“Touch Look Check” ඔබත් එන්න ICT ට්‍රයැත්ලෝන් 2025 – දිනය: නොවැම්බර් 16

Date:

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 25, කොළඹ LNW :

VOW (Voice of Women ) යූ ටියුබ් නාලිකාවේ නිරංජලා මංජරී හා කෞශල්‍යා ප්‍රනාන්දු මෙහෙයවන සංවාදයකට සහභාගී වෙමින්, වෛද්‍ය චූලාංගනී ගුණසිංහ මහත්මිය පියයුරු පිළිකා පිළිබඳ විශේෂ තොරතුරක් හෙළි කළේය .

ඒ, වසර පහකට වඩා එකම උපත් පාලන ක්‍රමය අනුගමනය කිරීම පියයුරු පිළිකා අවදානමක් මතු කරන බවට පරීක්ෂණවලින් අනාවරණය කරගෙන ඇති බවත්, මාස් ශුද්ධිය නතරවීමෙන් පසුව ඇතැම් කාන්තාවන් භාවිතා කරන හෝමෝන ප්‍රතිකාර ද පියයුරු පිළිකාවට හේතුවක් වී ඇති බවත් ය.

වෛද්‍යවරිය වැඩිදුරටත් පවසන්නේ, දිවයින පුරා පිහිටි 535කට අධික සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී (MOH) කාර්යාල මගින් මෙන්ම රජයේ රෝහල්වලින් පියයුරු පිළිකා පරීක්ෂාව නොමිලේ සිදුකරගත හැකි බවයි.

තවද, පියයුරු පිළිකා සඳහාම වූ මැමෝග්‍රෑම් පරීක්ෂාව නාරාහේන්පිට කිරිමණ්ඩල මාවතේ පිහිටි මධ්‍යස්ථානයෙන් නොමිලේ කරගත හැකි යැයි ද ඇය කීවාය.

වෛද්‍යවරිය අවධාරණ කළේ, ඩා වැදගත්ම කරුණ ලෙස මාස් ශුද්ධියෙන් හත් වැනි දිනය හා දස වැනි දිනය අතර කාලයේදී ස්වයං පරීක්ෂාව සිදුකිරීම යැයි ද කළාය.

ඇය වැඩිදුරටත් සඳහන් කළේ, පියයුරු පිළිකාව පරාජය කිරීමේදී තම මිතුරිය, සොයුරිය, බිරිඳ මෙන්ම මව වෙනුවෙන් සමාජය බලගැන්වීමට පුරුෂ පාර්ශ්වයට ද විශාල වගකීමක් ඇති බවයි.

මේ අනුව එම ජීවිතාරක්ෂක පණිවිඩය දැන් ICT ට්‍රයැත්ලෝන් 2025 හරහා රට පුරා ගෙන යනු ලැබේ.

මේ ඔක්තෝබර් මාසයේදී – සෑම ඉරිදාවකම, දිවයිනේ හතර කොනෙහිම – ශ්‍රී ලංකාව සංකේතාත්මකව තුන්ප්‍රයාම තරඟයක් සඳහා එක්සත් වනු දක්නට ලැබිණි.

ඒ අනුව….
ඔක්තෝබර් 5 – කිලිකනොච්චි (උතුර) ඔක්තෝබර් 12 – මඩකලපුව (නැගෙනහිර) ඔක්තෝබර් 19 – මාතර (දකුණ) යන ප්‍රදේශයන්හි වැඩසටහන් ඉතා සාර්ථක ලෙස නිමාවනු දක්නට ලැබුණි.

තවත් ඉතිරිව ඇත්තේ, ඔක්තෝබර් 26 – කොළඹ (බටහිර) වැඩසටහන පමණි. නමුත් පවතින අධික වර්ෂාපතනය හමුවේ එම වැඩසටහන නොවැම්බර් 16 (16th Nov 2025) දිනට කල් දමා ඇති බව ICT ට්‍රයැත්ලෝත් 2025 සංවිධායක කමිටුව නිවේදනයක් නිකුත් කරමින් දන්වා සිටී. එයද සාර්ථක එදිනට නිම කිරීම ඔවුන්ගේ බලාපොරොත්තුව වේ.


“ස්පර්ශ කරන්න. බලන්න. පරීක්ෂා කරන්න” (ICT)

https://www.youtube.com/embed/WPU2cEKN8Fk?si=kgk9d7ll_r1Vpr9Y

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආපදා සහන වෙනුවෙන් UN වෙතින් මානුෂිය ප්‍රමුඛතා සැලැස්මක්!

කොළඹ LNW:දිට්වා සුළි කුණාටුවෙන් ව්‍යසනයට පත් ශ්‍රී ලංකාවේ ජන...

ADB වෙතින් මහවැලියට ඩො.මි. 200ක ණය පහසුකමක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 12 ,කොළඹ LNW : මහවැලි ගඟේ අතිරික්ත...

චීනයේ ඉහළම වාර්ෂික ආර්ථික කාර්ය සැසිවාරය චීන ජනපතිගේ ප්‍රධානත්වයෙන්!

කොළඹ LNW:චීනයේ මධ්‍යම ආර්ථික කාර්ය සැසිවාරය දින දෙකක් පුරා...

පා.ම. අශෝක රන්වල අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 12, කොළඹ LNW : අන්ත්‍රාදායක ලෙස...