*
Saturday, October 26, 2024
spot_img

Latest Posts

ශ්‍රී ලංකාවට බොහෝ දේ සිතන්න ඇති තරගාවලියක අවසාන පූර්ව තරගයට හොංකොං සමඟ

සටහන – නිශ්මං රණසිංහ
ඔක්තෝබර් 26,(LNW) කොළඹ :

ආසියානු කුසලානය දිනූ වාර ගණන පසෙකින් තබා සැළකිල්ලට ගත් විට ද,ආසියාවේ සිටින විශිෂ්ඨතම නෙට්බෝල් ජාතිය ශ්‍රී ලංකාවයි.හොඳින් දිය පොහොර වැටෙන්නේනම් ශ්‍රී ලංකාවේ ක්‍රීඩිකාවන්ට ආසියාව යනු කජ්ජක් නොවේය.එසේ වූ සෑම අවස්ථාවකම ලකංාව ආසියාවේ සෙසු කණ්ඩායම් හා සසඳන විට සිටියේ ගව් ගණන් ඉදිරියෙන් බව ආඩම්බරයෙන් කිව හැකිය.


මෙවර සිටින්නේ ද එවැනිම කණ්ඩායමකි.එවැනි හැකියාවන් ඇති ක්‍රීඩිකාවන් පිරිවරා ආසියාවේ කීර්තිය රැක ගන්නට දුලංගි වන්නිතිලකගේ නායකත්වයෙන් තරග වඳිමින් සිටින ශ්‍රී ලංකාව අපරාජිතව අවසන් පූර්ව තරගයට පිවිස ඇත.ශ්‍රී ලංකාව වසර දෙකක කාලය තුළ 15 වන තැන සිට 23 වන තැන දක්වා පහතට පැමිණ තිබේ.ඊට හේතුව ක්‍රීඩිකාවන්ගේ අදක්ෂතාවයට වඩා ලෝකයේ නෙට්බෝල් ක්‍රීඩාව ක්‍රියාත්මක වන තරගකාරී මට්ටම ස්පර්ශ කරන්නට මේ ක්‍රීඩිකාවන්ට ලැබෙන අවස්ථාවන් අඩු වීමය.
එහෙත් පසුබෑමකදී පරාජයකදී නෙට්බෝල් පිටියේ සිටින ක්‍රීඩිකාවන් විවේචනයේ චෝදනාවන්ගේ ඉලක්ක වෙනු මිස ඔවුන්ට නොලැබුණු අවස්ථාවන් සහ නො‘ලද, දිය යුතුව තිබුණු අවස්ථාවන් අවධානයට ගන්නේ අඩුවෙන්ය.


මාල දිවයින තරගයේ දී ද ශ්‍රී ලංකාව අඛණ්ඩව සිය පූර්ණ ශක්තිය යොදා ගත්තේ නැත.යම් යම් කාර්තුවල ශ්‍රී ලංකාව සහ මාල දිවයින අතර ලකුණු පරතරයන් වෙනස්වීම සිඳු වන්නේ එම හේතුව නිසාය.එසේම මාල දිවයින ජයග්‍රහණය කිරීමට අපොහොසත් බව මැනවින් වටහාගෙන ලකුණු ලබා ගැනීමට වඩා ශ්‍රී ලංකාවට ලකුණු ලබා නොදි සිටිමේ උවමනාවෙන් පන්දුව නිදහස් පරිසරයක එකිනෙකා අතර හුවමාරු කර ගනිමින් සිටින ආකාරයක් ද දකින්නට ලැබිණි. ඒ නිසා අවසාන ප්‍රතිපලය වූයේ ලකුණු 80 – 32 ක් ය.


ශ්‍රී ලංකාව වේගවත්ව නිවැරදි රිද්මයට බොහෝ සේ සමීප වූ අවස්ථාවේ දෙවන කාර්තුව ලකුණු 25 – 6 ක් ලෙස ජය ගත්තේය.තරගයේ අවසාන කාර්තුව අඩුවෙන්ම ලකුණු රැස් කළ කාර්තුව විය.එහිදී ඔවුන් රැස් කළේ ලකුණු 16 ක් පමණි.මාල දිවයින ලකුණු අටක් ලැබිය.තෙවන කාර්තුව මාල දිවයින වැඩිම ලකුණු ලැබූ කාර්තුව විය.ඔවුන් ලකුණු 11 ක් ලැබීය.ශ්‍රී ලංකාවට ලකුණු 21 කි.පළමු කාර්තුවේදී ශ්‍රී ලංකාව ලකුණු 18 – 7 ක් ලෙස සිය ජයග්‍රාහී ගමන ආරම්භ කළේය.
මේ දක්වා ගෙවුණු තරගාවලියේ දී ආසියාවේ නෙට්බෝල් ක්‍රීඩාවේ ව්‍යාප්තිය වැඩි වී තිබෙන බව දැක ගන්නට ඇත.එසේම බොහෝ රටවල් දක්ෂතාවලින් ද පියවර ගණනාවක් ඉදිරියට පැමිණ තිබෙන බව පැහැදිළිය.තවත් ආකාරයකින් ආසියාවේ මැද පෙරදිග සම්ප්‍රාප්තිය සටහන් වීම වගේම ජපානය නියෝජනය කරමින් ශ්‍රී ලංකාවේ තිළිණි පෙරේරා ක්‍රීඩා කිරිමද අප වෙනත් ආකාරයකින් කරන අනතුරු ඇඟවීමක් බව පැහැදිළි කර ගත යුතුව ඇත.


