ඩොලර් උපයාගැනීම සහ ඩොලර් පිටතට ගැලීම අවම කරගැනීම අපේ ප්‍රධාන ආර්ථික උපායමාර්ගය විය යුතුයි – ජනපති

සටහන – රුවන් නෙළුගොල්ල

ප්‍රාග්ධන වියදම් වැඩි වන විට ඩොලර් සඳහා වන තෙරපුම වැඩි වන බැවින්, ඩොලර් උපයාගැනීම සහ ඩොලර් පිටතට ගැලීම අවම කරගැනීම මෙරට ප්‍රධාන ආර්ථික උපායමාර්ගය විය යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

“රටට අවශ්‍ය ඩොලර් උපයා ගැනීමට නොහැකි වීම ආර්ථික අර්බුදයට හේතු වුණා. 2025 වසරේදී ජංගම ගිණුමේ ශේෂය එනම් රට තුළට පැමිණි සහ පිටතට ගිය ඩොලර් ප්‍රමාණය අතර වෙනස — ඉතා වැදගත් මට්ටමකට පැමිණියා. නිදහස් ශ්‍රී ලංකා ඉතිහාසයේ ජංගම ගිණුමේ අතිරික්තයක් පැවතියේ අවස්ථා තුනකදී පමණයි. එම අවස්ථාවල පැවතුණේ ඩොලර් මිලියන 300ක පමණ වැඩිවීමක්. හැබැයි 2025 දී අපගේ ජංගම ගිණුමේ අතිරික්තය ඩොලර් මිලියන 1800ක් දක්වා ඉහළ ගියා.

එහෙත් මැදපෙරදිග කලාපයේ ඇති වූ යුදමය තත්ත්වය හමුවේ අපට අනපේක්ෂිත බලපෑමකට මුහුණ දීමට සිදු වුණා. පසුගිය වසරේ තෙල් ආනයනය සඳහා ඩොලර් බිලියන 4ක් වැය වූ අතර, මෙවර අගෝස්තු අවසන් වන විටත් ඩොලර් බිලියන 4ක් වැය වී තිබෙනවා. වසරෙන් තුනෙන් දෙකකදී ඩොලර් බිලියන 4ක් වැය වූ බැවින් වසර අවසාන වන විට එය ඩොලර් බිලියන 6 ඉක්මවා යා හැකියි. එම නිසා ඩොලර් සඳහා ඇති වන තෙරපුම පාලනය කරගැනීම අප හමුවේ ඇති ප්‍රධාන අභියෝගයයි.

ඩොලර්වලින් ණය ගැනීමකින් තොරව දේශීය (භාණ්ඩාගාර) අරමුදල්වලින් පමණක් විශාල ව්‍යාපෘති ප්‍රමාණයක් ආරම්භ කර තිබෙනවා. කුරුණෑගල – ගලේවෙල අධිවේගී මාර්ගය, රඹුක්කන – ගලගෙදර අධිවේගී මාර්ගය, කහතුඩුව – ඉංගිරිය අධිවේගී මාර්ගය යන ව්‍යාපෘති මෙන්ම කැලණි වැලි දුම්රිය මාර්ගය විද්‍යුත්කරණය සඳහා රුපියල් බිලියන 600ක ඇස්තමේන්තුගත ව්‍යාපෘතිය ලබන වසරේදී භාණ්ඩාගාර අරමුදල්වලින් ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙනවා.

කෙසේ වෙතත්, රුපියල්වලින් වියදම් කළද අධිවේගී මාර්ග සඳහා අවශ්‍ය යන්ත්‍ර සූත්‍ර සහ යකඩ ආදිය ආනයනය කිරීමට සිදුවන බැවින් ඩොලර් වැයවීමක් සිදු වෙනවා. මෙවර ප්‍රාග්ධන වියදම රුපියල් බිලියන 1330ක සිට ලබන වසර සඳහා රුපියල් බිලියන 2000 (ට්‍රිලියන 2) දක්වා වැඩි කිරීමට සැලසුම් කර තිබෙනවා. ප්‍රාග්ධන වියදම් වැඩි වන විට ඩොලර් සඳහා වන තෙරපුම වැඩි වන බැවින්, ඩොලර් උපයාගැනීම සහ ඩොලර් පිටතට ගැලීම අවම කරගැනීම අපගේ ප්‍රධාන ආර්ථික උපායමාර්ගය විය යුතුයි.

රට තුළ ඇති වන කම්පනයකට මුහුණ දීමට අවශ්‍ය රුපියල් පැවැතියද, ඩොලර් උපදවන මාර්ග බිඳ දමන හා ඩොලර් වැය කරවන බාහිර කම්පනයකට මුහුණ දීමට තරම් ආර්ථිකය තවමත් ශක්තිමත් නැහැ. බාහිර කම්පනවලට ඔරොත්තු දෙන ආර්ථිකයක් නිර්මාණය කිරීම අපගේ සැලසුමයි.”

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ පසුගියදා (23) බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටලයේදී පැවති රජයේ මිනින්දෝරු සංගමයේ 100වෙනි වාර්ෂික සම්මේලනය අමතමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බෙංගාල බොක්කේ ගැඹුරු පීඩන අවපාතය සුළි කුණාටුවක් වෙයි – අද (26) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල බෙංගාල බොක්කේ නැගෙනහිර-මධ්‍යම සහ ඊට යාබද...

හෝමාගම පොලිස් කූඩුවේ සිටි තරුණයකු මරුට. ඥාතීන්ගෙන් පොලීසියට දැඩි චෝදනා

මත්ද්‍රව්‍ය චෝදනාවක් මත හෝමාගම පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන...

ලංකා IOC ඉන්ධන වර්ගයක මිල ඉහළ දමයි

සටහන - රුවන් නෙළුගොල්ල ඊයේ (25) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක...

බ්‍රිතාන්‍යයට Boelo කුණාටුවෙන් දැඩි බලපෑම්; නිවාස 82,000කට විදුලියත් විසන්ධි වෙයි!

සටහන – පුලී ඔක්තෝම්බර් 25, LNW (කොළඹ):  බ්‍රිතාන්‍යයට බලපා ඇති Boelo...