*
Sunday, October 27, 2024
spot_img

Latest Posts

ආසියාවේ විශිෂ්ඨතම නෙට්බෝල් ක්‍රීඩිකාවන්ට පරාජයට පාර කැපුණු හැටි- සිංගප්පූරුවට සූරතාවය

සටහන – නිශ්මං රණසිංහ
ඔක්තෝබර් 27,(LNW) කොළඹ :

ශ්‍රී ලංකාව සතුව තිබුණු ආසියානු නෙට්බෝල් කුසලානය සිංගප්පූරුව උඳුරා ගත්තේය.සූරතාවලිය පවත්වා ඇති අවස්ථා 12 න් හයකදීම ශ්‍රී ලංකාව සතු කර ගෙන සිටි ආසියානු කුසලානය ඉතාම තියුණු තරගයකින් පසුව ශ්‍රී ලංකාවට අහිමි කරමින් ලකුණු 67-64 ට සිංගප්පූරුව ජය ගත්තේය.මේ පරාජයේ බර ඇත්තටම සජීවී ව ක්‍රීඩිකාවන්ට පැවරුණත්,එහි පිටුපස තිබෙන ඛේදවාචකයේ හිමිකරුවෝ නෙට්බෝල් පරිපාලනයට ක්‍රීඩාවට වඩා ආසා කරන පාලනයට කෙහෙවලු පටලවා ගන්නා නෝනාවරුය.


නෙට්බෝල් ක්‍රීඩාවට පරිපාලනයක් නැත.නිලවරණය හිටපු පරිපාලනය නිවැරදිව පැවත්වූයේ නැත.තම පාර්ශවයට බලය අහිමි වේ යැයි සිතා විවිධ විෂමතා කරන ලද බවට එල්ල වූ චෝදනා නිසා මේ වන විට නෙට්බෝල් පරිපාලනය ඇත්තේ ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා අතය.එල්ල වූ චෝදනා අතර බරපතලම චෝදනාව වූයේ යාලනය නෙට්බෝල් පරිපාලනයෙ ඔවුන්ගේ භාෂාවෙන් දැනුවත් නොකර එල්ල වූ ඔවුන්ගේ නිලවරණ අයදුම්පත් ප්‍රතික්ෂේප කිරීමය.තිස් වසරක යුද්ධයකින් පසුව නැවත බලය වෙනුවෙන් මෙසේ කල්පනා කිරීමම ද්‍රෝහිකමක් වුව ඒ කිසිවක් සළකා බලා,නිවැරදි පරීක්ෂණයක් නොකර රගර් ක්‍රීඩාවේදී කළ ආකාරයටට ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා සිඳු කර තිබුණේ චෝදනා එල්ල වූ පරිපාලනයේ සිටි අයටම වගකීම් පැවරීමය.


කෙසේ හෝ සක්‍රීය නොවුණු පරිපාලනයක් ඇතුළේ ඇති අස්ථාරභාවය සමඟ මේ කණ්ඩායමට ඉහළ තරගකාරි අත්දැකීම් නොලැබිණි. ශාරිරිකව ක්‍රීඩා කිරීම විනා ඔවුන්ගේ මනස ඒ වෙනුවෙන් සකස් කර ගෙන තිබුණේ නම් ඒ කිසිඳු පහසුකමක් නැතුව ඔවුන් අවසාන තරගයේදී පෑ හපන්කම්වලින් සූරතාවය රැක ගන්නට තිබිණ.එහෙත් නිශ්චිත කාර්තු හතරෙක් පසුවත් කරට කර සිටිමින් රැඟෙන ගිය අතිරේක කාලයේ දෙවන කාර්තුවේදී සිංගප්පූරුව ශ්‍රී ලංකාවේ මානසික ඒකාග්‍රතාවයට පහර එල්ල කරන්නට සමත් විය.


අප අවසාන තරගයට පෙර එම තරගය කරන ලද අදහස් දැක්විමේදී පැවසුවේ ශ්‍රී ලංකාවට ඉතිම හොඳින් ක්‍රීඩා කරන ක්‍රීඩිකාවන් හත් දෙනෙකුගෙන් එහාට හිතන්නට සූදානමක් නොමැති බවය.මේ තරගයේ දී ඒ බව හොඳින් පැහැදිළි විය.ඔවුන් අතිරේක කාර්තුවේදී ඔවුන්ගේ ප්‍රධාන දැල් රකින්නිය වන ලී වෙයි ශාන් බිටතට ගෙන අමර්දීප් චහාල් යෙදවීය.අමර්දිප් තරගය ආරම්භ කරන මොහොතේ සිටියත් පසුව ඇය වෙනුවට වින්ග් ඇටෑක් හී ක්‍රීඩා කළ ටෝ කයි වෙයි කැඳවා ඇය හරහා ලකුණු එකත් කර ගන්නට සමත් වූ සිංගප්පූරුව සමාන ආදේශ සහිතව පිටියට පිවිස සිටියත් ශ්‍රී ලංකාවෙන් එවැන්නක් දකින්නට ලැබිණ.
තිසාලා අල්ගම අවසාන තරගය දක්වා ශ්‍රී ලංකාව ගෙන එන්නට මීට පෙර තර්ජනී කළ සේවය තරමේම සේවයක් කළ බව ඇත්ත වුව ද,ඇය අවසාන තරගයේ පීඩනය ඉදිරියේ මදක් සසැලුණු බව දකින්නට ලැබිණ.ඒ මානසිකත්වය තේරුම් ගෙන ක්‍රීයා කරන්නට ශ්‍රී ලංකාවට හැකියාවක් නොලැබිණ.කෙසේ වුවත් රශ්මි දිව්‍යංජලී කාලකට පසුව ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට නිර්මාණය වූ අති විශිෂ්ඨ ක්‍රීඩිකාවක බව පෙන්වමින් තමන්ගේ ගෝල් ඇටෑක් ස්ථානයේ පුදුම මානසික විශ්වාසයකින් සහ ඒකාග්‍රතාවයකින් කටයුතු කළාය.ඇය තමන් කරන දේ නොවරදින්නට දැඩි විශ්වාසයෙන් සිඳු කළාය.


