තමන්ගෙ ඇහේ පරාල තියාගෙන; අනුන්ගෙ ඇස් වල රොඩ්ඩ හොයන මිනිස්සු!

Date:

සටහන – පුලී

ඔක්තෝම්බර් 26, කොළඹ (LNW): ඉකුත් දිනයක TikTok සහ Instagram වැනි සමාජ මාධ්‍ය වේදිකා ඔස්සේ එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ බාල පුත් බැරන් ට්‍රම්ප්, “කාලෝස්” නම් තරුණ ආර්ජන්ටිනා නර්තන ශිල්පියෙකු සමඟ සම්බන්ධතාවයක් පවත්වන බවට කටකතා සීග්‍රයෙන් පැතිරී ගියහ. මෙයට වඩාත් අවධානයක් යොමු වූයේ ට්‍රම්ප් යනු සමරිසි පුද්ගලයින්ට විරුද්ධ මත දරන්නෙක් සහ ඔහුගේ පුතාගේ මෙවැනි සිද්ධීන් එලියට පැමිණීමත් සමඟය.


ගින්නන් නැතිව දුමක් නඟින්නේ නැතිවාක් මෙන් මෙම ප්‍රකාශයන් සැලකිය යුතු අවධානයක් දිනාගෙන ඇතත්, කිසිදු විශ්වාසදායක සාක්ෂියක් හෝ සත්‍යාපිත වාර්තාකරණයක් ඒවාට සහාය නොදක්වා ඇති බවද සමහර විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. මෙම කතාව සත්‍යාපනය නොකළ සමාජ මාධ්‍ය ගිණුම් සහ රසිකයන් විසින් සාදන ලද අන්තර්ගතයන්ගෙන් ආරම්භ වී ඇති බව ඔවුන් පෙන්වා දෙන නමුත් මෙය ගින්නක් මෙන් දැන් ඇවිලී ගොස් හමාරය.

නමුත් ඕනෑම කෙනෙකුගේ ලිංගිකත්වය පිළිබඳ ඔවුන්ගේ කැමැත්ත පිළිබඳව අනුමාන කිරීම හානිකර ඒකාකෘති ශක්තිමත් කළ හැකි අතර ඒ ඒ අයවලුන්ගේ පෞද්ගලිකත්වයට ද ඉන් බලපෑමක් ඇති කරයි. LGBTQ+ දෘශ්‍යතාව කතාබහට නතු වන කාලයක, එවැනි කතාබතා පැමිණීම ආගන්තුකයන් විසින් නිර්මාණය කළ යුතු කතාවක් නොව පුද්ගලික තේරීමක් බව මතක තබා ගැනීම ද ඒ හා සමානව වැදගත් වේ.

අවසාන වශයෙන්, මෙවැනි සංවාද යනු සංවේදනය සහ ගෞරවය මාර්ගගත හැසිරීම් මඟ පෙන්විය යුතු බවට මතක් කිරීමකි! නමුත් ට්‍රම්ප්ගේ ක්‍රියාකලාපය තුළ ලෝකයක් ඔහුට ඇගිල්ල උස්සන තැනකට පත් වීමට මෙයත් හොඳ අවස්ථාවක් වනවා නොඅනුමානය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නිල් පාටින් සැරසී ලේ බැම්මේ හයිය පෙන්වූ shakira සහ ඇයගේ පුතුන් දෙදෙනා වේදිකාව හොල්ලයි!

සටහන – පුලී දෙසැම්බර් 12, කොළඹ (LNW): ආජන්ටිනාවේ ගුස්ටාවෝ සෙරාටිට...

ආපදා තත්ත්වය ගැන දැනගෙන හිටියද? සමඟිය තොරතුරු පනතින් විස්තර ඉල්ලයි

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: කාලගුණ අනාවැකි අනුව සිදුවිය හැකි හදිසි...

බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති රිමාන්ඩ්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 12 , කොළඹ LNW : සැකපිට...

ආපදා සහන වෙනුවෙන් UN වෙතින් මානුෂිය ප්‍රමුඛතා සැලැස්මක්!

කොළඹ LNW:දිට්වා සුළි කුණාටුවෙන් ව්‍යසනයට පත් ශ්‍රී ලංකාවේ ජන...