48 CC යතුරුපැදිත් ලියාපදිංචි කිරීම අනිවාර්යයි. ලියාපදිංචිය නැතිව පැද්දොත් දඩ !

සටහන – රුවන් නෙළුගොල්ල

48 CC හෝ 50 CCට අඩු එංජින් ධාරිතාවයෙන් යුත් යතුරුපැදි ද ලියාපදිංචි කිරීම අනිවාර්යය බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්, විශ්‍රාමික එයාර් මාෂල් තුෂාර ප්‍රනාන්දු මහතා පවසයි.

මෙවැනි යතුරුපැදි ලියාපදිංචි කිරීම අවශ්‍ය නොවන බවට ඇතැම් අලෙවිකරුවන් ප්‍රකාශ කරන බවට නිරීක්ෂණය වී ඇති බව පැවසූ ඒ මහතා එබැවින් මෙම කාණ්ඩයේ යතුරුපැදි මිලදී ගැනීමේදී නිසි රේගු ලියකියවිලි තිබේදැයි තහවුරු කරගැනීමට පාරිභෝගිකයන් කටයුතු කළ යුතු බවත් සඳහන් කළේය.

එමෙන්ම ලියාපදිංචි නොකළ යතුරුපැදි පොදු මාර්ගවල ධාවනය කරමින් සිටියදී හසුවුවහොත් පොලිසිය විසින් නීතිමය පියවර ගෙන දඩ නියම කිරීමට ඉඩ ඇති බව ද මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයා අවධාරණය කළේය.

මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයා මේ බව පැවසුවේ පසුගියදා (22) පැවති මාධ්ය හමුවක් අමතමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දැන් කොළ හැලෙන කාලෙ !

සුළඟ දෙන හාදුවලටලැජ්ජාවට රත් පැහැ විනැයි සිතුවටනෑ! ඒ අන්තිම...

ජනපති අනුර හදිසියේ පෞද්ගලික රෝහලකට ඇතුළත් කළ කතාව බොරුවක් – ජනාධිපති කාර්යාලය

සටහන - රුවන් නෙළුගොල්ල හදිසි අසනීප තත්වයක් හේතුවෙන් ජනාධිපති අනුර...

ඉරාන නෞකා පිරිසක් ගාල්ලට පැමිණීම ගැන නි. ඇමති හංසකගෙන් ප්‍රකාශයක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : ගාල්ල වරායට පැමිණි...

මාතර තලල්ල වෙරළින් හමු වූ පාර්සල් සහ ගමන් මළු වල මත්ද්‍රව්‍ය කිලෝ 475ක් !

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : ශ්‍රී ලංකා නාවික...