ජනතාව ඡන්දෙ දුන්නෙ නෑ සභාපති වෙන්න. එකතුවෙලා සභාව හදලා අනාරක්ෂිත තැනක් නිර්මාණය කරගත්තා ඒගොල්ලො – ඇමති TB

Date:

මෙරට සාමාන්‍ය ජනතාවට කිසිවෙකු වෙඩි නොතබන බැවින් මහජන ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නයක් රටේ නොමැති බව නිවාස, ඉදිකිරීම් සහ ජලසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ටී. බී. සරත් මහතා පවසයි.

“මේ සාමාන්‍ය පුරවැසියන්ට වෙඩි තියනවාද රටේ ? නෑ නේද ? ඉතින් ආරක්ෂාව තියෙනවානෙ …. රට තුළ විවිධ ප්‍රශ්න ගැටලු තියෙනවා පොඩි පොඩි. දැන් අපේ සහයෝගයක් නැහැනෙ කාටවත්, එතකොට දැන් මැර කණ්ඩායම් ඒගොල්ලො ඒගොල්ලො අතර ගැටුම් නිර්මාණය වෙලා. ඉතින් අපට දැන් ප්‍රශ්නයක් තියෙනවා, දැන් මේ මැරයන්ට පොලිස් ආරක්ෂාව දෙන්න පුළුවන්ද ? ඔය සමහර නායකයො අද එක එක දේශපාලන පක්ෂවලින් මහජන මන්ත්‍රීවරු වුණාට ඒගොල්ලො IRCකාරයො. අපරාධකාරයො සභාපතිවරු වෙලා. ජනතාව ඡන්දෙ දුන්නෙ නෑ සභාපතිවරු වෙන්න. එකතුවෙලා හදලා අනාරක්ෂිත තැනක් නිර්මාණය කරගත්තා ඒගොල්ලො”

ටී. බී. සරත් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (24) වැලිකන්ද ප්‍රදේශයේ පැවති උත්සවයක් අමතමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රුසියාවෙන් යුක්රේනයට මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර මාලාවක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්රේනයට එල්ල වූ...

පාසල් දරුවෙකුට අමානුෂික ලෙස පහරදුන් පාසල් ගුරුවරයෙකු අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, කොළඹ LNW : අට ශ්‍රේණියේ ඉගෙනුම...

ශ්‍රී ලංකා ආර්ථිකයේ විදේශ ප්‍රේෂණ පංගුව: ආර්ථිකයේ ගාමක බලවේගයක්ද?

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ශ්‍රී ලංකා ආර්ථිකයේ විශේෂ තත්ත්වයක් පෙන්නුම් කරමින්...

වනජීවී ඡායාරූපකරණයෙන් ජනතා තේරීමේ සම්මානය මෙවර කාට හිමි වේ ද?

සටහන – පුලී පෙබරවාරි 09, LNW (කොළඹ): වසරේ වනජීවී ඡායාරූප...