අද වැසි ඇති වන ප්‍රදේශ – 10/26 කාලගුණය

Date:

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 26,කොළඹ (LNW):

අද දිනයේ බස්නාහිර, සබරගමුව, වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඇතැම් ස්ථානවලට මි.මී. 75 ට වැඩි තරමක් තද වැසි ඇතිවිය හැකි බවත් , දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවත් වාර්තා වේ.

උතුරු, උතුරුමැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. (40-45) ක පමණ තද සුළං ඇතිවිය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලියෝ පාප් වහන්සේගේ නත්තල් දින පණිවිඩය

සටහන: සශිකලා මධුෂාණි දෙසැම්බර් 25: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: මෙවර නත්තල්...

කොළඹට නත්තල්! (PHOTOS)

කොළඹ LNW: ලොව පුරා උත්සවශ්‍රීයෙන් සමරන උදා වූ නත්තල...

අද සිට වෙනස් වන සුරාබදු දෙපාර්තමේන්තුව!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 25, කොළඹ LNW : අද (24) ...