*
Friday, October 25, 2024
spot_img

Latest Posts

කවර කලාවේ අලුත් ගැම්ම – ගඟන

සටහන – නිශ්මං රණසිංහ

ඔක්තෝබර් 25, (LNW) කොළඹ: ඔහු තවම සිසුවෙකි.ඒ සරසවියේ ඉගෙනුම ලබන බැවිනි.එහෙත් ඔහුගේ ජීවිතය බොහෝ වැඩිහිටියන්ටද පාඩම් එකතු කරන සිප්හලක් වන තැන් ද නැතුවා නොවේ.නමින් ගගන වර්ණකුලසූරිය තරමක් අමුතුය.ඒ ඔහුගේ තේරිම් නිසාම මෙන්ම එකිනෙකට වෙනස් විෂයන් කෙරෙහි දක්වන ඇල්ම බැල්ම නිසාය.විද්‍යා විෂයන්ගෙන් සරසවි අධ්‍යාපනය ලබන ගඟන වඩාත් සමීපව ඇසුරු කරන්නේ සහ වැඩ කරන්නේ කලාව සමඟය.

ඔහු විද්‍යාව හදාරන්නේ ද වෙනස්ම හැඩයකටය.ඒ විෂයන් එකට හදාරන්නට තෝරා ගන්නේ නැති තරම්ය.එහෙත් ගඟන සත්ව විද්‍යාව,භෞතික විද්‍යාව සහ රසායන විද්‍යාව එකට හදාරන්නේය.
“ඒවා වෙනස් තමයි.නොපෙනෙන සමාන කමක් කාටහරි පේනවද දන්නෙ නැහැ.මම වෙනස් වුණාට ඒවට ආසයි,කැමතියි.“

ඔහු ඔහු අභිබවා යන්නට නොදෙන ආත්මීය බැදීමක වෙළුණු කෙනෙකි.ස්වීය අනන්‍යතාවය පුපුරුවා ගන්නට ඉඩ නොදෙන විලාසිතාවක් හැටියට ඒ කෙරෙහි නොබැදෙන ආත්මීය බැදිමකින් වැඩ කරන්න ඒ වෙනුවෙන් කළ හැකි උපරිමට කරන්නට කැපවෙන සහ ඊට ධාරිතාවයක් ඇති එකෙකි.ඒ නිසාම ඔහු කලාවට ආදරය කරන තරමටම කලාවේ නියැලෙන සංවාද,සංවාස අතුළේ ගඟන යනු අත් නොහැරෙන සහෘදයෙකු මෙන්ම සමානයෙකු ලෙස බොහෝ දෙනෙක් බැඳෙන තරුණයෙකි.
කවියට ද ආස කලාවට ද,

මං අසන්නේ තරමක මෝඩ පහේ ප්‍රශ්නයක් විය හැකිය.කෙනෙකුගේ හැකියාවන් වල වඩා හොඳ එක කියන්න යැයි ඔහුට යෝජනා කිරිම තාත්තා කෙනෙකුගෙන් මොන දරුවද වටින්නෙ කියා ඇසූ විට දැනෙන කම්පාව දනවන එකක් විය හැකිය.
කවියට
මා සිතූ තරම් අපහසුවකින් තොරව ඔහු කවිය යැයි කිවේය.
“මගෙ පළවෙනි කවි පොත කරද්දි ඒකෙ කවරය මටම කරගන්න වුණා.ඊට පස්සෙ තමයි මං මේකට යොමු වුණේ“
ඒ දුර දැන් ගඟන බොහෝ පැමිණ ඇත.දැන් ඔහුගේ කවිය මෙන්ම පොත් කවරද සාහිත්‍ය ලෝලීනට අමුත්තක් නොවේය.නම අමුතු වුව ද ඔවුන් පොත් කවරය දුටු විට මරු යැයි කියා තිබෙන්නට ඉඩ ඇත.
“මම හිතන්නෙ ඉස්සර කවර කරනවට වඩා දැන් කවර කරන එක අමාරුයි කියලා.දැන් ගොඩක් ඒ කෘතිය ගැන වගේම වානිජමය වශයෙන් පොත ආකර්ශණය කර ගන්න කවරය කොච්චර වැදගත් ද කියන කාරණය හිතන්න ගියහම සංකීරණයි. අද ඊස්සරට වැඩිය පොතට කවරයෙ අවශ්‍යයතාවය දැනෙන තරමට පොතයි පොතේ කවරෙයි බද්ධ වෙලා කියලා මට හිතෙන්නෙ,හැබැයි අතීතයට ගියහම මම මාර විදිහට ආදරය කරන කවර ගොඩක් තියෙනවා.

