වෙළඳපොළේ පවතින ඉහළ ඉල්ලුම සහ පාරිභෝගික අවශ්යතා සපුරාලීම සඳහා, ඔක්තෝබර් 27 වන විට දිවයින පුරා ගෘහස්ථ ගෑස් සිලින්ඩර 700,000ක් පමණ බෙදා හරින බව ලිට්රෝ ගෑස් (Litro Gas) සමාගම පවසයි.
ඔක්තෝබර් 22 වන දින ලැබුණු තොගවලට අමතරව, මෙට්රික් ටොන් 3,900ක එල්.පී. (LP) ගෑස් තොගයක් රැගත් නෞකාවක් ඊයේ (24) ශ්රී ලංකාවට පැමිණියේය.
මෙම නවතම තොගය මගින් ගෘහස්ථ ගෑස් සිලින්ඩර 350,000ක් පමණ සැපයීමට අපේක්ෂා කෙරේ.
එමෙන්ම, ඔක්තෝබර් 23, 24 සහ 25 යන දිනවලදී ද දිවයින පුරා ගෑස් බෙදා හැරීමේ කටයුතු බාධාවකින් තොරව සිදු කෙරෙන බව ලිට්රෝ ගෑස් සමාගම සඳහන් කළේය.