ගයංජලී අමරවංශ,දුලංගි වන්නිතිලක,මල්මි හෙට්ටිආරච්චි,ගයනි දිසානායක,සුසීමා බණ්ඩාර කරපු වරදක් ගැන කියන්නට නැත.එකම වෙනස තිබුණේ සිංගප්පුරු කණ්ඩායම සතුව තිබුණු ආත්ම විශ්වාසයය.ඔවුහු නොසැලී සටන් කළහ.
තරගයේ පළමු කාර්තුවේදීම ලකුණු 17-12 ක් ලෙස සිංගප්පූරුව පෙරමුණ ගත්තේය.එහෙත් දෙවන කාර්තිව ලකුණු 15-11 ක් ලෙස ජය ගත්තේ ශ්‍රී ලංකාවය.තෙවන කාර්තුවද එම ලකුණු පරතරයෙන්ම,එම ලකුණුම සමඟ ජය ගෙන සමස්ත තරගයේ ලකුණු තත්ත්වය 42 – 29 ක් ලෙස දක්වමින් පෙරමුණට ආවේය.ඒ අනුව තරගයේ අවසාන කාර්තුවට පිවිසෙන විට ශ්‍රී ලංකාව සිටියේ ඉදිරියෙන්ය.එහෙත් සිංගප්පූරුවේ තරග අත්දැකීම් සහ මානසික ආක්‍රමණය ඉදිරියට ආවේ එතැනදීය.සිව්වන කාර්තුව නිම වන විට දෙපළිම සිටියේ ලකුණු 52 බැඟීන් ලබා ගෙනය.අත්රේක කාලයේ පළමු විනාඩි 5 තුළ ලකුණු යළිත් සම විය.59 – 59 ක් විය.තීරණාත්මක අවසාන විනාඩි පහ තුළ සිංගප්පූරුව වඩාත් වේගවත් විය හැකි අමර්දීප් චහාල්ගෙන් වැඩ ගත්තේය.ශ්‍රී ලංකාව බලාපොරොත්තු නොවුණු ඒ සැළසුම මෙන් වෙනස් කරන්නට සැළසුමක් ශ්‍රී ලංකාවට නොතිබිණි.අප තරගයට පෙර සටහනේම මේ බව කියා පෑවේය.ඒ ශ්‍රී ලංකාවේ පැවති,ශ්‍රී ලංකාව දමයන්ති ජයසූරියගේ නායකත්වයෙන් ජය ගත් අවසාන තරගයේ දී ධම්මිකා වික්‍රමසිංහ ආදේශ කිරීම ගැන සිහිපත් කරමින්ය.


දැන් සියල්ල සිඳු වී අවසන්ය.මේ නෝනලාගේ කෙහෙවලු යුද්ධයේ පැටලී සිටින්නට අලුත් දක්ෂයන්ට අවශ්‍යය වන්නේ නැත.මේ තරගාවලියට මැද පෙරදිග විවෘත වීම යනු ඉදිරියේ නෙට්බෝල් දක්ෂයන්ට මූල්‍යමය වරප්‍රසාද සමඟින් දොර හැරෙන්නට නියමිත බව කියා පෑමකි.එසේම ජපානය දැනටමත් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවකගේ සේවය ලබා ගෙන ඇත.නිලධාරින් ද ෂේප් කර ගෙන,දේශපාලකයන්ද ෂේප් කර ගෙන ලංකාවේ නෝනා මහත්තුරුන්ට ශ්‍රී ලංකා නෙට්බෝල් කියන බෝඩ් ලෑල්ල නඩත්තු කරමින් ආසියාවට ලොක්කා වීමේ සිහින ආදියට සමීප වන්නට ඉඩ ලැබුණොත් මිස තව දුරටත් අමාත්‍යංශයේ අධ්‍යක්ෂ ජෙනරාල් මහත්තයා,විසුරුවන ලද නෙට්බෝල් නෝනලාට වගකීම් බෙදා දෙමින් කරගෙන යන මේ නෙට්බෝල් ගැහිල්ල තිබුණොත් රගර්වලට වෙච්චි දේ ම වෙනු ඇත.එයත් ලංකාවේ නීතියටත් නොනැමෙන,ආසියාවේ ඉහළ පුටුවලට පැනපු වරදට දඬුවම් නොලද පිරිසගේ නූලෙන් නැටවෙන රූකඩ බවට පෙරැලී ඇත.