ඒ නිසා ඒවා පහසුයි කියලා හෑල්ලු කරනවා නෙමෙයි මේ කරන්නෙ.අද ලෝකය එක්ක කවරය ගැන හිතන්න ඕනි කාරණා වෙනස් වෙලා,සංකීරණ වෙලා.ඇත්තටම පොතක කවරයක් කියන්නෙ ඒ කෘතියේ පරිසමාප්තිය පෙන්නන හයිකු කවියක් වගෙ ගැඹුරු දෙයක්.ඒ ගැඹුර එක්කම පොත අලෙවි වෙන සූත්‍රයටත් කවරය සම්බන්ධ වෙනවා කියන එකත් අමතක කරන්න බැහැ.“
ගඟන සිතනවා නිවැරදිය.දැන් අපි බොහෝ දේ දෘශ්‍යමය වශයෙන් විඳින මිනිසුන් මිස අසා,සිතා අවබෝධ කර ගැනීමේ තත්ත්වයෙන් සෑහෙන ඈතට ගොස් ඇත.ඒ අර්ථයෙන් ගත්ත ද,පොත් කවරයේ යම් ආකාරයක දුටු සැනින් ඇස කුලප්පු කරන ගතියක් තිබිය යුතුය.
ගඟන කලාව සහ විද්‍යාව යන දෙපැත්තේම බැදුණු විලක්කුවකි.ආලෝකය දෙපැත්තෙන්ම විහිදවයි.ඒ නිසා මේ සමීප විෂයන් දෙකේ සමානකම ගැන ඇසුවද ඔහු එයට නිවැරදිව පිළිතුරුක් දෙන්නට නොයයි.එය නැති බව හඟවමින් “ආර්ට් කියන්නෙ නිර්වචනය කරන්න ගියහම ලොකු වැඩක් “කියා සංවාදයේ පීල්ලෙන් පිටතට අඩිය තියන්නේය.
පිට කවර කරන කොටවත්…. ඒක විද්‍යාවක් කියලා දැනෙන්නෙ නැද්ද?
ඔහුගේ විද්‍යාව සහ කලාවේ ගැලපීමක් ඇතැයි යන විශ්වාසය ඒ ගැනම අසන්නට බල කරන නිසාවෙන් නැඟෙන ඒ ප්‍රශ්නය මතම කැරකෙන්න හිත බල කරන්නේය.
“ඒකෙනම් එහෙම එකක් දැනෙනවා.මොකද කවර වැඩේ වගේම විද්‍යාවෙදිත් වැඩ කරද්දි දෙකටම වැඩ කරන්න පදනම් වුණ පොඩි ඇනලටිකල්මය ගතියක් තියෙනවා“

ගඟන සවිස්තරව යමක් කියන්නට අකමැතිය.ඒ සඳහා අප ද ප්‍රශ්න කරන්නේ යම් ඔපදූපමය ක්‍රියාවකට යන්න අපටම සැක සිතෙයි.
“මං මේ වෙලාවෙ මේ පොළව වැඩියෙන්ම තේරුම් ගන්න වගේම තේරුම් කරන්නත් පුළුවන් ආර්ටිවලින් කියන අදහස එක සයනස්වලට වඩා මම ආර්ට්වලට ලව්“
මේ කිසිඳු කැමත්තක් සඳහා බැරියමය වේදනා හරස් කිරීමක ගඟන ඉති ගසන්නේ නැත.එසේ වින්දනාත්මක වූ සහ විවෘත අදහසකින් ඔහු ජීවිතය දෙස බලන්නේ බොහෝ විට ගෙදරින් ලැබෙන සහය නිසා ද විය හැකිය.
“මට එහෙම කිසිදු බාධාවක් නැත.ඒ අය මාව තේරුම් අරගෙන කියවලා ඉන්නෙ.මගෙ ජීවිතයෙ ඉරණම ලියැවිලා ඇත්තේ බොහෝ වෙලාවට මගේම ස්වාධීන අදහස් සමඟයි.දැනටත් මං කවර කරමින් යම් වෘත්තීය මට්ටමක පසු වෙන බව ඇත්ත.ඒ වගෙම විද්‍යාව කරලා විශ්ව විද්‍යාල සහතිකය ආවට පස්සෙ මම ඒ ඔස්සේ රස්සාවන් හොයාගෙන යන එකක් නැහැ.මගෙ කැමත්ත තියෙන්නෙ ඩිසයින් පැත්ත වෘත්තීය විදිහට තෝරා ගැනීමේ කැමත්තක්.“
ගඟනට අනුව පිට කවර වපසරිය තුළ ඔහුව තදින්ම පොළඹවන සුළු කවර නිර්මාණකරුවා දිනිදු සිරිවර්ධනය.එසේම සෞම්‍ය සඳරුවන් ලියනගේ,සංජය ඈපා සෙනවිරත්න,විකුම් ජිතේන්ද්‍ර මෙන්ම මොල සෙනවිරත්න ද මේ කේෂ්ත්‍රය තුළ දිනිදු මෙන්ම තමන්ට බලපෑමක් ඇති කරන,කැමත්ත උපදවන නිතර සංවාද ඔවදන් ලබන, තමන්ගේ ආසන්නම පෙර පරම්පරාවේ ගුරු මිතුරු සහෘදයෝය.
මේ වන විටත් පිට කවර 60 ආසන්න ප්‍රමාණයක නිර්මාණකරුවා වී ඇති ගඟන, හෙට තවත් කවර මත,ඒ කෘතියට අදාළව තමන්ගේ හයිකු අදහස රූප සහ පාට සමඟ අතුරනු ඇත.එය පොත ඇතුළ විනිවිද ඔබට ගන්නට සිතෙන කාතියක් කිරීමේ අභියෝගය ඔහුට බරක් වුව,ඒ බර නො‘දරා වෙහෙස නො‘දරා හොඳ පිටකවර කරුවෙක් වෙන්න අපහසුය.ඒ බරට වගකීම යැයි නම් තබා ගඟනගේ පිටකවර දෙස ඒ පොත් පරිශීලනය කර බලන විට ඔහු එම වගකීම සැහැල්ලුවට ගෙන නැති බව පැහැදිළිය.ඒ නිසා තවත් හැඩකාර කවර පෙරළන්නට අපි බලා ඉමු.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan