ඇමරිකාවේ ශාන්ත ලුවී උසස් පාසලෙහි වෙඬි තැබීමකින් සැකකරු ඇතුළු තිදෙනෙක් මරුට !

Date:

ඉකුත් ඔක්තෝම්බර් 24 වන (සඳුදා) දින එක්සත් ජනපදයේ මිසූරි ප්‍රාන්තයේ ශාන්ත ලුවී හි උසස් පාසලක 19 හැවිරිදි තුවක්කුකරුවෙකු විසින් වෙඩිප්‍රහාරයක් දියත් කරන ලදී. ඔහුගේ වෙඩි පහරින් දෙදෙනෙකු මිය ගොස් තවත් හත් දෙනෙකුට තුවාල සිදු ව ඇත. එම හේතුවෙන් පොලිස් නිලධාරීන් විසින්සැකකරුට වෙඩි තැබීමක් සිදුකල බව නගරයේ පොලිස් කොමසාරිස්වරයා පැවසීය.

තුවක්කු ප්‍රචණ්ඩත්වයකට තරම් කිසිදු ක්ෂණික චේතනාවක් මෙහිදී පෙනෙන්නට නැති නමුත්, ප්‍රහාරකයා මානසික රෝගයකින් පෙළෙන්නට ඇතැයි’ විශ්වාසකරන බවට ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පොලිස් කොමසාරිස් මයික් සැක් වැඩිදුරටත් අවධාරණය කර සිටියේ ය.

පොලිසිය එම ස්ථානයට පැමිණීමත් සමඟ මධ්‍යම දෘශ්‍ය හා රංග කලා උසස් පාසලෙන් පලා යන සිසුන් වෙඩික්කරු රයිෆලයක් සන්නද්ධව සිටි බවටනිලධාරීන්ට පැවසා ඇත.

සැකකරු 19 හැවිරිදි ඔර්ලන්ඩෝ හැරිස් ලෙස හඳුනාගෙන ඇත. ඔහු පසුගිය වසරේ උසස් පාසලෙන් උපාධිය ලබා ඇති අතර පෙර අපරාධ ඉතිහාසයක්නොතිබූ බව’ සැක් වාර්තාකරුවන්ට පැවසීය.

මෙහි දී මියගිය අයවලුන් අතර 61 හැවිරිදි ගුරුවරියක් සහ 16 හැවිරිදි ගැහැණු ළමයෙක් විය. වෙඩි ප්‍රහාරයන් සියසින් දැකගත් අය සහ අනෙකුත් පිරිසකම්පනයට පත්ව ඇති බවට එරට මාධ්‍ය වාර්තා කරයි.


ඡායාරූප; අන්තර්ජාලය
නිපුනි ලියනගේ_OBT

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්ට එරෙහිව තීනියාවල පාලිත හිමි ගොනු කළ මූලික අයිතිවාසිකම් නඩුව ඉවතට!

හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්ට එරෙහිව තීනියාවල පාලිත හිමි ගොනු කළ මූලික අයිතිවාසිකම් නඩුව ඉවතට!

විපක්ෂ මන්ත්‍රී රසමානික්කම්ගෙන් විපක්ෂයට විරෝධය – නම් කියලම කියයි

කොළඹ LNW:ත්‍රීකුණාමලය ශ්‍රී සම්බුද්ධජයන්ති බෝධිරාජ විහාරය සම්බන්ධයෙන් මතු වූ...

හක්මන සමූපකාර ඡන්දයෙනුත් මාලිමාව උඩින්ම පරදී !

හක්මන විවිධ සේවා සමූපාකාර සමිතියේ නිලවරණයෙන් ද ජාතික ජන...