ඊශ්‍රායලයේ වෙසෙන ලාංකිකයින්ට අවධානාත්මක නිවේදනයක්!

Date:

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 26, කොළඹ (LNW):

ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා එරට වෙසෙන ලාංකිකයින්ට දැනුම් දෙයි. ගමන් බිමන් අවම කර රැකියා ස්ථානයේ ඉතා අවධානයෙන් සිටින්නැයි ඒ මහතා දැනුම් දෙයි.

ඊශ්‍රායල් ගුවන් හමුදා යානා, ඉරානයේ තෝරාගත් ස්ථාන කීපයක් වෙත මිසයිල ප්‍රහාර එල්ල කිරීමත් සමගම මැදපෙරදිග කලාපයේ යළිත්  නොසන්සුන් තත්ත්වයක්  මතුව ඇති බව, තානාපතිවරයා පැවසුවේය.

තත්ත්වය ඉදිරියේ දී වර්ධනය වන බව නිරීක්ෂණය වන බැවින් ඊශ්‍රායලයේ සිටින ශ්‍රි ලාංකිකයන්ට  එල්ලවිය හැකි ඩ්‍රෝන හා මිසයිල ප්‍රහාර පිලිබඳව අවධානයෙන් සිටින ලෙස තානාපතිවරයා දැනුම් දී ඇත.

මේ හේතුවෙන් ඉරාන , ඉරාක, ලෙබනන්, සිරියා හා ඊශ්‍රායිල් ගුවන් සීමාවල ගුවන්යානා  ගමන්  නොකරන  තත්ත්වයක් පවතින බව තානාපතිවරයා පැවසුවේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රුසියා හමුදා බුද්ධි අංශ ජෙනරාල්වරයාට වෙඩි තැබීමේ සිදුවීමට අදාළව තිදෙනෙකු අත්අඩංගුවට

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 08, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පසුගියදා රුසියාවේ හමුදා...

රුපියල් බිලියනය බැගින් වන්දි ලබාදෙන ලෙස ඉල්ලා ඇමති නලින්දගෙන් විමල්ට එන්තරවාසියක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, කොළඹ LNW: රුපියල් බිලියනය බැගින් වන්දි...

විදුලිය ඇනහිටීම්වල සිට ආහාර හිඟය දක්වා: ඇමරිකානු අවහිර කිරීම් කියුබාවේ ජීවිතය අඩපණ කරන ආකාරය

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකා එක්සත් ජනපදය...

තිදෙනෙකුට ජීවිත අහිමි කළ මාරක රිය අනතුර!

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, කොළඹ LNW: අද (08) සවස,...