තියුණු ආයුධවලින් පහරදීමේ සිද්ධියක් පානදුරෙන් වාර්තා වෙයි!

Date:

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 25,,කොළඹ (LNW):

පානදුර මාදුපිටිය ප්‍රදේශයේ නිවසකට මුහුණු ආවරණය කරගත් තිදෙනෙක් කඩාවැදී එම නිවසේ සිටි කාන්තාවන් දෙදෙනෙකුට තියුණු ආයුධවලින් පහරදීමේ සිද්ධියක් වාර්තා වෙයි.

නිවසේ දොරක් කඩා සැකකරුවන් නිවසට ඇතුළුවී ඇති බවත්, එහි සිටි කාන්තාවන් දෙදෙනකු මෙලෙස පහරකැමට ලක්වී ඇති අතර එහිදී ඔවුන් බරපතළ තුවාල ලබා ඇති බවත් පින්වත්ත පොලීසිය සඳහන් කළේය.

මත්කුඩු ජාවරමක් සම්බන්ධයෙන් පහරදීම සිදුකරන්නට ඇති බවට පොලීසිය සැක කරන අතර, තුවාල ලැබූ කාන්තාවන් දෙදෙනා පානදුර මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවන බව සිද්ධිය සම්බන්ධයෙන් පින්වත්ත පොලීසිය වැඩිදුර විමර්ශ සිදුකරන බවත් පැවසේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කුණාටුවෙන් බලපෑමක් නැහැ.නිෂ්පාදන හා සේවා ක්ෂේත්‍රයේ කැපී පෙනෙන වර්ධනයක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ගැනුම් කළමණාකරුවන්ගේ දර්ශකයට අනුව 2025 දෙසැම්බර් මාසයේ...

අපි දකින ලෝකය වත්මන් ආණ්ඩුව දකින ලෝකයට වඩා ගොඩක් වෙනස්: නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක ජනවාරි 19, කොළඹ LNW : රටක් ලෙස නවීකරණය...

මොඩියුල ප්‍රශ්නය – ජාතික අධ්‍යාපන ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් අනිවාර්ය නිවාඩු යවයි !

ජාතික අධ්‍යාපන ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්, ආචාර්ය දර්ශන සමරවීර...

කාබුල්හි පිපිරීමක් හේතුවෙන් විශාල පිරිසක් ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 19: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඇෆ්ගනිස්ථානයේ කාබුල්හි සිදු...