ආසියාවේ බැඩිම්න්ටන් ජ්‍යෙෂ්ඨයන්ට ශ්‍රී ලංකාව හරහා වියට්නාමයට පාරක්

Date:

වියට්නාමයේ පැවත්වෙන ජ්‍යෙෂ්ඨ ආසියානු බැඩ්මින්ටන් සූරතාවලිය සඳහා අයදුම්පත් ඉදිරිපත් කිරීම සඳහා ශ්‍රී ලංකා බැඩිමින්ටන් සම්මේලනය හරහා ද පහසුකම් සළස්වා ඇත.වියට්නාමයේ ඩැනන්ග් හී පැවත්වෙන මෙම තරගාවලිය දෙසැම්බර් මස 12 – 17 දක්වා පැවත්වීමට කටයුතු සූදානම් කර ඇත.සහභාගීත්වය සඳහා ඉල්ලුම්පත් ඉදිරිපත් කිරීමේ අවසාන දිනය නොවැම්බර් 07 දා බව ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගමය දන්වා සිටියි.

ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩක ක්‍රිඩිකාවන්ට මේ තරගය සඳහා අයදුම් පත් ඉදිරිපත් කිරීමට හැකියාව ඇති අතර අවරුදු 40 න් ඉහළ,45 න් ඉහළ,50 න් ඉහළ,55න් ඉහළ,60න් ඉහළ සහ 65 න් ඉහළ ලෙස වයස් කාණ්ඩ අනුව සකස් වූ,ජ්‍යෙෂ්ඨ ක්‍රීඩක ක්‍රිඩිකාවන් සඳහා වෙන් වූ කේවල,යුගල සහ මිශ්‍ර යුගල ලෙස තරග පැවත්වේ.
සයිළුම වයස් කාණ්ඩ පිළිබඳ විස්තර.ඇතුළත්වීමේ ගාස්තු,සිට වීසා ඉල්ලුම්පත්‍රය දක්වා තරගාවලියට සහභාගි වන ජ්‍යෙෂ්ඨ ක්‍රීඩක ක්‍රිඩිකාවන්ට ලබා ගැනීමට හැකිවන සේ ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගමය සකස් කර ඇති සියලු තොරතුරුවලට පහතින් පිවිසීමට හැකියාව ඇත.
https://srilankabadminton.lk/tournament/badminton-asia-senior-open-2023/

මෙම තරගාවලිය සංවිධානයේ දී මූලිකත්වය ගෙන කටයුතු කරන්නේ ඩැනන්ග් හී ක්‍රිඩා සහ සංස්කෘතික දෙපාර්තමේන්තුව වන අතර ඩැනන්ග් හී ටියෙන් සන් ක්‍රීඩා සංකීරණයේදී තරගාවලිය පැවත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇත.

සටහන – නිෂ්මං රණසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මිනිසුන් කුපිත කරවන කාදිනල්තුමාගේ බොරු සමාජ සදාචාරත්වයට තර්ජනයක්

මිනිසුන් කුපිත කරවන කාදිනල්තුමාගේ බොරු කතා සමාජ සදාචාරත්වයට තර්ජනයක්

ශ්‍රී ලංකා 19 න් පහළ කණ්ඩායමට එක්දින තරග 7 ක්

නිශ්මං රණසිංහ අගෝස්තු 15, කොළඹ LNW: ශ්‍රී ලංකා අවුරුදු 19 න්...

ජනපති හමු වූ අභිනව පොලිස්පති!

රෂිකා හෙන්නායක අගෝස්තු 15 කොලඹ LNW: අද (15) පස්වරුවේ ජනාධිපති...

පලස්තීනයේ නිදහස වෙනුවෙන් අදත් කොළඹදී විරෝධතාවක්!

කොළඹ LNW: පලස්තීනයේ නිදහස වෙනුවෙන් අදත් (15) කොළඹදී විරෝධතාවක්...