*
Friday, October 18, 2024
spot_img

Latest Posts

මැතිවරණයක් ඉල්ලීම දේශපාලන බාල ක්‍රියාවක්ද? – තාරක ලියයි

ඉකුත් ජූලි 09 වෙනිදා අරගලයේ පළමු පරිච්ඡේදයේ කූටප්‍රාප්තියත් ඒකාබද්ධ දේශපාලන සංවිධාන ඒකමිතියත් වෘත්තීය සමිති ව්‍යාපාරයත් නිවැරදිව එකිනෙක සම්බන්ධ නොවුණු නිසා සම්පූර්ණ ඵලය නෙළා ගන්නට නොහැකි වුණ බව මේ වනවිට කවුරුත් දන්නා ඇත්තක්. 

ගෝඨාභය පළවා හැරීමෙන් පසු ඒ හිස් තැනට රිංගා ගත් වික්‍රමසිංහ සිය කූට දේශපාලන ඥානය පාවිච්චි කරමින් ජනාධිපති සිහිනය සැබෑ වීමේ ආතල් එක ගනිමින් සිටින මොහොතක් මේක. අප ඉතා පැහැදිලිව කලින් කියා ඇති පරිදිම එම දේශපාලන සුරතාන්තයේ සීමාව වෙන මොකක්වත් නෙවෙයි, ආර්ථික අර්බුදය.

මුහුදෙන් මතුපිටට පෙනෙන ප්‍රමාණයට වඩා ආර්ථික අර්බුදයේ අයිස් බර්ගයේ නොපෙනෙන යට කොටස උඩ කොටස මෙන් විසි තිස් ගුණයක් විශාලයි. ඉඳහිට ලැබෙන ඉන්ධන අඩු වීමේ සහන වැනි පුංචි පුංචි විනෝදවීම් එක්ක ලාංකේය ජනයා විඳිමින් සිටින ටයිටැනික් සොමිය නොසිතූ මොහොතක මූදුබත් වීමේ ඉඩකඩ වැඩියි. 

මේ යථාර්ථය ඇතුළෙ වාම ප්‍රගතිශීලීන්ගේ කාර්‍ය භාරය මොකක්ද?

“ධනේශ්වර ක්‍රමය අර්බුදයට ගිය විට සමාජවාදයට මග විවර වේ” යන වාක්‍ය පාඨය වැරදි කොණෙන් අල්ලාගෙන, ආර්ථික මුරුගසං වරුසාවට තෙමුණු මිනිස්සු මහමග එකිනෙකා මංපහරගන්නා තත්ත්වයට පත් වූ පසු, කොමියුනිස්ට් ස්වර්ග රාජ්‍යයේ දොරටුව ඉබේ ඉවර වෙව් යැයි කවුරුන් හෝ සිතන්නේ නම් ඒක මුලාවක්. 

ක්‍රමය දැනටමත් බිඳ වැටී අවසන්. ඒ අවසානය සෞන්දර්යාත්මක උපමාලංකාරවලින් සරසා ගන්නට, මිනිසුන් බඩගින්නේ මියයාම වැනි සංසිද්ධීන් උදා වෙනකන් බලා සිටීම නරුමකමක්. එහෙයින් මේ මොහොතේ වහා කළ යුත්තේ  මේ පාලනය පළවා හරිනු පිණිස නව ජනවරමක් වෙනුවෙන් උස් හඬින් උද්ඝෝෂණය කිරීමයි. 

මැතිවරණයක් පවත්වන්නැයි උද්ඝෝෂණය කිරීම ගැන සමහරුන් හිතන්නේ ඒක දේශපාලන බාල ක්‍රියාවක් හැටියටයි. ඒත් ඇත්ත ඒක නෙවෙයි. 

පාලකයන් මැතිවරණ සිතියම අකුලමින් ප්‍රජාතන්ත්‍ර විරෝධී ඒකාධිපති ගමනක යෙදෙනවිට මැතිවරණයක් ඉල්ලා සිටීම සහමුලින්ම ප්‍රගතිශීලියි.

