*
Saturday, October 26, 2024
spot_img

Latest Posts

වාසනාවන්ත මිනිස්සු

සටහන – නිශ්මං රණසිංහ
ඔක්තෝබර් 26,(LNW) කොළඹ :

ශ්‍රී ලංකාවේ මේ වන විට නෙට්බෝල් පරිපාලනයක් නැත.නමුත් අවසාන වරට පැවති පරිපාලනයේ සභාපතිණිය වූ ලක්ෂ්මි වික්ටෝරියා ආසියානු සභාපතිවරිය වන්නේය.එවිට ආසියානු තරගාවලියක ප්‍රධානම පිළිගැනීම හිමිවන චරිතය ඇයය.ඒ වෙනුවෙන් ඇයට හිමිවන වරප්‍රසාද ගැන මෙන්ම ඇය ලාංකික වීම නිසා රටට ලැබෙන ගෞරවය ගැන අපට විරෝධයක් නැත.


එහෙත් ඇය ශ්‍රී ලංකාව නියෝජනය කරමින් තමන්ගේ යටතේ පැවති පරිපාලනය විසුරුවා එය රටේ ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා යටතේ පවතිද්දි පෙනී සිටින්නේ කෙසේද යන්න සිතා ගන්නට නොහැකිය.ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ මාල දිවයින තරගයට ඇය පිවිසෙන අයුරු,ශ්‍රී ලංකා කණ්ඩායමේ නිල ඇඳුම ඇඳගෙන පෙනී සිටින අයුරු සහ ඇය මේ පහසුකම් ශ්‍රී ලංකාවෙන් ලැබීම කෙතරම් යුක්ති සහගතද යන්න ක්‍රීඩා අමාත්‍යංශය තීරණය කළ යුතුය.


පැවති පරිපාලනය නිලවරණය නිවැරදිව පැවත්වීමට කටයුතු නොකිරීම යන්න වරදක්නම්,එම වරද නිසා මේ වන විට නෙට්බෝල් පරිපාලනය වන්නේ ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා යටතේ නම් මේ සහභාගීත්වය ගැන ක්‍රීඩා අමාත්‍යංශය පැත්තෙන් විමසා බැලිය යුතුය.ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා පවසන්නේ නිල කළමණාකාරු ලෙස පද්මිණී හොරණගේ පමණක් කණ්ඩායමට නම් කර තිබෙන බවය.ඇය ද පැවති පරිපාලනය හා සම්බන්ධ නිසා සදාචාරාත්මක නැත.එහෙත් ඇයට එවැනි වගකීමක් දීමට ක්‍රීඩා බලධාරීන් කටයුතු කර තිබෙන නිසා ඇය එහි සිටීම වරදක් නැත.


එහෙත් පැවති පරිපාලනය විසුරුවා තිබුණත්, ශ්‍රී ලංකාව වෙනුවෙන් විසුරුවා ඇති පරිපාලනයේ සභාපතිණියට පෙනී සිටීමට කිසිඳු බාධාවක් නැතුව හැකි වී තිබීම ලංකාවේ ක්‍රීඩා පරිපාලකයන්ගේ තරම මෙන්ම එවැනි පෙනී සිටීමක් කිසිඳු තැකීමකින් තොරව ලෝකය ඉදිරියේ කරන්නට තරම් වාසනාවක් ඇති මිනිසුන්ගේ හැකියාවය.ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව පසුගිය කාලය පුරාම මේ ආකාරයට කුමන හෝ සංගමයක් නිසි පරිිදි වැඩ කටයුතු නොකිරීම නිසා විසුරුවා හැරිය පසු ඒවා නියෝජනය කළ චරිතවලට ඒ ක්‍රීඩාවන් තුළ යම් යම් බලයන් පවරා අගතියට පත් පාර්ශව තව තවත් අගතියට පත් කිරිම විලාසිතාවක් සේ ක්‍රියාත්මක කරමින් ක්‍රීඩා නීතියට අනුව ඉවත් කරන පිරිසට තව දුරටත් ක්‍රීඩාවේ වගකීම් දරන්නට වාසනාව උදා කර දී ඇත.

http://www.sportwaynews.com

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan