පස් කන්දක් කඩා වැටී තලවකැලේ – පුඩළුඔය මාර්ගය සම්පුර්ණයෙන් වැසේ

Date:

තලවකැලේ – පුඩළුඔය මාර්ගයට තලවකැලේ, හොලිරූඩ් ප්‍රදේශයේදී විශාල පස් කන්දක් අද (25) සවස කඩා වැටීමෙන් එම මාර්ගය සම්පුර්ණයෙන්ම අවහිර වී  ඇතැයි තලවකැලේ පොලීසිය පවසයි.

දින කීපයක් පුරා පවතින දැඩි වර්ෂා තත්ත්වය හේතුවෙන් මාර්ගයට මෙසේ විශාල පස් කන්දක් පතිතව ඇති අතර, මේ හේතුවෙන් එම මාර්ගයේ රථ වාහන ගමනාගමනය සම්පුර්ණයෙන් ඇණහිට තිබේ.

මේ හේතුවෙන් තලවකැලේ- පුඩළුඔය මාර්ගය භාවිතා කරනු ලබන රථ වාහන   රියදුරන් ඒ වෙනුවට  වෙනත් විකල්ප මාර්ග භාවිතා කරන ලෙස පොලීසිය ඉල්ලා සිටී.

මෙම නායයාම සිදු වු ස්ථානයට පහල ප්‍රදේශයේ නිවසක් මතට පස් කන්දක් කඩා වැටීමෙන් එම නිවසේ කොටසක් හානියට ලක්ව තිබේ.

තලවකැලේ හා ඒ අවට ප්‍රදේශවල පවතින දැඩි වර්ෂාව හේතුවෙන් මාර්ග රැසකට පස් කදු කඩා වැටී පවතින අතර, එම මාර්ගවල රථ වාහන ධාවනය එක් මන්ත්‍රීරුවකට සීමා වි තිබේ. 

ක්‍රිෂාන්තන් 

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වැසි තත්වයේ වෙනසක් – අද (06) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (පෙබරවාරි 06) දිනයේදී නැගෙනහිර, ඌව...

මෝදර තට්ටු නිවාස සංකීර්ණයක බදාම කොටසක් කඩා වැටීමෙන් 7 හැවිරිදි දරුවකු මරුට !

සටහන - රුවන් නෙළුගොල්ල කොළඹ, මෝදර, මාදම්පිටිය ප්‍රදේශයේ පිහිටි හෙළමුතු...

විගණකාධිපතිනිය කථානායක ජගත් හමුවේ රහස්‍යතාව පිළිබඳ දිවුරුම ලබාදෙයි

සටහන - රුවන් නෙළුගොල්ල නව විගණකාධිපති ලෙසින් තේරී පත්වූ සමුදිකා...