ඒ නිසා නෝනලාගේ කෙහෙවලු පටලවා ගැනීමෙන් පෝෂිත නෙට්බෝල් සහ බලයේ සිිටින නෝනලාගේ නිලවරණ අවශ්‍යයතා මත සිඳුවන වගකීම් ලබා දීම් වෙනුවට සැබෑ හැකියාවක් සහිත අයම නෙට්බෝල්වල වගකීම්වලට පත් කළ යුතුය.එසේම නිලධාරීන්ද තමන් කැමති නෝනාලා පිනවීම සැනසීම පසෙක දමා සුදුසුම නිලධාරීන් බලයට ගෙන ඒම සිදු කළ යුතුය.එසේ නොවන තැන් හී වඩා හොඳ පහසුකම් මෙන්ම මිලක් නියම වන පරිසරයකට ශ්‍රී ලංකාවේ විශිෂ්ඨතම නෙට්බෝල් ක්‍රීඩිකාවන් සේන්දු විමේ අවදානමක් පවතින්නේය.එසේම ක්‍රීඩකයන්ගේ පෞද්ගලික හැකියාවන් දෙස අවධානය යොමු නොකොට ඔවුන්ගේ නිදන කාමර එබීම ද නැවත්විය යුතුය. එසේම හොඳට අඩියක් ගසා කාන්තාවන් බියර් එකක් බිම ගැන කාන්තාවන්ට ඇලකොහොල් වලංගු නැති පිරිමි අයිතියක් ලෙස සළකා ලිවීමේ කොදෙව් ඔළුගෙඩි ද කාන්තා සහ පිරිමි යනු ජීව විද්‍යාත්මකව සිරුරු දෙකක් වෙනස්කම් අනුව කරන බෙදීමක් මිස පුරවැසි අයිතීන් එක දෙක ලෙස බෙදා වෙන් කිරිමට ඇති මිම්මක් ලෙස නොසිතිය යුතුය.


අවසාන පූර්ව තරගය සඳහා පැමිණ තිබෙන හොංකොං ශ්‍රී ලංකාවට මතක ඇති කාලයක දුන් නරකම අත්දැකීම දුන්නේ 2017 ආසියානු කණිෂ්ඨ නෙට්බෝල් සූරතාවලියේ දී ය.ඒ ශ්‍රී ලංකාවට හතර වන තැන අත්පත් කර දෙමින් ඔවුන් තෙවැන්නන් වෙමින්ය.අද තරගයට සමහර විට ඒ වැඩුණු යොවුන් කණ්ඩායම්වල ක්‍රීඩිකාවන් දෙපසටම සිටින්නට ඉඩ ඇත.එහෙත් ශ්‍රී ලංකාවේ ජ්‍යෙස්ඨ කණ්ඩායමට එන විට ඔවුන් හොංකොංවලට වඩා වේගයෙන් වැඩී ආසායානු කුසලානය පවා දිනා ගන්නට පොහොසත් වූ බව ඇත්තය.ඒ විශ්වාසය සහ හැකියාව උපයා ගත්තේ කෙසේද යන්න ඉතා ඉක්මණින් අමතක කරන්නට සමත් රටක ඇති අසමත්කම, ඉදිරි අභියෝග ජය ගන්නටනම් නෙටිබෝලය විසින් පරාජය කළ යුතුය.
මුදල් සෙවිය හැකි,පාලනයක්,ජාත්‍යන්තර තරග නිරන්තුරයෙන් පැවත්වෙන එයින් ලාභයක් උපයන පාලනයක්.ලෝකයට පවතින තත්ත්වයට වඩා විවෘත වූ ලාංකේය නෙට්බෝල් ක්‍රීඩාවක් ලෙස ශ්‍රී ලංකාවේ නෙට්බෝල් ව්‍යහුය වෙනස් නොවුණොත් ලංකාවේ නම් තියෙන අය සහ ලංකාවෙ ඉපදුණ අය සිය දක්ෂතා ආසියාවේ වෙනත් රටවල් වෙනුවෙන් පිටියට බසින දවස වැඩි ඈතක නොවනු ඇත.ලෝකය ඉතා කුඩාය.ලෝකයට උපදින මිනිස්සු රටකට නොව ලෝකයටම අයිති,ඔවුන්ගේ කැමත්ත පරිදි වඩාත් ගැලපෙන,තමන්ට වටිනාකමක් සහ ගෞරවයක් දෙන තැනක් තෝරා ගැනීමට හැකි පරිදි සිතන අය විය යුතුය.


එවන් වූ මේ මොහොත කියවා ගන්නට හරියටම හැකියාව ලැබුණොත් ආසියාව දිනීම පමණක් නොව ආසියාවේ සහ ලෝකයේ වෙනත් රටවල දක්ෂයෝ ද,තමන්ගේ ක්‍රීඩාව ලංකාවට ක්‍රිඩා කරන්න තරමට දියුණු කර ගන්න ද උත්සාහ ගන්නවා නිසැකය.එසේ නොවන තැන දවසක ශ්‍රී ලංකාව ආසියානු නෙට්බෝලයෙන් හැකිලී යන්නට ද ඉඩ ඇත.

http://www.sportwaynews.com

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan