රෂිකා හෙන්නායක ඔක්තෝබර් 25, කොළඹ LNW :
ශ්රී ලංකා වෙරළ තීරයෙන් ඔබ්බෙහි වෙළඳ නෞකාවල ගමන් කරමින් සිටි ඉරාන ජාතික නාවිකයන් පිරිසකට හදිසි සෞඛ්ය ආධාර අවශ්ය වීම හේතුවෙන් ඔවුන් රට තුළට ගෙන ඒමට විදේශ කටයුතු අමාත්යාංශය පියවර ගත්තේය.
කොළඹ පිහිටි ඉරාන තානාපති කාර්යාලයේ මැදිහත් වීමෙන් ක්රියාත්මක කළ මෙම මානුෂීය මෙහෙයුම යටතේ, අදාළ නාවිකයන් ගාල්ල වරාය හරහා ගොඩබිමට රැගෙන එන ලදී.
ගොඩබිමට පැමිණීමෙන් පසු ඔවුන් අවශ්ය වෛද්ය ප්රතිකාර ලබා ගත් අතර, එම ප්රතිකාරවලින් අනතුරුව එම පිරිස සාර්ථකව නැවත තම මව් රට බලා පිටත්ව ගොස් ඇත.


