රාජාංගනයේ වාන් දොරටු 16ක් විවෘත කරයි.මහවැලි ගඟ ආශ්‍රිතවත් සුළු ගංවතුර අවදානමක්!

ආශිකා බ්‍රාහ්මණ

කොළඹ LNW:රාජාංගන ජලාශයේ වාන් දොරටු 16ක් විවෘත කර තත්පරයට ඝන අඩි 15,000කට අධික ජල ප්‍රමාණයක් කලා ඔයට මුදාහැරීමට අපේක්ෂා කරන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

අද (26) මධ්‍යහ්න 12 වන විට ජලාශයට ලැබෙන ජල ප්‍රමාණය පාලනය කිරීම සඳහා මෙම පියවර ගෙන තිබෙන අතර ජලාශයේ පෝෂක ප්‍රදේශවලට ලැබෙන වර්ෂාපතනය සහ ජලාශයට ලැබෙන ජල ප්‍රමාණය අනුව ඉදිරියේදී විවෘත කරන වාන් දොරටු සංඛ්‍යාව වෙනස් විය හැකි බවයි දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.

ඒ අනුව, රාජාංගන ජලාශයට පහළින් කලා ඔය ගංගා ද්‍රෝණිය අවට පදිංචි ජනතාවට වාරිමාර්ග දෙපාර්තමේන්තුව සහ ආපදා කළමනාකරණ අංශ නිකුත් කරන නිවේදන අනුව කටයුතු කරන ලෙසත්, ගංගාවේ ජල මට්ටමේ වෙනස්වීම් පිළිබඳව අවධානයෙන් පසුවන ලෙසත් දැනුම් දී තිබේ.

මේ අතර, මී ඔය ගංගා ද්‍රෝණියේ පිහිටි තබ්බෝව ජලාශයේ ද වාන් දොරටු හතරක් අඩිය බැගින් විවෘත කර තිබේ.

අද මධ්‍යහ්න 12 වන විට ජලාශයට ලැබෙන ජල ප්‍රමාණය පාලනය කිරීම සඳහා මෙම පියවර ගෙන ඇති අතර, ඒ අනුව මී ඔයට තත්පරයට ඝන අඩි 880ක ජල ප්‍රමාණයක් මුදාහැරෙන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

එබැවින් තබ්බෝව ජලාශයට පහළ ප්‍රදේශවල සහ මී ඔය ගංගා ද්‍රෝණිය දෙපස පදිංචි ජනතාවට ද ගංගාවේ ජල මට්ටමේ වෙනස්වීම් පිළිබඳව අවධානයෙන් සිටින ලෙසත් අදාළ අංශ නිකුත් කරන නිවේදන අනුව කටයුතු කරන ලෙසත් දැනුම් දී තිබේ.

මහවැලි ගංඟා ද්‍රෝණියේ පස්බාගේ කෝරලය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මහවැලි ගඟ ආශ්‍රිත පහත්බිම් ප්‍රදේශවල සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත.

මහවැලි ගඟේ ඉහළ ධාරා ප්‍රදේශයට පසුගිය පැය කිහිපය තුළ ලැබුණු අධික වර්ෂාපතනය හේතුවෙන් මෙම අවදානම මතුව ඇති අතර එම ප්‍රදේශවල පදිංචි ජනතාවට සහ එම මාර්ග භාවිත කරන රියදුරන්ට මේ පිළිබඳව දැඩි අවධානයෙන් පසුවන ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

මේ අතර මහවැලි ගඟට ආසන්නව පදිංචි ජනතාවට ඇතිවිය හැකි ගංවතුර තත්ත්වයකින් ආරක්ෂා වීම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස ද දැනුම් දී ඇත.

මේ සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගන්නා ලෙස ආපදා කළමනාකරණ අංශ වෙත ද වාරිමාර්ග දෙපාර්තමේන්තුව ඉල්ලීමක් කර තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බ්‍රසීල නායකයාගේ ඓතිහාසික ජයග්‍රහණයට ජනපති අනුරගෙන් සුබපැතුම්!

කොළඹ LNW:සිව්වන වරටත් බ්‍රසීලයේ ජනාධිපතිවරයා ලෙස පත්වූ හිටපු ජනාධිපති...

ගැඹුරු පීඩන අවපාතය ‘ARNAB’ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙයි – කාලගුණයෙන් රතු නිවේදනයක්

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:බෙංගාල බොක්කේ නැගෙනහිර මධ්‍යම සහ ඊට යාබද...

සයිනොපෙක් තෙල් මිලත් ඉහළට!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:සයිනොපෙක් සමාගම විසින් ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක...