පකිස්තානයේ මහත්මාකමත් පරාජයට පත් කරමින් ශ්‍රී ලංකාව අවසාන තරගයට

Date:

සටහන – නිශ්මං රණසිංහ
ඔක්තෝබර් 26 ,(LNW) කොළඹ :

ආසියානු නැඟී එන කණ්ඩායම් අතර තරගයේ අවසාන තරගය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම සුදුසුකම් ලබා ගත්තා.අවසාන පූර්ව තරගයේදී ඔවුන්ගේ ප්‍රතිවාදියා වූ පකිස්තානයට එරෙහිව ක්‍රීඩාවේ සෑම අංශයකින්ම පෙරමුණේ සිටින්නට ශ්‍රී ලංකාව සමත් වුණා.පකිස්තානය ජයග්‍රහණය සඳහා ක්‍රීඩාවේ මහත්මා නොවුණු ක්‍රියාවන් පවා යොදා ගත්ත ද,අවසානයේ සිඳු වුණේ ගෞරවණීය ක්‍රීඩාවක යෙදීමද රහිතව පරාජය ලබන්නටයි.


පකිස්තානය තරගයේ කාසියේ වාසිය ලබමින් පළමුව පන්දුවට තීරණය කරා.එම තීරණයට සාධාරනයක් ඉටු කරන්නට සමත් වුණේ පකිස්තානයේ ආරම්භක පිතිකරු ඔමේර් යුසුෆ් පමණයි.ඔහු ලකුණු 68 ක් රැස් කළා.තරගාවලියේ තෙවන වරටත් තරගයේ වීරයා වන්නට සුදුසු පන්දු යැවීමක නිරත වුණ දුශාන් හේමන්ත ලකුණු 21 ක ට කඩුලු 4 ක් දවා ගත්තා.තරගාවලියේ තීරණාත්මක මොහොතවල් වල දී සිය වේගයෙන් සාධාරණය ඉටු කළ එෂාන් මාලිංග ලකුණු 28 ට කඩුලු 2ක් දවා ගත් අතර නිපුන් රන්සික ලකුණු 21 ට කඩුලු 2 ක් දවා ගැනීමට සමත් වුණා.පකිස්තානයට පන්දු ඕවර් 20 අවසාන වන විට ලබා ගැනීමට හැකි වූයේ කඩුලු 9 ට ලකුණු 135 ක් පමණයි.


පිළිතුරු ඉණිමට පිවිසි ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවන් දෙදෙනා අනුකම්පා විරහිත ප්‍රහාරයකට සූදානම් වෙමින් සිටියා.මේ මොහොතේ ලහිරු උදාර එල්ල කළ පහරක් ලකුණු තුනක් බවට පත් කිරීම සඳහා දුවමින් සිටියදී පන්දු රකින්නා කඩුලු රකින්නා වෙත යොමු කරන පන්දුව යශෝධ ලංකාගේ සිරුරේ දැවටුණා.එම පන්දුව හිතා මතා සිරුරේ දවටා ගත් බවට සාක්ෂියක් නැහැ.එහෙත් ඔහු එම පන්දුව වැදීම වළක්වා ගැනීමට විශේෂ උත්සාහයක් නොගැනීම නිසාදෝ පන්දු රැකීමට බාධා කළා යන තීරණයෙන් දැවී යාමක් ලබා දෙනවා.නීතියට අනුව එහි වරදක් නොවිය හැකියි.විනිසුරුට තීරණය කළ හැකියි.එහෙත් රූපරාමුවලට අනුව සිතා මතා කරන බාධාවක් නොවන බව පෙනෙන්නට තිබියදී පකිස්තානය එම අශෝභන ඉල්ලීමෙන් ශ්‍රී ලංකාව තමන්ව පරාජය කිරීම වළක්වාගන්න උත්සාහ කළා.


අවසානයේ සිඳු වූයේ පකිස්තානයට පිතිකරු නාමාවලියේ උසස් වීමක් ලැබ යශෝධාගේ හිස් තැන පුරවන්නට අංක 3 ට පැමිණි අහාන් වික්‍රමසිංහගේ ජයග්‍රාහී ඉණිම දෙස බලා සිටින්නටයි.යශෝධා සිටියානම් හොඳයි වැනි හැඟීමක් පකිස්තානයට ඇති වෙන ආකාරයේ පිතිහරඹයක නියැලි අහාන් පකිස්තානු පන්දු යවන්නන්ට සිත් පිත් නැති ප්‍රහාරයක් එල්ල කරමින් පන්දු 20් කින් ලකුණු 43 ක් ලැබූ ලහිරු උදාර සමඟ ලකුණු 64 ක සබදතාවයක් දෙවන කඩුල්ලට ඇති කරන්නට සමත් වුණා.ලහිරුගේ දැවී යාමෙන් පසුව පිටියට පිවිසි නායක නුවනිඳු අසාර්ථක වුව ද,අහාන් පන්දු 46 න් නොදැවී ලකුණු 52 ක් ලබා 17 වන පන්දු ඕවරයේ තෙවන පන්දුවේදී ශ්‍රී ලංකා ලකුණු පූවරුව කඩුලු 3 ට ලකුණු 137 ක් බවට පත් කළා.සහන් ආරච්චිගේ නොදැවී ලකුණු 17 ක් එකතු කරා.
ලකුණු පූවරුව – https://es.pn/4dXJSbb

http://www.sportwaynews.com

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

RMV හිටපු ලොක්කෙක් ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට!

කොළඹ LNW:මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු කොමසාරිස් ජනරාල්වරයෙකු වන...

විපක්ෂයේ බිල්ලන්ට සොරිම තමයි. කන්ටේනර් සිද්ධිය ගැන ජනාධිපතිතුමා තීරණයක් ගනී – බිමල්

කොළඹ LNW:ආන්දෝලනයට තුඩු දුන් බහාලුම් නිදහස් කිරීමේ සිද්ධියට අදාළව...

“Squid Game- season 3” ත්‍රාසජනක ගේමෙහි අවසානය!

සටහන – පුලී ජූලි 01, කොළඹ (LNW): ජුනි 27 වන...

හිටපු ආගමන විගමන පාලක වරද පිළිගනී. දඬුවම් නියම කිරීමට දින දෙයි !

සටහන - රුවන් නෙළුගොල්ල විද්‍යුත් වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලිය විදේශීය...