්න. නමුත් අවශ්‍ය වෙලා තියෙන්නේ මොකක්ද? කුමන හෝ ප්‍රශ්නයක් හදාගෙන,කුමන හෝ ප්‍රබන්ධයක් හදාගෙන,කුමන හෝ අවලාදයක් හදාගෙන විවිධ ප්‍රයත්නයක් දරමින් තිබෙනවා යළි බලය අත්පත් කර ගන්න. ඒකෙ එක කතාවක් තමයි ඔවුන් කියමින් ඉන්නේ මාස තුනෙන් වැටෙයි.හයෙන් වැටෙයි. මතක තියා ගන්න ජාතික ජන බලවේගයේ ආණ්ඩුව වට්ටන්න ලැබෙන්නේ නැහැ.අපි මේ රට හදල තමයි නතර වෙන්නේ.හැම පැත්තෙන්ම හදනවා. ආර්ථික වශයෙන් දියුණු රටක්. පිරිසිදු භාවයෙන් දියුණු රටක්. මිනිස්සුන්ගේ හැසිරීම්වලින් දියුණු රටක්. නීතියේ විධානයෙන් ආධිපත්‍යයෙන් දියුණු රටක්. සිංහල,දෙමළ මිනිස්සු අතර ජාතික සමඟිය ආරක්ෂා කරන ලද රටක්. ජාතික ආරක්ෂාව තහවුරු කරන ලද රටක්. පරිසර පධතිය ගැන ආදරයෙන් ලෙන්ගතුව බලාගන්න රටක්. මේ හැම පැත්තෙන්ම දියුණු රටක් බවට ශ්‍රී ලංකාව පත්කරනවා. කාටහරි මේ වැඩේ බලාගෙන ඉන්න බැරි නම් අඩ අඩ කෙඳිරි ගගා ඉන්න. ඒක තමයි ඔය දකින්න තියෙන්නේ.” යනුවෙන් ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කරන ලදී.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජනාධිපති ට්‍රම්ප්ගේ මානුෂිය ආධාර කප්පාදුව හේතුවෙන් මරණ මිලියන 14කින් ඉහල යන ලකුණු

සටහන: සශිකලා මධුෂාණිජුලි 01; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති...

පරිනාමවාදයේ පියාගෙ නමට නම් කළ ඩාර්වින් වෙත යන ශ්‍රී ලංකා ඒ කණ්ඩායම

නිශ්මං රණසිංහ ජූලි 01, කොළඹ LNW: පරිනාමවාදය පිළිබඳව ලොවට ඉදිරිපත්...

බස් ගාස්තු ගැන තීරණයක්?

රෂිකා හෙන්නායක ජූලි 01, කොළඹ LNW : මේ වන විට...

එළඹ ඇත්තේ හොඳම කාලයයි – මැතිවරණ කොමසාරිස්

රෂිකා හෙන්නායක ජූලි 01, කොළඹ LNW : ප්‍රධාන මැතිවරණ තුනකට...