ප්‍රමිතියෙන් තොර ආනයනික පාන් පිටි සම්බන්ධයෙන් පැමිණිලි කිරීමට සිවිල් සංවිධාන නියෝජිතයින් පිරිසක් අද ප්‍රමිති ආයතනය වෙත ගිය අතර එහිදී අනාවරණය වුණේ ආනයනික සහල් සහ පාන් පිටි සම්බන්ධයෙන් සොයා බැලීමට ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය වෙත බලයක් නොමැති බවයි.
මෙම සිවිල් සංවිධාන නියෝජිතයින් ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය වෙත වෙළෙඳපොළෙන් මිලදී ගත් පාන් පිටි රැගෙන ගොස් තිබුණි.
ඒවායෙහි ගුල්ලන් සහ පනුවන් සිටින ආකාරයද ඔවුන් මාධ්‍ය වෙතද පෙන්වාදෙන ලදී.
එම අවස්ථාවේ දී ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් මහතා ප්‍රමිති ආයතනයේ නිලධාරීන් සමඟ වූ සාකච්ජාව සම්බන්ධයෙන් මාධ්‍ය වෙත කරුණු දැක්වීමක් කළේය.
ASK