ත්‍රීරෝද රථ අනතුරක් – ඇබිනි මවක් ඇතුළු 4කට බරපතළ තුවාල!

Date:

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 26, කොළඹ LNW :

වැල්ලවාය පොලිස් බල ප්‍රදේශයට අයත්, වැල්ලවාය තණමල්විල ප්‍රධාන මාර්ගයේ ගාල්ලේ වංගුව ප්‍රදේශයේ දී ත්‍රීරෝද රථ දෙකක් එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදු වී තිබෙන අතර, අනතුර සිදු වන අවස්ථාවේ දී ත්‍රීරෝද රථ දෙකෙහි කාන්තාවන් දෙදෙනකු ඇතුළු පුද්ගලයන් සිව්දෙනෙකු ගමන් කරමින් සිට ඇත.

ඔවුන් සිව්දෙනාම අනතුරින් බරපතල තුවාල ලබා වැල්ලවාය මූලික රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා මොණරාගල දිස්ත්‍රික් මහ රෝහලට මාරු කර යවා ඇති බව වාර්තා වේ.

පොලිසිය පවසන්නේ , තුවාල ලැබූවන් අතර ගැබිනි මවක් ද සිටින අතර මෙසේ අනතුරට ලක් වී ඇත්තේ තිස්සමහාරාමය සහ ඔක්කම්පිටිය යන ප්‍රදේශවල පදිංචි පුද්ගලයන් බවයි.

අනතුර සම්බන්ධයෙන් වැල්ලවාය පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් ඉදිරිවිමර්ශන සිදු කරනු ලබන බව වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නිල් පාටින් සැරසී ලේ බැම්මේ හයිය පෙන්වූ shakira සහ ඇයගේ පුතුන් දෙදෙනා වේදිකාව හොල්ලයි!

සටහන – පුලී දෙසැම්බර් 12, කොළඹ (LNW): ආජන්ටිනාවේ ගුස්ටාවෝ සෙරාටිට...

ආපදා තත්ත්වය ගැන දැනගෙන හිටියද? සමඟිය තොරතුරු පනතින් විස්තර ඉල්ලයි

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: කාලගුණ අනාවැකි අනුව සිදුවිය හැකි හදිසි...

බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති රිමාන්ඩ්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 12 , කොළඹ LNW : සැකපිට...

ආපදා සහන වෙනුවෙන් UN වෙතින් මානුෂිය ප්‍රමුඛතා සැලැස්මක්!

කොළඹ LNW:දිට්වා සුළි කුණාටුවෙන් ව්‍යසනයට පත් ශ්‍රී ලංකාවේ ජන...