අමෙරිකානු තානාපති මහින්ද හරහා මෙක්සිකෝව සමඟ නිළ සබඳතා ඇතිවේ…!

Date:

අශෝක ජයතුංග
වොෂින්ටන් නුවර

වසර 10 ක් පුරා මෙක්සිකෝව සමග නිළ සබඳතා ඇති කරගැනීමට ශ්‍රී ලංකාව ගත් උත්සාහය ශ්‍රී ලංකා ඇමෙරිකානු තානාපති මහින්ද සමරසිංහ මහතාගේ මැදිහත්වීමෙන් මල්ළුල දරා තිබේ. දෙරටේ විදේශ අමාත්‍යාංශ ද ඒ සදහා දායකත්වය ලබාදී තිබේ.

ඒ අනුව තානාපති මහින්ද සමරසිංහ මහතා ප්‍රමුඛ තානාපති දූත පිරිස පසුගියදා මෙක්සිකෝවේ නිළ සංචාරයක යෙදිණ.

කොම්සෙ ප්‍රධානියා සමඟ

එහිදී තානාපති මහින්ද හා එරට ජේෂ්ඨ නි. විදේශ ඇමති කාමන් ටොරෙනෝ ටොස්කාමන් මහතා අතර නිළ ගිවිසුමට අත්සන් තැබිණ. එම ගිවිසුම හරහා දෙරට අතර දේශපාලන , සමාජයීය, සංස්කෘතික, ආර්ථික, ආනයන අපනයන, සංචාරක ,මානව හිමිකම් ඇතුළු කරුණු රැසකට අදාළව කටයුතු කිරීමේ නිළ එකගතා වලට අවශ්‍ය ශක්තිමත් ව්‍යුහයක් ඇති කෙරිණ.

තානාපතිවරයා හා නි. ඇමති අතර වූ පැයකට අධික සාකච්ඡාවේදී දෙරට අතර නිළ සාකච්ඡා මුල් වටය කොළඹදී පැවැත්වීමට එකඟතාව පළවිය. දෙරට අතර සියලු ක්ෂේත්‍ර වල සහයෝගීතාව හා ජාත්‍යන්තර පසුබිම හා ගැටලු ගැන එහිදී දෙරටේ නිළ ස්ථාවර පිළිබඳ කතාබහ වී තිබේ.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

6 ශ්‍රේණිය මොඩියුල අවුල : NIE අධ්යක්ෂ ජනරාල්වරිය තාවකාලිකව ඉල්ලා අස්වෙයි

ජාතික අධ්‍යාපන ආයතනයේ (NIE) අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය මංජුලා විතානපතිරණ...

පහළ වායුගෝලයේ කැළඹිලි ස්වභාවයක් – අද (02) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකාවට නැගෙනහිර දෙසින් පහළ වායුගෝලයේ...

ලාෆ්ස් ගෑස් මිල ඉහළට

සටහන - රුවන් නෙළුගොල්ල 2026 ජනවාරි 01 වනදා සිට ක්‍රියාත්මක...

වසරේ පළමු දවසේම වෙඩිතැබීමක් – එක් අයෙකු මරුට. දෙදෙනෙකු රෝහලට !

සටහන - රුවන් නෙළුගොල්ල නවගමුව, කොරතොට මැණිකාගාර පාර ප්‍රදේශයේදී ඊයේ...