ඉරානයට එරෙහිව අද ප්‍රහාරයක් එල්ල විය හැකි බව ට්‍රම්ප් කියයි

සටහන: සශිකලා මධුෂාණී
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 25: ඉරානයට එරෙහිව ඉරිදා දිනයේදී එනම් අද(25) දිනයේ දී යළිත් හමුදා ප්‍රහාරයක් එල්ල කිරීමේ හැකියාව පවතින බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබේ. කෙසේ වෙතත්, දෙපාර්ශ්වය අතර එකඟතාවක් ඇති කරගනිමින් ගැටුම විසඳා ගැනීමේ අවස්ථාව ද විවෘතව පවතින බව ඔහු සඳහන් කර ඇත.

ඔක්තෝබර් 24 වැනිදා ෆ්ලොරිඩා ප්‍රාන්තයේදී මාධ්‍යවේදීන් අමතමින් ජනාධිපති ට්‍රම්ප් මේ බව පවසා තිබූ අතර ඉරානයට එරෙහිව තවදුරටත් හමුදා ක්‍රියාමාර්ග ගැනීමට හෝ ඉරානය සමඟ ගිවිසුමට එළඹුණහොත් එහි කොන්දේසි ඉරානය විසින් අනුගමනය කරනු ඇත්ද යන්න පිළිබඳව තමන්ට ගැටලුවක් පවතින බව ද ඔහු පෙන්වා දී තිබේ.

ඇමරිකාව සහ ඉරානය අතර පවතින ගැටුමේදී හෝර්මුස් සමුද්‍ර සන්ධිය ප්‍රධාන අවධානයට ලක්ව ඇති අතර ලෝකයේ බලශක්ති ප්‍රවාහනය සඳහා මෙම සමුද්‍ර මාර්ගය ඉතා වැදගත් වේ.

ඇමරිකාව විසින් ඉරාන වරායන් වෙත පනවා ඇති නාවික අවහිරතා ඉවත් කිරීම වෙනුවෙන් හෝර්මුස් සමුද්‍ර සන්ධිය යළි විවෘත කිරීමට ඉරානය යෝජනාවක් ඉදිරිපත් කර ඇති බවට වාර්තා පළ වුවද, එවැනි නව යෝජනාවක් ඉදිරිපත් කළ බව ඉරාන පාර්ශ්වය ප්‍රතික්ෂේප කර තිබේ.

ගැටුම් තවදුරටත් උත්සන්න වුවහොත් ජාත්‍යන්තර නාවික ප්‍රවාහනයට, බලශක්ති සැපයුමට සහ ලෝක ආර්ථිකයට බලපෑම් ඇති විය හැකි බවට අවධානය යොමුව තිබේ.

කෙසේ වෙතත්, ඉරානයට එරෙහිව නව ප්‍රහාරයක් එල්ල කරන බවට අවසන් තීරණයක් ප්‍රකාශයට පත් කර නොමැති අතර, දෙපාර්ශ්වය අතර එකඟතාවක් ඇති වන්නේද යන්න පිළිබඳව ද තවමත් නිශ්චිත තොරතුරු වාර්තා වී නොමැත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බ්‍රසීල ජනාධිපතිවරණයේ තීරණාත්මක දෙවැනි වටය අද

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 25: බ්‍රසීල ජනාධිපතිවරණයේ...

අන්දමන් දූපත් ආශ්‍රිත බෙංගාල බොක්කේ පීඩන අවපාතය ගැඹුරු පීඩන අවපාතයක් වන ලකුණු – අද (25) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල උතුරු අන්දමන් දූපත් ආශ්‍රිත බෙංගාල බොක්ක...

පිටු බාගයක පුවත්පත් දැන්වීමක් පළකරමින් ෆවුසි ප්‍රසිද්ධියේ ජනතාවගෙන් සමාව ඉල්ලයි

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රෙෂ්ඨාධිකරණ නියෝගයක් අනුව හිටපු අමාත්‍ය ඒ....

දැන් කොළ හැලෙන කාලෙ !

සුළඟ දෙන හාදුවලටලැජ්ජාවට රත් පැහැ විනැයි සිතුවටනෑ! ඒ අන්තිම...