රස්තවාදී තර්ජන ගැන රජය ඉතා කඩිනමින් ක්‍රියාකිරීම ගැන බ්‍රිතාන්‍යයෙන් පැසසුම්!

Date:

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 25,,කොළඹ (LNW):

ශ්‍රී ලංකා රජයට පූර්ණ සහාය ලබා දෙන බව බ්‍රිතාන්‍ය පවසයි. ඒ ත්‍රස්තවාදී තර්ජන සම්බන්ධ ගැටලුව කඩිනමින් විසඳීම සඳහා බව සඳහන් වේ.

අදාළ තර්ජන පිළිබඳ රජය ඉතා කඩිනමින් ක්‍රියාකල ආකාරය ද බ්‍රිතාන්‍යයේ පැසසුමට ලක්ව තිබෙන අතර,පවතින අර්බුදය කඩිනමින් විසඳා ගැනීමට රජයට හැකියාවක් ඇති බව ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහකොමසාරිස් ඇන්ඩෘ පැට්‍රික් මහතා පවසයි.

වෙනත් රටවල් සම්බන්ධයෙන් ද සිය සංචාරකයන්ට අනතුරු ඇඟවීම් බහුලව සිදු කෙරෙන අතර එය සාමාන්‍ය ක්‍රියාවලියක් බවද මහ කොමසාරිස්වරයා පවසන අතර, ඇතැමුන් එය ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයට දැඩිව බලපාන බවට කෙරෙන ප්‍රකාශ පිළිගත නොහැකි බව ඒ මහතා තවදුරටත් අවධාරණය කරයි.

ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහකොමසාරිස් ඇන්ඩෘෘ පැට්‍රික් මහතා දිනපතා ඉංග්‍රීසි පුවත්පතක් සමග තවදුරටත් ප්‍රකාශ කර ඇත්තේ ත්‍රස්ත අවදානමක් පිළිබඳ ඇමෙරිකාව නිකුත්කළ අනතුරු ඇඟවීමෙන් පසුව බ්‍රිතාන්‍යයද සිය සංචාරක උපදේශන යාවත්කාලීන කළ බවයි.

කෙසේ වෙතත් මෙම තත්ත්වය ඇතැමුන් අතිශයෝක්තියට නංවා ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයට අහිතකර ලෙස බලපානු ඇතැයි විශ්වාස කරන බවද ඒ මහතා පවසන අතර, බ්‍රිතාන්‍යය ශ්‍රී ලංකාවේ දෙවන විශාලතම සංචාරක වෙළෙඳපොළයි. ඔක්තෝම්බර් 20 වනදා වන විට එක්සත් රාජධානියෙන් සංචාරකයන් එක්ලක්ෂ හතලිස් තුන්දහස් හත් දෙනෙකු මෙරටට පැමිණ ඇති බවද ඔහු සඳහන් කළේය.

ත්‍රස්ත ප්‍රහාරවලට එරෙහිව මෙවැනි අනතුරු ඇඟවීමේ සංචාරක උපදේශන  සාමාන්‍ය ක්‍රියාවලියක් බවත්, ස්පාඤ්ඤය, තායිලන්තය ඇතුළු ත්‍රස්ත ප්‍රහාර එල්ලවිය හැකි බවට සැක කෙරෙන බොහෝ රටවලට මෙවැනි අනතුරු ඇඟවීම් සිදුකර ඇති බවත් එය සාමාන්‍ය තත්ත්වයක් බවත් බ්‍රිතාන්‍ය මහකොමසාරිස්වරයා පෙන්වා දී ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Tasty Tuesdays: රස-ගුණ සපිරි පාස්තා සැලඩ් එකක් රස විඳිමු! – Cool, Fresh, and Flavor-Packed: Pasta Salad You’ll Crave

සෑම අඟහරුවාදා දිනකම “Tasty Tuesdays” තුළින් ඔබට ආහාර පාන,...

මෙවර Toronto චිත්‍රපට උළෙලේදී ජනතාවගේ තේරීමේ සම්මානය දිනා ගත් “Hamnet”!

සටහන – පුලී සැප්තැම්බර් 16, කොළඹ (LNW):  ක්ලෝයි ෂාඕගේ Hamnet...

ස්විට්සර්ලන්තය සමඟ සම්බන්ධතා තරකරගන්න ශ්‍රී ලංකා රජයට අවස්ථාවක්!

කොළඹ LNW: අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී...

විදෙස්ගත ශ්‍රී ලාංකිකයින්ට ඡන්දය දෙන්න අවස්ථාව!

කොළඹ LNW: විදෙස්ගත ශ්‍රී ලාංකිකයින්ට ඡන්දය ප්‍රකාශ කළ හැකි...