පාරිභෝගික අධිකාරියේ කැලෑ නීතිය – පාන් සදහා උපරිම සිල්ලර මිලක් හා නියමිත බරක් සදහන් කර ගැසට්පත්‍රයක් නිකුත් කරන්න!

Date:

පාරිභෝගික අධිකාරියේ කැලෑ නීතිය! පාන් සදහා උපරිම සිල්ලර මිලක් හා නියමිත බරක් සදහන් කර ගැසට්පත්‍රයක් නිකුත් කරන්න.

ශ්‍රී ලංකාවේ අලෙවිකරනු ලබන පාන්වල මිල, බර හා ප්‍රමිතිය පිළිබදව පාරිභෝගිකයින්ට ගැටලුවක් තිබුණේ අද ඊයේ නොවේ. ඒ පිළිබදව පැමිණිලි රාශියක් පාරිභෝගික අධිකාරියට පසුගිය වසර කිහිපය පුරා අප ඇතුලු පාරිභෝගිකයින් රාශියක් කර තිබුණි. එහෙත් ඒ පිළිබදව පාරිභෝගික අධිකාරිය කිසිදු පියවරක් ගෙන නොතිබුනේ ඒ සදහා නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සදහා 2003 අංක 9 දරණ පාරිභෝගික කටයුතු අධිකාරි පනත මගින් විධිවිධාන සලසා නොමැතිවීම නිසාය.

එහෙත් පසුගිය සතියේ දී පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය රටපුරා බර අඩු පාන් සොයා මෙහෙයුම් කරන බව දන්වා කොළඔ ඇතුලු තදාසන්න ප්‍රදේශ කිහිපයක අදාල වැටලීම් කර නීතිය ක්‍රියාත්මක කල බව ඔවුන්ගේ සමාජ මාධ්‍යජාල හරහා පුලුල් ප්‍රචාරයක් දී තිබුණි.

2003 අංක 9 දරණ පාරිභෝගික කටයුතු අධිකාරි පනත මගින් හෝ වෙනත් කිසිම නීතියක් මගින් බර අඩු පාන් ලෙවි කරනු ලබන වෙළදසැල් හිමියන්ට එරෙහිව කටයුතු කිරීමට ප්‍රතිපාදනයක් මෙතෙක් පාරිභෝගික කටයුතු අධිකාරියට පවරා නොමැතිව තිබියදී වෙළද අමාත්‍යවරයා විසින  බර අඩු පාන් අලෙවි කරනු ලබන වෙළදසැල් හිමියන්ට එරෙහිව කැලෑ නීතිය ක්‍රියාත්මක කිරීමට පාරිභෝගික අධිකාරියට උපදෙස් දී ඇත.ඒ අනුව පාරිභෝගික කටයුතු අධිකාරියේ විමර්ශණ නිළධාරීන් වෙළදසැල් වෙත ගොස් 450ග්රෑම් පාන් ගෙඩියක් ඉල්ලා ඒම  පාන්වල බර කිරා බර අඩුනම් එම වෙළද සැලට එරෙහිව 2003 අංක 9 දරණ පාරිභෝගික කටයුතු අධිකාරි පනත ප්‍රකාරව  මිල ප්‍රදර්ශණය නොකිරිම හෝ වෙනත් වරදක් මත නඩු පැවැරීමට කටයුතු කරනු ලබයි.

මෙය කැලෑ නීතිය ක්‍රියාත්මක කිරීමක් වන අතර පාරිභෝගික කටයුතු අධිකාරියේ සභාපතිවරයා නීතීඥවරයෙකුව සිටියදී පවා මෙසේ කැලෑ නීතිය ක්‍රියාත්මක කිරීම පිළිබදව අප පුදුමයට පත්වන අතර එහි වැටලීම් අධ්‍යක්ෂකවරයාද මෙරට විශ්ව විද්‍යාලයක උපාධිධාරියෙකි.

පසුගිය කාලයේ දී පාරිභෝගික කටයුතු අධිකාරිය භාරව සිටින අමාත්‍යවරයා වන නලීන් ප්‍රනාන්දුට දූෂණ හා වංචා චෝදනා එල්ලව තිබියදී ඒවා යටපත් කිරීම සදහා මෙසේ කැලෑ නීතිය ක්‍රියාත්මක කරන බවට අප සංවිධානය සැක කරනු ලබන අතර හා පසුගිය මීට සතිදෙකකට ඉහතදී මෙරට ප්‍රධාන සත්ව ආහාර නිපදවන සමාගමක කෝටි 70 වකට අදාල සත්ව ආහාර සදහා භාවිතයට ගෙන තිබූ සහල් තොගයක් පාරිභෝගික කටයුතු අධිකාරියේ විමර්ශණ නිළධාරීන් විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබියදී එය නැවත අදාල පාර්ශවය වෙත නිදහස් කිරීමට පාරිභෝගික අධිකාරිය අධිකරණය වෙත කරුණු දක්වා තිබුණි.(අප විසින් ඒ පිළිබදව අල්ලස් හෝ දූෂණ විමර්ශණ කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට කටයුතු සූදානම්කර ඇත)

පාරිභෝගිකයින් හැටියට අප ඉල්ලා සිටින්නේ පාන් ගෙඩියක උපරිම සිල්ලර මිල,බර හා ප්‍රමිතිය පිළිබදව සදහන් කොට ගැසට් පත්‍රයක් නිකුත් කිරීමට කටයුතු කරන ලෙසයි. එසේ කිරීමට බලයක් පාරිභෝගික කටයුතු අධිකාරිය වෙත ඇත. එසේ ගැසට්පත්‍ර නිකුත් කිරීම පසෙකලා පාරිභෝගිකයින් හා වෙළෙන්දන් අපහසුතාවයට පත්කරමින් වෙළද ඇමතිවරයා හා පාරිභෝගික කටයුතු අධිකාරිය මාධ්‍ය සංදර්ශණ නියලීම වහාම නැවැත්විය යුතුව ඇත.

මීට විශ්වාසී,

රංජිත් විතානගේ – සභාපති

පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අත්අඩංගුවට ගත් කොළඹ දිසාව භාර DIG රක්ෂිත බන්ධනාගාරයට

සටහන - රුවන් නෙළුගොල්ල නිධන් හෑරීමට ආධාර අනුබල දීමේ චෝදනාවක්...

Celebrity Buzz: කින්ග් ඛාන් පවුලට මෙන්ම බොලිවුඩයට නව සන්ධිස්ථානයක් එක් කළ ආර්යන් ඛාන් ගේ “The Ba**ds of Bollywood”!

සෑම සඳුදා දිනකම “Celebrity Buzz” තුළින් ඔබට සෙලිබ්‍රිටි ගොසිප්ස්,...

මේ වසරේ ආරම්භ කළ ව්‍යාපෘති මේ වසරේදීම නිශ්චිත ඉලක්ක කරා මෙහෙය වන්න – ජනපති

නාගරික සංවර්ධන ඉදිකිරීම් සහ නිවාස අමාත්‍යාංශයට 2025 වසරේ වෙන්...

ජාතික කනිෂ්ඨ ස්කොෂ් ශූරතාව මතීෂ විජේසේකරට සහ නෙත්මි වික්‍රමසිංහට

නිශ්මං රණසිංහ අගෝස්තු 25, කොළඹ LNW: ශ්‍රී ලංකා ස්කොෂ් සම්මේලනය විසින්...