මලල ක්‍රීඩා කණිෂ්ඨයන්ට කුවේට් දේශයෙන් මිරිවැඩි

Date:

කුවේට් හී පැවති සිව්වන ආසියාතික අවුරුදු 18 න් පහළ මලල ක්‍රීඩා සූරතාවලිය නියෝජනය කළ ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට කුවේට් හි සිටින ශ්‍රී ලාංකිකයන්ට සහයෝගය දැක්වීමට නොහැකි වීම ගැන එම පිරිස් අන්තර්ජාලය ඔස්සේ ශ්‍රී ලංකාවේ ක්‍රීඩා බලධාරීන්ට දොස් පවරමින් ඇත.ඊට හේතුව ලෙස ඔවුන් දක්වන්නේ නිල වශයෙන් මෙවැනි කණ්ඩායමක් පැමිණෙන බව කුවේට් හී ශ්‍රී ලංකා තානාපති කාරියාලයට දැණුම් දී නොමැති බව එම කාර්යාලයේ දැනගත් බව කියන මේ පිරිස් එසේ විරෝධය දක්වා සිටින අතර මේ සංචාරයට පෙර සිටම LNW ප්‍රවෘත්ති පළ කිරීමෙන් නොනැවතී කුවේටි හි සිටින දන්නා පිරිස් වෙත මෙම ණ්ඩායම පැමිණෙන බව දැණුම් දුන්නේය.

අනතුරුව කණ්ඩායම් කළමණාකරු හිටපු සබරගමුව පළාත් ක්‍රීඩා අධ්‍යක්ෂ පාලිත ජයතිලක සහ පුහුණුකරු ක්‍රිෂාන්ත කුමාර හා සමිබන්ධ වෙමින් ක්‍රීඩකයින් නවාතැන් ගෙන සිටින ස්ථාන පවා දැණුම් දුන්නත්,ශ්‍රී ලංකා කණ්ඩායමට මාර්ගගත ක්‍රමයට ඔවුන් හා සම්බන්ධ වීමට ක්‍රමයක් නොවිණි.ක්‍රීඩා පිටියට පිවිසි පසු එම පහසුකම් නැති බැවින් මේ තත්ත්වය උද්ගත වූ අතර කුවේටී හී සමාජ සේවා කටයුතු සමඟ සම්බන්ධ ලාංකිකයෙක් වන නිශාන්ත මහවැවත්,කුවේට් ජාතික ක්‍රිකට් කණ්ඩායමේ නායක ශ්‍රී ලාංකිකයෙක් වන එම්.එම්.අස්ලාම් ද එසේ ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කන්ඩායම සමඟ සම්බන්ධ වීමට කිහිප විටක්ම උත්සාහ ගෙන තිබිණ.

එසේම ශ්‍රී ලංකා කණ්ඩායම ලංකාවට පැමිණ පසු අප සමඟ සම්බන්ධ වෙමින් ජගත් චන්දන මහතා ද පැවසුවේ මීට වඩා ශ්‍රී ලංකාවේ විද්‍යුත් මාධය හෝ මේ ගැන උනන්දු වූවේනම් තමන්ට මේ දරුවන් හා එක්වීමට තිබුණ බවයි.අවසාන මොහොතේදී චන්දන ඇතුළු පිරිසක් ගුවන් තොටුපළට පැමිණි රිදී පදක්කම් තුනක් සහ ලෝකඩ පදක්කම් දෙකක් රැගෙන ශ්‍රී ලංකාවට පැමිණෙන කණ්ඩායමට සිය සතුට හැකි පමණින් ප්‍රකාශ කළ බව පැවසීය.

එසේම කණ්ඩායම් පුහුණුකරු කුමාර සහ කළමණාකරු පාලිතයන් ඒ සඳහා සිය ස්තූතිය පළ කරන අතරේම තමන් ක්‍රීඩා පිටියට රැඟෙන යාමේ ප්‍රවාහන කටයුත්ත ඉටු කිරීමට පැමිණි ශ්‍රී ලාංකිකයන් සිව් දෙනා දැක් වූ සහයෝගය ද ඉතා ඉහළින් අගය කළේය.මේ අතර නිශාන්ත මහවැව අප සමඟ ප්‍රකාශ කළේ මොණරාගල,ගම්පොළ වැනි දුෂ්කර ප්‍රදේශවලින් පැමිණ දස්කම් දැක් වූ පිරිසිට මෙන්ම සමස්ත කණ්ඩායමටම උපකාර කිරීමට පමා වී හෝ මැදිහත් වන ලෙස ය.ඒ අනුව මේ වන විට අප එම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ පාවහන් වල දත්ත නිශාන්ත මහවැවට යොමු කර ඇත.ජගත් චන්දන එවැනි වැඩකදී සහය විය හැකි බව දන්වා ඇති අතර අප ඔහුටත්,කුවේට් ක්‍රිකට් කණ්ඩායම් නායක අස්ලාම්ටත් නිශාන්තගේ දුරකතන අංකය පෞද්ගලිකව යොමු කර ඇත.
කුවේට් හි සිටින තවත් ලාංකිකයන්ට ද ඒ සඳහා දායක විය හැකි අතර ඒ සඳහා +965 6517 3884 දුරකතන අංකය ඔස්සේ ඔබට ද නිශාන්ත සමඟ සම්බන්ධ විය හැකිය.

RM

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මං හිතන්නෙ එතුමාට උසාවි යන්න නම් බැරිවෙයි – රනිල් බලන්න ගිය මරික්කාර් කියපු කතාව

සටහන - රුවන් නෙළුගොල්ල රනිල් වික්‍රමසිංහ මහතාගේ සෞඛ්‍ය තත්වය අනුව...

අත්අඩංගුවට ගත් කොළඹ දිසාව භාර DIG රක්ෂිත බන්ධනාගාරයට

සටහන - රුවන් නෙළුගොල්ල නිධන් හෑරීමට ආධාර අනුබල දීමේ චෝදනාවක්...

Celebrity Buzz: කින්ග් ඛාන් පවුලට මෙන්ම බොලිවුඩයට නව සන්ධිස්ථානයක් එක් කළ ආර්යන් ඛාන් ගේ “The Ba**ds of Bollywood”!

සෑම සඳුදා දිනකම “Celebrity Buzz” තුළින් ඔබට සෙලිබ්‍රිටි ගොසිප්ස්,...

මේ වසරේ ආරම්භ කළ ව්‍යාපෘති මේ වසරේදීම නිශ්චිත ඉලක්ක කරා මෙහෙය වන්න – ජනපති

නාගරික සංවර්ධන ඉදිකිරීම් සහ නිවාස අමාත්‍යාංශයට 2025 වසරේ වෙන්...