*
Monday, September 23, 2024
spot_img

Latest Posts

දේශීය පුවත් විස්තරය: සාරාංශය 10/26

1. ආසියානු කටයුතු සඳහා වන එක්සත් ජනපද භාණ්ඩාගාරයේ නියෝජ්‍ය සහකාර ලේකම් රොබට් කප්‍රෝත් ශ්‍රී ලංකාවට පැමිණ ඇති බව ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපතිනි ජුලී චන්ග් ප්‍රකාශ කරයි – “ශ්‍රී ලංකාවේ ආර්ථිකය යථා තත්ත්වයට පත්කිරීමේ ඉදිරි මාවත” පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ඔහු රජයේ සහ ආර්ථික නායකයන් හමුවීමට නියමිත බව ද ප්‍රකාශ කරයි.

2. විවේක සහ විනෝද ක්‍රියා සඳහා වූ ස්විස් ගුවන් සේවයක් වන Edelweiss, ප්‍රංශයේ ජාතික ගුවන් සේවය වන Air France, නෙදර්ලන්තයේ ජාතික ගුවන් සේවය වන Royal Dutch Airlines සහ රුසියාවේ විශාලතම වරලත් ගුවන් සේවය වන Azur Air නොවැම්බර් මස 01 වන සතියේ සිට කොළඹ දක්වා ගුවන් ගමන් නැවත ආරම්භ කිරීමට නියමිතයි.

3. ද්විත්ව පුරවැසිභාවය සහිත සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවෙන් ඉවත් කිරීමට කථානායක මහින්ද යාපා අබේවර්ධන පියවර ගත යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී මහාචාර්ය චන්න ජයසුමන ප්‍රකාශ කරයි – ද්විත්ව පුරවැසියන් දුසිමකට ආසන්න සංඛ්‍යාවක් පාර්ලිමේන්තුවේ සිටින බව ද අනාවරණය කරයි.

4. ද්විත්ව පුරවැසියන් යැයි කියන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් ඕනෑම තීරණයක් ගත යුත්තේ අධිකරණ ක්‍රියාවලියක් හරහා බව මැතිවරණ කොමිසමේ සභාපති නිමල් පුංචිහේවා ප්‍රකාශ කරයි – එම කාරණය මැතිවරණ කොමිසමේ විෂය පථයේ සීමාවන්ට පිටතින් ඇති බව ද පවසයි.

5. හිටපු එල්.ටී.ටී.ඊ සිරකරුවන් 08 දෙනෙකුට ජනාධිපති රනිල් වික්‍රමසිංහ යටතේ ජනාධිපති සමාව! – ඔවුන් අතරින් තිදෙනෙකු හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරණතුංග ඝාතනය කිරීමට තැත් කිරීමේ චෝදනාවට වරදකරුවන් වූ අය වන අතර, ඔවුන් නිදහස් කිරීමට ඇගේ කැමැත්ත ලබා දී ඇති බව ද වාර්තා වේ.

6. අප්‍රේල් මාසයේදී ප්‍රකාශයට පත් කරන ලද ණය පැහැර හැරීමෙන් පසු රටට සහාය දීමට වෙනත් කිසිවකු සූදානම් නැති බැවින්, ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙහි සහය තිබෙන “එකම මාවත” යැයි මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ ප්‍රකාශ කරයි – පාර්ලිමේන්තු අනුමැතියකින් තොරව මහ බැංකු අධිපති සහ භාණ්ඩාගාර ලේකම් විසින් කඩිමුඩියේ ස්වෛරී ණය පැහැර හැරීම නිවේදනය කිරීම හේතුවෙන් අවම වශයෙන් ඇ.ඩො. බිලියන 10.7 ක සැලසුම්ගත විදේශ විනිමය ගලා ඒමක් නොසලකා හැර ඇති බවට දත්ත පෙන්වා දෙයි.

7. 2022 වර්ෂයේ සැප්තැම්බර් මස වෙළඳ භාණ්ඩ අපනයනය වසරින් වසර (y-o-y) සියයට 5.75 කින් ඇ.ඩො. මිලියන 1,094 දක්වා වැඩි වී ඇත – 2022 පළමු මාස ​​9 තුළ වෙළඳ භාණ්ඩ අපනයන සඳහා ඇ.ඩො. බිලියන 10 ක් වාර්තා විය.

8. ශ්‍රී ලංකාවේ වැඩිහිටි ජනගහනයෙන් සියයට 57.9 කට මූල්‍ය සාක්ෂරතාව (මූල්‍ය කටයුතු පිළිබඳ ඇති මනා අවබෝධය) ඇති බව මහ බැංකු සමීක්ෂණයකින් අනාවරණය වෙයි – සියයට 55.2 කාන්තාවන්; සියයට 61.1 පිරිමින්.

9. සූර්යබල පද්ධති සඳහා පෙර පැවති රු. 22 ක හා රු.15.50 ක ස්ථර දෙකක ගාස්තු ක්‍රමය වෙනුවට කිලෝවොට් 500 ට අඩු පද්ධති සඳහා රු. 37ක ස්ථාවර ගාස්තුවක් සහ කිලෝවොට් 500 ට වැඩි පද්ධති සඳහා රු. 34.50 ක ස්ථාවර ගාස්තුවක් ලබා දීමට වසර 20ක් සඳහා අවසර ලබා දී ඇති බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ප්‍රකාශ කරයි.

10. ඔස්ට්‍රේලියාව 2022 ICC පිරිමි T20 ලෝක කුසලානයේ දී ශ්‍රී ලංකාව කඩුලු 7කින් පරාජය කරයි – ශ්‍රී ලංකාව 157/6 (20); ඕස්ට්‍රේලියාව 158/3 (16.3).

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan