කොට්ටාව නගර මධ්‍යයේ ගින්නක්!

Date:

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 26, කොළඹ (LNW):

කොට්ටාව නගර මධ්‍යයේ වෑන් රථයක් ගිනි ගෙන සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බව පොලිසිය පවසයි. බොරැල්ල දෙස සිට කොට්ටාව දෙසට 174 බස් මාර්ගය ඔස්සේ ධාවනය වූ රථයක් මෙලෙස ගිනි ගැනීමට ලක්ව ඇති බව සඳහන් වේ.

රියදුරු වාහනය මාර්ගය අසල නවතා බැස ගොස් ඇති අවස්ථාවක අදාළ ගින්න හටගෙන ඇති බවයි. එහි සිටි පුද්ගලයින් දෙදෙනෙකු නිරුපද්‍රිතව දිවි බේරාගැනීමට සමත්වී තිබෙන බව වාර්තා වේ. කෝට්ටේ නගර සභාවේ ගිනි නිවන රථයක් පැමිණ අදාළ ගින්න නිවා දමා ඇති බව සඳහන් වේ.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැති අතර කාර්මික දෝෂයක් හේතුවෙන් මෙය සිදුවන්නට ඇති බවට පොලිසිය සැක පළ කරයි.

කොට්ටාව පොලිසිය විසින්, සිද්ධිය සම්බන්ධයෙන් ක්‍රියාත්මකයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

තේරුම් කමිටුව නිර්භිත විය යුතු සහ හෘද සාක්ෂියට අවංක විය යුතු මොහොතක්

නිශ්මං රණසිංහ අගෝස්තු 18, කොළඹ LNW: සිම්බාබ්වේ යන්නෙ බංගලින්ගෙන් කාලාශ්‍රී ලංකාව...

කුමාර ජයකොඩි ඇමතිවරයා සම්බන්ධයෙන් ආණ්ඩුව ගන්න ක්‍රියාමාර්ගය මොකක් ද? – පුබුදු ජයගොඩ

රටේ වත්මන් දේශපානලන තත්වය සම්බන්ධයෙන් අදහස් දැක්වීම සඳහා පෙරටුගාමී...

රාජිතගෙන් මෝසමක්!

කොළඹ LNW:අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින්...

රතන හිමිට එරෙහිව වරෙන්තු!

කොළඹ LNW:පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ට එරෙහිව අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු...