ලොහාන්ගේ බිරිඳට අයත් නිවසකින් සුඛෝපභෝගී වාහනයක් අත්අඩංගුවට !

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේගේ බිරිඳට අයත් නිවසක තිබී ලියාපදිංචි අංක තහඩු රහිත සුඛෝපභෝගී මෝටර් රථයක් සොයාගෙන තිබේ.

මිරිහාන ඇඹුල්දෙණිය ශාලාව පාරේ තෙමහල් නිවසක අංක තහඩු නොමැති සුඛෝපභෝගී මෝටර් රථයක් ඇති බවට පොලිස් මූලස්ථානයට ලැබුණු ඔත්තුවක් අනුව මිරිහාන පොලීසිය මෙම රථය පොලිස් භාරයට ගෙන ඇත.

මෙසේ පොලිස් භාරයට ගෙන ඇත්තේ ‘ලෙක්ෂස්” වර්ගයේ මෝටර් රථයකි.

හිටපු රාජ්‍ය අමාත්‍යවරයා සහ බිරිඳ පොලීසියට සාක්ෂි දී ඇත්තේ, අදාළ රථය නිවසේ ගරාජයට ගෙනැවිත් දැමුවේ මීට දින කිහිපයකට පෙර වෙඩි තබාගෙන මියගිය සිය පෞද්ගලික ලේකම්වරයා බවය.

මෙම නිවසේ හිටපු අමාත්‍යවරයාගේ බිරිඳගේ මව පදිංචිව සිටින අතර හිටපු පෞද්ගලික ලේකම්වරයා මීට සති තුනකට පෙර මෙම මෝටර් රථය තම නිවසේ ගරාජයට ගෙනවිත් දැමූ බවයි හිටපු අමාත්‍යවරයා සහ බිරිඳ සඳහන් කර ඇත්තේ.

මේ සම්බන්ධයෙන් මිරිහාන පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

BLUE පෙරමුණට

නිශ්මං රණසිංහ ජනවාරි 09, කොළඹ LNW: ශ්‍රී ලංකා කාන්තා විස්සයි...

වත්මන් රජය පිළිබදව ජාත්‍යන්තරයෙන් දැඩි විශ්වාසයක්!

රෂිකා හෙන්නායක ජනවාරි 09, කොළඹ LNW : ජනතාව රජයට ගෙවන...

පිලිපීනයේ කුණු කන්දක් කඩා වැටීමෙන් එක් අයෙකු මියගොස් 38 දෙනකු අතුරුදන්

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 09: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පිලිපීනයේ සෙබු නගරයේ...

ආපදා කළමනාකරණ සැලසුමකට සජිත්ගෙන් නව යෝජනාවක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:රැකියා විරහිත උපාධිධාරීන් ද උපයෝගි කර ගෙන...