සමාජ ක්‍රමය සහ සමාජය යනු කෙස් ගහක් වෙනසක් ඇති සංකල්ප දෙකක්. සමාජ ක්‍රමයේ බිඳ වැටීම සම්බන්ධ ආර්ථික සංඥාව ලැබී අවසන්. ඒ නිසා සමාජය බිඳ වැටෙන තෙක් සිට විප්ලවය කරන්නට යාම, පාංශුකූලය දුන්නායින් පසු දේහය දැඩි සත්කාර ඒකකයට යවනවා වගේ වැඩක්. 

ඒ නිසා මේ වෙලාවේ මැතිවරණයක් ඉල්ලා උද්ඝෝෂණය කිරීම සහමුලින්ම විප්ලවවාදියි. 

මර්දනයට එරෙහි සටන් පෙරමුණ වෙනමත් මැතිවරණය ඉල්ලන සටන් පෙරමුණ වෙනමත් ඉදිරියට ගැනීමේ වාසිය සැලසෙන්නේ පාලකයන්ටයි. මැතිවරණයක් නොතබා දිගින් දිගටම බලයේ රැඳීම යනු මේ මර්දනය අඛණ්ඩව පවත්වා ගැනීම මිස වෙන මොකක්ද?  මේ දුර්දාන්ත ආණ්ඩුව පළවා හැර නව ජනවරමකට රට යොමු වුවහොත් ඊළඟට එන ආණ්ඩුව කුමක් වුවත් ප්‍රජාතන්ත්‍රවාදයේ සීමාව තුළ රැඳෙන්නට සිද්ධ වෙනවා. ඒ ආණ්ඩුව වාම ප්‍රගතිශීලී ආණ්ඩුවක් නම් ජනතා මර්දනය සම්පූර්ණයෙන් අහෝසි කරගන්නටත් පුළුවන්. 

( ඒ ආණ්ඩුවත් ධනපති ආණ්ඩුවක් වෙයි, ඒ නිසා මර්දනයේ ස්වරූපය විතරක් වෙනස් වෙයි කියා යමෙක් කියනවා නම් එවැනි කොටස් සමග වත්මන් ආණ්ඩුවේ මර්දනයට එරෙහිව එකට සිට ගන්නේ කොහොමද කියාත් පැහැදිලි කළ යුතුයි. ඒකාබද්ධ ක්‍රියාමාර්ග දේශපාලනයේදි අවශ්‍ය වන මොහොතවල් තියෙන්න පුළුවන්. හැබැයි ඒ තේරුමක් නැතුව නෙවෙයි. තේරුමක් ඇතුව.)

ඒ අනුව මර්දනයට අවංකව එරෙහි වන්නේ නම් ඊට සමගාමීව නව ජනවරමක් සඳහා උද්ඝෝෂණය කිරීම සහමුලින්ම ප්‍රජාතන්ත්‍රවාදියි. 

මේ සටහනේ අවසානය හැටියට තාරකට කියන්නට ඇත්තේ, මැතිවරණයක් ඉල්ලා උද්ඝෝෂණය කිරීම දේශපාලන බාල ක්‍රියාවක් නොවන බවයි. වත්මන් පාලකයන්ට මේ විදියටම වැජඹෙන්නට ඉඩ හැරියොත් ආර්ථික අර්බුදයෙන්, මර්දනයෙන්  හා ප්‍රජාතන්ත්‍ර විරෝධීත්වයෙන් තැලි තැලී පෙලි පෙලී මුලුමහත් සමාජයටම එකවිට කාලක්‍රියා කරන්න පුළුවන්. 

ජනතාවනි, වාමාංශිකයිනි, ප්‍රජාතන්ත්‍රවාදියනි, ප්‍රගතිශීලියනි, විප්ලවවාදියනි; මේ දුර්දාන්ත පාලකයන්ට එරෙහිව බුර බුරා නැගෙන ජනතා විරෝධය නිරායුධ ශිෂ්ට සම්පන්න ක්‍රමයකට සලකුණු කරන්නට ඔවුනට ඉඩ දෙන්න. ඒ අයිතිය සුරක්ෂිත කිරීම සඳහා සටන් කරන්න. 

– තාරක

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan