*
Wednesday, June 26, 2024
spot_img

Latest Posts

රට ගොඩගත නොහැකි මධ්‍යම පාන්තික බරවා කකුළ ….

අපේ රටේ මහා සමාජය විසින් පොඩි දරුවෙකුගේ පවා කුඩාකල සිටම ඔළුවට දමන හීනය අනාගතයේ වයිට් කොලර් වෘතිකයෙකු වන ලෙසය. “ලොකු උනාම බබා කරන රස්සාව මොකක්ද” යන ප්‍රශ්ණයට දිය යුතු පිළිතුර වැඩිහිටි සමාජය විසින් කලින්ම නිර්මාණය කරන ලද්දකි.

මෙහිදී පිළිතුර ලෙස මේසන් රැකියාව හෝ ගොවිතැන ලෙස හෝ ළමයා පවසා සිටියහොත් ඒ පිළිතුරෙන් වැඩිහිටියන් කෝපයට පවා පත්විය හැකිය. එයට හේතුව මුලු ජාතියේම දර්ශනය සකස්වී ඇත්තේ මධ්‍යම පන්තිය විසින් මෙහෙයවන චින්තනයකට අනුවය.

මේ සුදු කොලර් වෘතීන් නිර්මාණය වෙලා තියෙන්නෙ රුපියල් සේවා ආර්ථිකය තුලය.(උදාහරණ ලෙස රාජ්‍ය අංශයේ නීතිඥ, වෛද්‍ය වෘතීන් සහ පෞත්ගලික අංශයේ ඉන්ෂුවරන්ස්, පිනෑන්ස් සහ වානිජ්‍ය හා මුළ්‍ය ක්ෂේත්‍රයේ ඉහල වැටුප් හා ආදායම් ලබන වෘතීන්) මේ වෘතීකයන් රට තුලම මුදල් එහෙ මෙහෙ කිරීමකට මිසක කිසිඳු නිශ්පාදන ක්‍රියාවලියකට හෝ විනිමය ඉපයීමකට සම්බන්ද වන්නේ නැත.

ලංකාවේ ඉංජිනේරු ශිල්පීන් අයත්වන්නෙද මේ ගොඩටමය.මන්ද ලංකාවේ ඉංජිනේරු ශිල්පීන්ගේ වැඩි දායකත්වය හිමිවන්නෙ රජයේ ඉදිකිරීම් සඳහා සහ පෙර කී සුපිරි මධ්‍යම පන්තියේ නිවාස ඉදිකිරීම් සඳහාය. ඒ හැර ඔවුන්ද විනිමය ඉපයීමකට දායක නොවේ..

මේ ක්ෂේත්‍රවල වෘතීන්වල නියැලෙන්නන් ඉහල වැටුප් ලබන්නේ රුපියල් වලිනි. නමුත් එකී රුපියල් වැයකර ඔවුන් ගතකරන ජීවිතයට අවශ්‍ය යාන වාහන සහ අනෙකුත් බාන්ඩ මෙරටට ගෙන්වීම සඳහා විශාල ඩොලර් ප්‍රමාණයක් වැයවේ.

ඔවුන් බාවිතාකරන සුඛෝපභෝගී නිවාස සඳහා අවශ්‍ය අධිමිල බාත් රූම් අයිටම්ස්, ඉලෙක්ට්‍රොනික් උපකරණ ඇතැම්විට ආහාරපාන පවා මෙරටට ගෙන්වීමට විශාල විනිමය ප්‍රමාණයක් වැයවේ.

කිසිදු විනිමය ඉපයීමකට දායකත්වයක් නොදෙන සහ රටේ ඩොලර් වත්කම් වේගයෙන් ගිලදමන මෙවන් විශාල මධ්‍යම පන්තියක් සිටින ඕනෑම රටක ඉරණම ලංකාවේ බංකොලොත් ඉරණමට සමානවේ.

රට බංකොලොත් වෙන තරමටම ලබාගත් විදේශීය ණය මේ මොහොතේ ඇත්තේ කොහේදැයි අපි විමසා බැලුවහොත් ඒ ඩොලර් දැන් ඇත්තේ පෙරකී විධායක වෘතිකයන්ගේ යානවාහන සහ අතිරේක ඉඩකඩම් නිවාස ලෙසිනි.

තවත් කොටසක් පලදායි නොවන “හයිවේ” වැනි ව්‍යාපෘතිවල අයෝජනය කර ඇත. එහිදී ද එකී හයිවේ මාර්ග, ජොගින් ට්‍රැක් වැනි පහසුකම් බුක්ති විඳින්නේද මෙකී මධ්‍යම පාන්තිකයන් විසිනි. නමුත් මේවා ඉදිකිරීමට ගත් ණය නැවත ගෙවීම සඳහා පරිප්පු ටිකෙන් සීනි ටිකෙන් සීයට අසූවක් වක්‍රබදු බදුගෙවන්නෙ අඩු ආදායම් ලාබී පොඩි මිනිසුන්‍ ය. එහිදී රජය මැදිහත්ව එකී පහසුකම් බුක්ති නොවිඳින සහ එකී පහසුකම් අදාල නැති ජනතාවට බදුගසා නඩත්තු කරන්නේ මෙකී මධ්‍යම පන්තියේ පහසුකම් ය.

ලංකාවේ අතිබහුතර ජනයා මේ මධ්‍යම පන්තියට අයත් අය නොවේ. රටේ අතිබහුතරය පීඩිතයින්‍ ය.

නමුත් ලංකාවේ දේශපාලන මතය හා දර්ශනය නිර්මාණය කරන්නේ මේ මධ්‍යම පන්තිය විසිනි.
ලංකාවේ ලුම්පන් සිංහල බෞද්ධ කොටස් අවුලපු වර්ගවාදී ගින්නෙහි මතවාදී නිර්මාතෘවරුන් වන්නේ ගුනදාස අමරසේකර නලින්ද සිල්වා වැනි මධ්‍යම පන්තියේ පඬියන්‍ ය.

රාජපක්ෂලාගේ ජොගින් ට්‍රැක්, නගර සංවර්ධන ව්‍යාපෘතිවල සහ හයිවේ ව්‍යාපෘතිවල එක් අරමුණක් වූයේ මහජන මුදල් හොරා කෑමය. එහි අනික් අරමුණ මෙකී ඉහල මධ්‍යම පන්තිය පිනවීමය ඒ හරහා සමාජයේ මතවාද හසුරුවන මේ පන්තිය දිනාගැනීමය.(රජයේ වෛද්‍ය නිලධාරී සංගම් වියත්මග අරමග මේමග සියල්ල අයත්වන්නේ මේ පන්තියටය.)

නමුත් සියල්ල කනපිට පෙරළුන බව දැනුන සැනින් රාජපක්ෂලාට මුලින්ම පහරදීමට පැමිණියේද මේ මධ්‍යම පන්තියයි. ඒ මාක්ස් පැවසූ මධ්‍යම පන්තියටම ආවේණික හෘද ශාක්ෂියක් නැති අර්ධ ලුම්පිත අවස්තාවාදී අස්තානය නිසාය.

පවත්නා ආර්ථික රටාව වෙනස් උවහොත් ස්වකීය පරපුටු වරප්‍රසාද වලට කෙලවෙන නිසා නව ප්‍රතිසංස්කරණ වලට එරෙහි බොරු බිල්ලන් නිර්මාණය කරන්නේද් මේ මධ්‍යම පන්තිය විසිනි.

බටහිර ලෝකයේ මධ්‍යම පාන්තික මාක්ස්වාදී හා ලිබරල් බුද්ධිමතුන් විසින් සමාජය යහපත් දිසාවකට මෙහෙයවීමට අවශ්‍ය ඔවුන්ගේ බුද්ධිමය දායකත්වය සැපයුවද ලංකාව නැමති දූපත තුල
අනගාරික ධර්මපාලගේ සිට ගුණදාස අමරසේකර දක්වාම මධ්‍යම පාන්තික උගතුන් ස්වකීය දුෂ්ඨ මතවාදී ශක්තිය වැයකලේ සමාජය ස්වයං විනාශයක් කරා තල්ලුකර දැමීමටය.

මෙහිදී ලංකාවේ වමේ ව්‍යාපාර ගැන අවධානය යොමුකරන විට පෙනී යන්නේ ඇන්.ඇම්. ලගේ සහ කොල්වින්ලගේ පරම්පරාවේ යම් පමණකට හෝ තිබූ බුද්ධිමය විභවය සහ අඩංගුව වර්තමාන අරගල වම තුල නැතිබවය. ඒවෙනුවට එකී ව්‍යාපාර ඇතැම් අවස්තාවල ගුණදාස අමරසේකරලගේ මත බෙදාහරින රෝග වාහයන්ගේ මට්ටම වැටුන අවස්තාද තිබින.

මේ මොහොතේ බුද්ධිමය හිසක් නැති ඉබාගාතේ යන කවන්දයක් බවට පත්ව ඇති වමේ ව්‍යාපාර සතුව ඇත්තේද මධ්‍යම පන්තිය වෙනුවෙන් කඩේයන සටන් පාඨ ටික පමණි. ලංකාවේ වැඩි අදායම් ලබන ඉහල මධ්‍යම පන්තිය මත ඝෘජු බදු පැනවූ විට ඊට එරෙහිව වාමාංශිකයන් පාරට බහින්නේ මේ සන්ධර්බය තුලය.
වතාවක් ලක්ෂ හතරේ පහේ වැටුප් ලබන විශ්ව විද්‍යාල ආචාර්ය වරුන්ගේ වැටුප් හා දීමනා තව තව වැඩිකර ගැනීමේ සටනක වම නිරතව සිටියේය.

රුපියල් විසිපන්දාහකට වඩා අඩු වැටුප් ලබන මිනිසුන් මිලියන ගානක් ඉන්න රටක මධ්‍යම පන්තියේ ලක්ෂ හතරේ පහේ පඩි වැඩිකරගැනීම වෙනුවෙන් පෙනීසිටීමට වමට ඇති අමාරුව කුමක්ද ..?

රටට අවශ්‍යකරන විනිමය සොච්චම කාලයක් තිස්සෙ හොයාගත්තෙ ඇඟළුම් ශ්‍රමය, මැදපෙරදිග කාන්තා වහල් ශ්‍රමය හා වතු ශ්‍රමය විකිනීමෙනි.

රට මෙවන් ණය කන්දකට යට වීමට හේතුවූයේ එකී විනිමය සොච්චම මෙන් කීප ගුණයක විනිමය වියඳමක් දරමින් නඩත්තුවෙන මේ මධ්‍යම පාන්තික ජීවිත නිසාය.

~ ප්‍රියශාන්ත රාජපක්ෂ

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan