*
Monday, September 23, 2024
spot_img

Latest Posts

රාජපක්ෂවරු විනාශ කළ රට අපි ගොඩනගනවා – විපක්ෂ නායක සජිත් (VIDEO)

ශ්‍රේෂ්ඨ ඉතිහාසයකට අප හිමිකම් කිව්වත් රාජපක්ෂවරු නිසා වත්මන් පාලකයන්ට පවා කැට හොලවමින් ලෝකේ වටේ හිඟා කෑමට සිදුව ඇති බවත් මේ තත්ත්වයෙන් රට ගොඩ නැගීමට නම් ජාති ආගම් කුල මල භේදයකින් තොරව එකාමෙන් එකතු වී රටේ දියුණුව වෙනුවෙන් කටයුතු කළ යුතු බවත් ඒ සඳහා වත්මන් රජයට නිසි සැලසුමක් නොමැති වුවත් සමගි ජන බලවේගයට එවැනි සැලසුමක් ඇති බවත් සමගි ජන බලවේගය මැතිවරණය දිනන විට එහි සැබෑ ජයග්‍රාහකයා වන්නේ මාතෘභූමිය, රට සහ ලක්ෂ 220ක් වූ ජනතාව බවත් ඉකුත් 23(පෙරේදා) විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ගලගෙදර දී පැවසීය.

ඔරකල් සිස්ටම්, ස්මාට් විසදුම් දෙනවා කියා විවිධ මවාපෑම් සිදු කර පැමිණි සර්ලා, රජාලා අන්තිමේ රට බංකොලොත් කළ බවත් ඒ නිසා කුඩා දරුවන්, ගැබිනි මව්වරුන් ඇතුළු සෑම සියලු දෙනාම ඉතා අමාරුවෙන් ජීවත් වන බවත් මේ හේතුව නිසා පාසල් ළමුන් පවා ක්ලාන්ත වී වැටෙන තත්ත්වයකට පත්ව ඇති බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ පෞඩ ඉතිහාසයක් ඇති අපේ රට වසර දෙකහමාරක් තුළ විනාශ කළේ රාජපක්ෂවරු බව යි.

ඡන්දයෙන් පවා පැරදුන පුද්ගලයෙක් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ගොස් රාජපක්ෂලාට වහල් වී ජනපති වූ බවත් විපක්ෂ නායකතුමා පැවසීය. එවැනි තනතුරු සඳහා තමාට ඉල්ලීම් ආවත් ජනතාවට ද්‍රෝහිවීමට කැමති නැති නිසා එය ප්‍රතික්ෂේප කළ බව පැවසූ විපක්ෂ නායකතුමා කියා සිටියේ 22 වැනි සංශෝධනය සම්මත කර ගැනීමේ දී සමගි ජන බලවේගය විශාල දායකත්වයක් ලබා දුන් බව යි.

එසේ ම හිටපු මුදල් ඇමතිවරයා නැවතත් ද්විත්ව පුරවැසිභාවය ඉවත් කර මැතිවරණයට එන බවත් ඔහු මොළ හතා යනුවෙන් උලුප්පවා මුදල් ඇමති කිරීම නිසා රට විනාශ වූ බවත් පුළුවන් නම් මැතිවරණයකට ඉදිරිපත් ව ජයග්‍රහණය කර පෙන්වන ලෙසත් විපක්ෂ නායකතුමා එහි දී පැවසීය.

ආණ්ඩුව අරගලයට, තරුණ නැගිටීමට ඉතා බිය වී ඇති බවත් විවිධ අන පනත් උපයෝගී කර ගෙන ජනතාව මර්දනය කරන බවත් පැවසූ විපක්ෂ නායකතුමා, මේ මර්දනය දරා ගැනීමේ උපරිම සීමාවටම ජනතාව පැමිණ ඇති බවත් ඒ නිසා බොහෝ වෘත්තිකයන් බුද්ධිමතුන් දශලක්ෂ ගණනින් රට හැර යාම ආරම්භ කර ඇති බවත් පැවසීය. මේ නිසා නුදුරේ දීම මුළු රටම මහපාරට බැස ජනතාවට ශක්තියක් වන පොදු ජන ආණ්ඩුවක් බිහි කරන බව විපක්ෂ නායකවරයා එහි දී පැවසීය.

සියලුම ඡායාරූප නරඹන්න පහත link එකට පිවිසෙන්න!

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan