කුසල්ගේ ගිණි කෙළි වැස්සට නිවුණත් තරගාවලි ජය ශ්‍රී ලංකාවට

Date:

සටහන – නිශ්මං රණසිංහ

ඔක්තෝබර් 27, (LNW) කොළඹ: ශ්‍රී ලංකා කොදෙව් එක්දින තරගාවලිය තෙවන තරගය වන විටත් 2-0 ක් ලෙස ජයගෙන සිටි ශ්‍රී ලංකාවට වර්ෂාව විසින් ඇති කරන ලද බාධාවන් හමුවේ 2-1 ක් ලෙස ජයග්‍රාහීව නිමා කරන්නට ලැබිණ.පන්දු වාර 17.2 ක් ගෙවෙන තැන ඇද හැළුණු වර්ෂාව නිසා තරගය නැවත්වීමට සිදු විය.එවිට ලකුණු තත්ත්වය ලකුණු 81 ට කඩුලු 1 ක් විය.ඉනික්බිති තරගය පන්දුවාර 23 ට සීමා කෙරුණු අතර එම සීමාව තුළ ශ්‍රී ලංකාව කෙතරම් ලකුණු ප්‍රමාණයක් රැස් කරන්නේද යන කාරණය මත ඩක්වර්ත් ලුවිස් න්‍යාය මත කොදෙව්වන් ලබා ගත යුතු ලකුණු ප්‍රමාණය තීරණය කිරිම තීරණය විය.

එවිට ශ්‍රී ලංකාවට පන්දු ඕවර් 23 සම්පූර්ණ කිරීම සඳහා ඉතුරුව තිබුණේ තවත් පන්දු වාර 5.4 ක් පමණි.එහිදී කුසල් මෙණ්ඩිස්ගේ දැවන්ත ප්‍රහාරය හමුවේ ශ්‍රී ලංකා ඉණිමට තවත් ලකුණු 75 ක් එකතු විය.එහිදි පන්දු 22 දී ලකුණු 56 ක් ම එකතු කර දුන්නේ කුසල් වීම කැපී පෙණින.පන්දු 17 න් අර්ධ ශතකය ලබා ශ්‍රී ලාංකිකයෙකු ලැබූ වේගවත්ම එක්දින අර්ධ ශතකය ලැබීමේ අවස්ථාව සන් ජයසූරිය සමඟ සම කිරීම පන්දු දෙකකින් මඟ හැරුණු කුසල් පන්දු 19 න් අර්ධ ශතකය ලබා ගත් අතර හයේ පහරකින් සහ හතරේ පහර නවයකින් එම ඉණිම ඔපවත්ව තිබිණ.
පළමු කඩුල්ලට ලකුණු 81 ක සබඳතාවයක් තැබීමට අවිශ්ක ප්‍රනාන්දු (34) සහ පැතුම් නිශ්ශංක (56) පන්දු ඕවර් 17.1 ක් ගත කළ ද,පැතුම් ට සහ නොදැවී ලකුනු 56 ක් ලැබූ කුසල් ට දෙවන කඩුල්ල සඳහා ලකුණු 57 ක සබඳතාවයක් ඇති කරන්නට ගත වුණේ පන්දු 26 ක් පමණි.

කුසල් විසින් එල්ල කළ ප්‍රහාරය නිසා ඩක්වරත් ලුවිස් න්‍යාය මත කොදෙව් කණ්ඩායමට එල්ල වූ ඉලක්කය ලකුණු 196 ක් විය.එම ලකුණු ප්‍රමාණය හඹා යාමේදී මේ තරගාවලියේ දී වාර්තා වූ පළමු සහ එකම ශතකය සිය නමට ලියා ගනිමින් එවින් ලෙවිස් පන්දු 61 දි නොදැවී ලකුණු 102 ක් ලබා ගනිමින් කොදෙව් ජයග්‍රහණය වෙනුවෙන් පෙරමුණ ගත්තේය.එක්දින තරගාවලිය පුරාම ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට පීඩනයක් ඇති කළ ෂෙර්ෆේන් රදර්ෆඩ් තරගාවලියේ තෙවන අර්ධ ශතකයද ලබා ගනිමින් පන්දු 26 දී නොදැවී ලකුණු 50 ක් ලබා ගනිමින් කැපී පෙණින.ලෙවිස් සහ රදර්ෆඩ් දෙදෙනා තෙවන කඩුල්ල සඳහා නොබිදුණු ජයග්‍රාහී ලකුණුු 88 ක සබඳතාවය ඇති කිරීම සඳහා වැය කළේ පන්දු 45 ක් පමණි.

තරගයේ ලකුණු පූවරුව – https://es.pn/3CcDzTS

තරගාවලියේ එකම ශතකය සිය නමට ලියා ගනිමින් කොදෙව් ජයග්‍රහණයට උර දුන් එවින් ලෙවිස් තරගයේ වීරයා විය.තරගාවලියේ තුන් ඉරියව්වෙන්ම ශ්‍රී ලංකාව ලැබූ තරගාවලි ජයට දායක වූ සහ එම ජයග්‍රහණය වෙනුවෙන් කණ්ඩායමට නායකත්වය දුන් චරිත් අසලංක තරගාවලියේ වීරයා විය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නව කොවිඩ් ප්‍රභේදයේ පැතිරීම සහ දැනට වාර්තා වී ඇති මරණ ගැන දැනුම් දීමක්

සටහන - රුවන් නෙළුගොල්ල මේ වනවිට රට පුරා පැතිර යන...

ඌව පරණගම රහස් ඡන්දයක් පවත්වයි. බලය මාලිමාවට !

සටහන - රුවන් නෙළුගොල්ල ඌව පරණගම ප්‍රාදේශීය සභාවේ බලය ජාතික...

ආසියානු සටනට යන වෙරළ වොලිබෝල් යෞවනයන් තේරීම ජූනි 25 දා මීගමුවේදී

නිශ්මං රණසිංහ ජුනි 12, කොළඹ LNW: ඔක්තෝම්බර් 22 සිට 31...

W15 හෝටලයට වෙඩිතැබීම : ඇන්ස්ලම් ද සිල්වා නෙවිල් ද සිල්වාට එරෙහිව සාක්ෂි දෙයි !

වැලිගම W15 හෝටලයට වෙඩිතැබීමට නියෝග කළේ එවකට කොළඹ අපරාධ...