දේශීය පුවත් විස්තරය: සාරාංශය 10/26

Date:

  1. ඉකුත් දින සිදුකළ කැබිනට් සංශෝධනය හුදු තනතුරු වෙනසක් මිස රටේ ප්‍රශ්නවලට ඵලදායී විසඳුමක් නොවන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පා.ම. නාමල් රාජපක්ෂ පවසයි: වත්මන් පාලනය වැනි සභාග රජයක් පවත්වාගෙන යාමේදී තීරණ ගැනීමේ ක්‍රියාවලියට සම්බන්ධ සියලුම දේශපාලන පක්ෂ සමඟ සාකච්ඡා කිරීමට යාන්ත්‍රණයක් තිබෙන බව සහතික කිරීම රජයේ වගකීම බව පවසයි.
  2. විදෙස් ශ්‍රමිකයින්ට ලබා දී ඇති විද්‍යුත් වාහන ආනයන බලපත්‍ර යොදාගනිමින් ආනයනය කළ බවට සැක කෙරෙන වාහන 07ක් රේගු භාරයට ගත් බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසයි: ඒ අන්දමින් ම අලෙවි කළ බවට සැක කෙරෙන අනෙකුත් වාහන පිළිබඳ සොයා බැලීමට පරීක්ෂණ ආරම්භ කෙරේ.
  3. සමනලවැව ජලාශයේ මෙගාවොට් 200ක පාවෙන සූර්ය බලශක්ති ඒකකයක් සංවර්ධනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි: මෙම පාවෙන සූර්ය බලාගාර වෙත ආයෝජනය කිරීම සඳහා ජාත්‍යන්තර සහ දේශීය සංවර්ධකයන්ගෙන් මෙගාවොට් 100 බැගින් වූ ව්‍යාපෘති 2ක් සඳහා උනන්දුව ප්‍රකාශ කිරීමේ ලිපි (EOI) කැඳවීමට නියමිත ය.
  4. චීන පර්යේෂණ නෞකාවක් වන “Shi Yan 6” නැවත පිරවීමේ කටයුතු (replenishment) සඳහා අද කොළඹ වරායට පැමිණීමට නියමිත බව විදේශ අමාත්‍යාංශය පවසයි.
  5. 2023 සැප්තැම්බර්වල විට වයස අවුරුදු 16ට අඩු ගැහැණු ළමුන් 168 දෙනෙකු ලිංගික අපයෝජනයට ලක්ව ඇති බවට වාර්තා වී ඇති බව කාන්තා හා ළමා කටයුතු පිළිබඳ රාජ්‍ය ආමත්‍ය ගීතා කුමාරසිංහ පවසයි.
  6. රජයට අයත් මිල්කෝ සමාගමේ සභාපති රේණුක පෙරේරා එම සමාගමේ ප්‍රධාන කාර්යාලයේ දී ප්‍රාණ ඇපයට තබාගෙන ඇති බව වාර්තා වේ: මෙම සිදුවීමට අදාළව සේවකයන් 13 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
  7. රජය විසින් “තහනම්” පුද්ගලයන් සහ සංවිධාන ලැයිස්තුවෙන් වරක ඉහළ මට්ටමේ එල්ටීටීඊ ක්‍රියාකාරිකයකු ලෙස කටයුතු කළ එමිල් කාන්තන් ඉවත් කර තිබේ: ආරක්ෂක ලේකම් (විශ්‍රාමික) ජනරාල් කමල් ගුණරත්න විසින් මේ සඳහා වන ගැසට් පත්‍රය ප්‍රකාශයට පත් කර ඇත.
  8. රාත්‍රී කාලයේ සේවය කිරීමට කාන්තාවන් සවිබල ගැන්වීම සඳහා සාප්පු සහ කාර්යාල පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය හිමිවේ: කාන්තාවන්ට, විශේෂයෙන්ම තොරතුරු තාක්ෂණයේ සේවය කරන කාන්තාවන්ට වැඩි අවස්ථා ලබා දීම සංශෝධනයේ අරමුණ බව සඳහන්.
  9. දේශීය හා ජාත්‍යන්තර ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ යාන්ත්‍රණයන් සැසඳීමට හැකිවිය යුතු බව සමඟි ජන බලවේගයේ “ආර්ථික ගුරු” පා.ම. හර්ෂ සිල්වා පවසයි: රටේ ආර්ථිකය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අපේක්ෂාවන් ට වඩා වර්ධනය වුවහොත්, ජාත්‍යන්තර ණය හිමියන්ට ලැබෙන ඕනෑම ප්‍රතිලාභයක් සේවක අර්ථසාධක අරමුදල වෙත ද ලැබෙනු ඇති බවට සහතික කිරීම වෙනුවෙන් කැපවන බව පවසයි: කෙසේවෙතත්, 2022 අප්‍රේල් මසට ප්‍රථම ශ්‍රී ලංකාවේ ස්වෛරී ණය ප්‍රතිව්‍යූහගත කිරීම, රුපියල පා කර හැරීම, බදු ඉහළ දැමීම සහ දැඩි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩපිළිවෙලක් සඳහා හර්ෂ ද සිල්වා දැඩි ලෙස පෙනී සිටි පුද්ගලයෙකි.
  10. 2023 ආසියානු පැරා ක්‍රීඩා උළෙලේදී, පිරිමි ජෙවලින් විසිකිරීමේ ඉසව්වේ (F64) රිදී පදක්කම සමිත දුලාන් ට; කාන්තා දුර පැනීමේ ඉසව්වෙන් (T47) රිදී පදක්කම ජනනි ධනංජනා ට; කාන්තා දුර පැනීමේ ඉසව්වෙන් (T47) ලෝකඩ පදක්කම කුමුදු ප්‍රියංගිකා ට; පිරිමි වෙඩි තැබීමේ ඉසව්වෙන් (F63) ලෝකඩ පදක්කම පාලිත බණ්ඩාර ට.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රාජිතගෙන් මෝසමක්!

කොළඹ LNW:අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින්...

රතන හිමිට එරෙහිව වරෙන්තු!

කොළඹ LNW:පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ට එරෙහිව අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු...

හල්ලොලුව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: අද (18) දින ජාතික...

පොලිතින් හා සම්බන්ධ පරිසර සම්මේලනයක්, ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවර පිහිටි එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ දී!

සටහන – රත්නපාල ගමගේ ස්විට්සර්ලන්තය (LNW) : ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර...