හබරාදුව අනතුර: පාසල් ළමුන් රැගත් බස් රථයක් දුම්රියක ගැටිලා!

කොළඹ LNW:හබරාදූව ප්‍රදේශයේ දුම්රිය හරස් මාර්ගයකදී, බස් රථයක් දුම්රියක ගැටී අද (25) අනතුරක් සිදුව තිබේ.

වාර්තා වන අන්දමට බෙලිඅත්ත දුම්රිය ස්ථානයෙන් පස්වරු 12.50 ට මරදාන බලා ධාවනය වෙමින් තිබූ සීඝ්‍රගාමී දුම්රියට මාර්ටින් වික්‍රමසිංහ අනුස්මරණ කෞතුකාගාරයට පිවිසීමට ඇති දුම්රිය හරස් මාර්ගයේ දී එම අනතුර සිදුව ඇත.

පාසල් ළමුන් රැගත් බස් රථයක් එලෙස ගැටී ඇති බව සඳහන්.

හය දෙනෙකු තුවාල ලබා ඇති ඉන් අතරින් තිදෙනෙකුගේ තත්ත්වය බරපතල බව පොලීසිය පවසා තිබේ.

අනතුර සිදුවන අවස්ථාවේ දුම්රිය හරස් මාර්ග සංඥා ක්‍රියාත්මකව තිබී ඇති අතර බස් රථයේ රියදුරු බසයෙන් පලා ගොස් ඇති බවට ද තොරතුරු වාර්තා වෙයි.

බස් රථයේ පසුපස කොටස දුම්රියේ ගැටී ඇති අතර එම බස් රථය මහරගම සිට පැමිණි බස් රථයක් බවට ද තොරතුරු වාර්තා වෙයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මැදපෙරදිග නවතම යුද තත්ත්වය…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 25, කොළඹ LNW : මැදපෙරදිග කලාපය තුළ...

ලිට්‍රෝ වෙතින් නිවේදනයක්!

වෙළඳපොළේ පවතින ඉහළ ඉල්ලුම සහ පාරිභෝගික අවශ්‍යතා සපුරාලීම සඳහා,...

ඉහළ යන තෙල් මිල හමුවේ ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තිය වේගවත් කිරීමට සිතුවත් බාධා රැසක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 25, කොළඹ LNW : ශ්‍රී ලංකාව පුනර්ජනනීය...

ගොවියාගේ පුතාට රට භාරදීලා අද ගොවියෝම අසරණ වෙලා – විපක්ෂ නායක

කොළඹ LNW:පසුගිය ජනාධිපතිවරණ දෙකේදීම ගොවි ජනතාව පත් කර ගත්...