*
Saturday, April 27, 2024
spot_img

Latest Posts

මානුෂීය විරාමයට කාලයයි !

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): සටන් විරාමයක් සඳහා ප්‍රසිද්ධියේ පෙනී නොසිටිමින් , එක්සත් ජනපදය, ඕස්ට්‍රේලියාව සහ කැනඩාව වැනි රටවල් මානුෂීය විරාමයන් ඉල්ලා සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

කැනේඩියානු ආරක්ෂක අමාත්‍ය Bill Blair පවසා ඇත්තේ, ත්‍රස්තවාදී සංවිධානයක් ජාත්‍යන්තර නීතියට හෝ සටන් විරාමයක් සඳහා වන ඕනෑම ඉල්ලීමකට ගරු කරනු ඇතැයි අපේක්ෂා නොකරන බවයි.

ඔහු පවසා ඇත්තේ, හමාස් ඊශ්‍රායලයට පමණක් නොව ලෝකයට තර්ජනයක් වන බැවින් ඔවුන් තුරන් කළ යුතු බවයි. මීට පෙර ධවල මන්දිරයේ සහ එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තු ඉහළ නිලධාරීන් ද කියා සිටියේ ඊශ්‍රායලය සහ හමාස් අතර සටන් විරාමයක් සඳහා දැන් සුදුසු කාලය නොවන බවයි.

GAZA CITY, GAZA – OCTOBER 18: A view of the surroundings of Al-Ahli Baptist Hospital after it was hit in Gaza City, Gaza on October 18, 2023. Over 500 people were killed on Al-Ahli Baptist Hospital in Gaza on Tuesday, Health Ministry spokesman Ashraf al-Qudra told. According to the Palestinian authorities, Israeli army is responsible for the deadly bombing. (Photo by Ali Jadallah/Anadolu via Getty Images)

ගාසා තීරයේ සිදුවන ජාත්‍යන්තර මානුෂීය නීතියේ පැහැදිලි උල්ලංඝනයන් පිළිබඳව තමා දැඩි කණස්සල්ලට පත්ව සිටින බව එක්සත් ජාතීන්ගේ ප්‍රධානී Antonio Guterres පවසන අතර ,සිවිල් වැසියන් මිනිස් පලිහක් ලෙස භාවිතා කිරීම සහ ඉවත් කිරීමේ නියෝගයකින් පසුවත් දකුණු ගාසා තීරයට බෝම්බ හෙලීමද ඔහු විසින් හෙළා දැක තිබෙන බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

NEW YORK – NEW YORK – SEPTEMBER 13: United Nations Secretary General Antonio Guterres attends a press conference at United Nations headquarters on September 13, 2023 in New York. (Photo by Eduardo Munoz Alvarez/VIEWpress/Getty Images)

එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් පවසන්නේ, තවත් ආධාර ට්‍රක් රථ අටක් ගාසා තීරයට ඇතුළු වූ නමුත් ආධාර ප්‍රමාණවත් තරම් නොලැබෙන බවයි.

හමාස් සංවිධානය විසින් පැහැරගත් ප්‍රාණ ඇපකරුවන් 200 කට වැඩි පිරිසක් තවදුරටත් ගාසා තීරයේ දිගටම රඳවා සිටින අතර මේ වන විට සිව් දෙනෙකු නිදහස් කර ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

ඔක්තෝබර් 7 වනදා සිට 5,800කට ආසන්න පිරිසක් මිය ගොස් ඇති බව හමාස් පාලනය කරන සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. තවද, හමාස් තුවක්කුකරුවන් විසින් ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරවලින් 1,400 කට වැඩි පිරිසක් මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය තොරතුරු සපයයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan