කවුද මේ හැමෝම හොයන “යෝගේශ්වරී”? චරිත අතලගේ ගේ රහස්‍යමය, සැඟවුණු සැබෑවක් සහ මතකයක් පිළිබඳ නිර්මාණයක්!

0
175

සටහන – පුලී

ඔක්තෝම්බර් 26, කොළඹ (LNW):  ශ්‍රී ලංකාවේ අතිවිශිෂ්ට සංගීත නිර්මාපකයෙකු වන චරිත අතලගේ තම අලුත්ම නිර්මාණය වන “යෝගේශ්වරි” මගින් නැවතත් සංගීත ලෝකය තුළ ආකර්ෂණයක් සහ අලුත් උනන්දුවක් රසිකයන් තුළ ඇති කිරීමට සමත් වී ඇති බවක් මුහුණු පොතේ උඩට පහළට ගිය මට දැනෙන්නට විය.
මනසික් (Manasick)ගේ රහස්මය හඬ සමග ගැලපෙන මෙම ගීතය සරල ගීතයක් නොවන අතර එය කාලය, තාක්ෂණය සහ සැඟවුණු ඉතිහාසය අතර සම්බන්ධවූ කතාමාලාවක්, රහසකින් පිරුණු කාව්‍යමය පණිවිඩයකින් ගෙන හැර දක්වයි.


“යෝගේශ්වරී” යනු කවරෙක් ද?

“යෝගේශ්වරී” යන වචනය සංස්කෘතයෙන් ගත් කළ “යෝගයේ දෙවි” හෝ “ඥානය සහ සත්‍යය එක් කරන දියණිය” යන අර්ථයක් ලබා දේ.
නමුත් අතලගේ ගේ ලෝකයේ “යෝගේශ්වරී” යනු මනුෂ්‍යීය, රහස්‍යභාවයෙන් යුක්ත වූ සහ කාලය විසින් අමතක කළ මනෝභාවයක නියෝජනයක් ලෙස පෙනේ.

“For the truth to be remembered, someone must first find it.”
(“සත්‍යය මතක තබා ගැනීමට නම්, යමෙකු පළමුව එය සොයා ගත යුතුය.”)


යන කියමන මුළු නිර්මාණයෙහි සම්පූර්ණ අදහස පාඨකයාට විවෘත කරයි.

රහසක් අස්සෙන් හඬන සංගීතය!

“යෝගේශ්වරී” ගීතය චරිත්ගේ විශේෂිත ශෛලියකින් පිරී ඇත. විද්‍යුත් සංගීතය, සංගීතමය ගොඩනැගීම හා සිනමාවක් මෙන් අර්ථවත් වූ නිර්මාණයක් බව එය නරඹන ඕනෑම අයෙකුට ගම්‍ය කර ගැනීමට හැකිවනු ඇත.
එහි ගැබ්ව ඇති හඬ හුස්මක් මෙන් සුමටව යන අතර, සමහර විට විලාපයක් මෙන් ද පෙනේ! එය අහිමිවුණු කෙනෙකු සොයන හඬක් මෙනි.

“තවමත් නොමැකුනු තිලක…
පහන් ආලෝකයෙන් හා සඳ රැස් වලින් ඔබ සැඟවෙයි…
දස දහස් නෙත් අතරින් මම ඔබ සොයමි…”


මෙම පද රේඛා සෑම එකක්ම රහස් අර්ථයකින් පිරී ඇත.
“තිලකය” යන්න හැඳුනුමක් හෝ ආත්මික සංකේතයක් ලෙසින් පෙනෙයි — එය යෝගේශ්වරීගේ සැඟවුණු අනන්‍යතාවය නිරූපණය කරයි.

යෝගේශ්වරී කියන්නේ ඇත්තටම කවුද?

ගීතය නිකුත් වූ පසු, සමාජ මාධ්‍ය සහ Reddit වගේ වේදිකා තුළ විවිධ තර්ක පළවිය.
ඒ අතර කිහිප දෙනෙක් විශ්වාස කරන්නේ “යෝගේශ්වරී” යනු යුධ කාලයකදී සැඟවුණු ඉංජිනේරුවරියක්, හෝ තාක්ෂණික මන්ත්‍රණයකට සම්බන්ධ වූ කාන්තාවක් බවයි.
සමහරුන් එය සැඟවුණු සත්‍යයක නාමාවලියක් ලෙස හෝ අමතක වූ මතකයන්ගේ නියෝජනයක් ලෙස සංකේතාත්මකව විවරණය කරති.

අතලගේ ට අනුව;

“A story buried in time, technology and truth.”
(“කාලය, තාක්ෂණය සහ සත්‍යය තුළ සැඟවුණු කතාවක්.”)


ඒ කියන්නේ, ඇය සත්‍ය හා මතකය අතර අසමසම ගමනක නායිකාවක් මෙන් පෙන්වා දෙයි.

විඩියෝවේ රහ;

“යෝගේශ්වරී” වීඩියෝව තුළ දැක්වෙන රූපක සහ පරිසරය හරිම ගැඹුරුය.
අනාගතමය රූප, බිඳුණු ගොඩනැගිලි, සහ අඳුරු පසුබැසීම් යන සංකේත තේමාවන් යෝගේශ්වරිගේ සැඟවුණු ලෝකය නිරූපණය කරයි.
මෙහි පෙනෙන්නෙ කාලයකින් පසු නැවතත් පුරාවෘත්තයක සත්‍යය එළියට එන සූජානමක් කීවොත් මා නිවැරදිය.

ගැඹුරින් මෙය සංගීතය පමණක් නොව, පරිශීලකයා සහ ප්‍රේක්ෂකයා ඇතුළත් කරන “කේතමය පරිවර්තනයක්” (interactive decoding) ලෙසත් මෙම නිර්මාණය ක්‍රියාත්මක වන බව ද පෙනෙන්නට විය.

ඉඳින් යෝගේශ්වරී ගේ පිටුපස කතාව සොයාගෙන මේ වනවිට මුහුණු පොතේ ඩිජිටල් ඈයෝ දරණ වෙහෙස හරි අපූරුය. ඔන්න අතලගේ කාලෙකින් ඇවිත් දුන්නා පිපිරිලාම යන්න.

අවසාන වශයෙන් කියන්න ඕනි; මේක පැත්තකට වෙලා ආතල් එකේ සිංදුවක් අහගෙන ඉන්න ඉන්න මිනිස්සුන්ගේ ඔලුව කරකවන මට්ටමේ නිර්මාණයක්!