කොට්ටාව නගර මධ්‍යයේ ගින්නක්!

Date:

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 26, කොළඹ (LNW):

කොට්ටාව නගර මධ්‍යයේ වෑන් රථයක් ගිනි ගෙන සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බව පොලිසිය පවසයි. බොරැල්ල දෙස සිට කොට්ටාව දෙසට 174 බස් මාර්ගය ඔස්සේ ධාවනය වූ රථයක් මෙලෙස ගිනි ගැනීමට ලක්ව ඇති බව සඳහන් වේ.

රියදුරු වාහනය මාර්ගය අසල නවතා බැස ගොස් ඇති අවස්ථාවක අදාළ ගින්න හටගෙන ඇති බවයි. එහි සිටි පුද්ගලයින් දෙදෙනෙකු නිරුපද්‍රිතව දිවි බේරාගැනීමට සමත්වී තිබෙන බව වාර්තා වේ. කෝට්ටේ නගර සභාවේ ගිනි නිවන රථයක් පැමිණ අදාළ ගින්න නිවා දමා ඇති බව සඳහන් වේ.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැති අතර කාර්මික දෝෂයක් හේතුවෙන් මෙය සිදුවන්නට ඇති බවට පොලිසිය සැක පළ කරයි.

කොට්ටාව පොලිසිය විසින්, සිද්ධිය සම්බන්ධයෙන් ක්‍රියාත්මකයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රුසියා හමුදා බුද්ධි අංශ ජෙනරාල්වරයාට වෙඩි තැබීමේ සිදුවීමට අදාළව තිදෙනෙකු අත්අඩංගුවට

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 08, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පසුගියදා රුසියාවේ හමුදා...

රුපියල් බිලියනය බැගින් වන්දි ලබාදෙන ලෙස ඉල්ලා ඇමති නලින්දගෙන් විමල්ට එන්තරවාසියක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, කොළඹ LNW: රුපියල් බිලියනය බැගින් වන්දි...

විදුලිය ඇනහිටීම්වල සිට ආහාර හිඟය දක්වා: ඇමරිකානු අවහිර කිරීම් කියුබාවේ ජීවිතය අඩපණ කරන ආකාරය

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකා එක්සත් ජනපදය...

තිදෙනෙකුට ජීවිත අහිමි කළ මාරක රිය අනතුර!

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, කොළඹ LNW: අද (08) සවස,...