ඉතිහාසයේ වැරදිකරුවන්ට රටේ ක්‍රීඩාව නොව ලෝකයේ ක්‍රීඩාවම පාලනය කරන සේ වැඩ කරන්නට දී බලා සිටින වර්ථමානයක් අග්‍රාමාත්‍යවරිය යටතේ ද,නිස්කලංකව ගලා ගෙන යන හැටි අපූරුය.චෝදනා එල්ල වී පාලනය විසන්ධි කළ ද,යළි සක්‍රීය කර වෙනස් ස්වරූපයකින් ඒ ක්‍රීඩාවේ වගකීම් පවරන ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ඒ හරහා බලාපොරොත්තු වන්නට ඇත්තේ කුසලානය රැක ගන්නටය.එහෙත් එය එසේ නොවන බව දැන් තේරුම් ගත යුතුය.විශේෂයෙන් ශ්‍රී ලංකාවේ දීර්ඝකාලීන් අත්දැකීම් ඇති ක්‍රීඩිකාවන් පිරිසක් කණ්ඩායමේ නොසිටින්නට ප්‍රතිපලය මීට වඩා දරුණු වන්නට තිබිණ.තරග අත්දැකිම් බහුල සිගප්පූරුව තරගයේ ජයග්‍රහණය කරා යන්නට සැළසුම් එකකට වැඩි ප්‍රමාණයක් ඇතුව පැමිණි බවත්,ඔවුන්ගෙන් ගිලිහෙන මෙහෙතේ නැවත තරගයට පිවිසීම සඳහා ඔවුන් ඒවා භාවිතයට ගන්නා බවත් තරගය නරඹාම තීරණය කළ යුතුය. දැඩි විශ්වාසයෙන්, විශාල දුරක සිට සිව්වන කාර්තුවේ අන්තිම තත්පරයේ රශ්මි දිව්‍යංජලී ලබා ගත් ලකුණ නොවන්නට අපට අත්රේක කාලයට පෙරම තරගයේ පරාජය භාර ගන්නට සිඳුවන බව පිළිගැනීම වැදගත්ය.රශ්මිගෙන් රැස් විහිදුණු එම ලකුණ නොවන්නට අපට ආසියානු කුසලානය මීට වඩා අඩු ගෞරවයකින් අහිමි වන්නට තිබිණ.


කිසිවෙකු හෝ අතිරේක කාලය හෝ සමාන වීම නිසා අතිරේක කාලයක් ගෙවන්නට සිඳුවීම ගැන කියන්නේනම් එය පරාජය වසා ගන්නට හිල් ඇති ඇඳුමකින් සැරසීම පමණි.එය පරිපාලනයට සහ කණ්ඩායමේ වගකීම් ලද අයට කිව නොහැකි කතාවක්ය.දශමයකින් හෝ පරාජය වීම සිඳු නොවිය යුතු එකක්ව තිබුණු බව අපේ අදහස වන අතර සිංගප්පූරුව පරාජය ජයග්‍රහණයකට හරවා ගත් ආකාරයම ආදර්ශයට ගැනීම වැදගත්ය.


පිටියේ සිටි ක්‍රීඩිකාවන් තමන්ට ලැබුණු දේ ට සාපේක්ෂව හොඳම දේ කළ බව පමණක් කිව යුතුය.ඊට වඩා තනිව යා නොහැකිය.තරග අත්දැකීම්,මානසිකත්වය නැංවීම සහ නොසැලී රඳවා ගැනීම වැනි කාරණා ක්‍රීඩකයෙකුගේ ජයග්‍රහණයට අවශ්‍යය වන අතර ඊට අවශ්‍යය ජාත්‍යන්තර දැණුම සහිත මඟ පෙන්වීමක් තිබිය යුතුය.අධ්‍යක්ෂ ජෙනරාල්වරයා තමන් ජයගනු ඇතැයි විශ්වාස කළ සමූහය විශ්වාස කරන්න ඇත්තේ ඔවුන් එවැනි බොහෝ දේ කීව නිසා විය යුතුය.එහෙත් අප ඉහත කියන අඩුව සපිරුණේ නැති බව,ආසියානු සභාපතිණිය සිටිය ද,ජාත්‍යන්තරය සමඟ එවැනි ගනු දෙනුවක් කරන්නට එවැනි දැණුමක් ලංකාවේ නෙට්බෝල් වෙත ගලා එන්නට පාරක් තනන්නට නොහැකි වූ බවත්,එය පරාජයේ ප්‍රධානම හේතුව බවත් ඉගෙනගෙන දැන්වත් නෙට්බෝල් පරිපාලනයට නෙට්බෝල් ක්‍රීඩා කරන පිරිසක් රැඟෙන එන්නට ඉඩ දෙන්න යැයි ඉල්ලා සිටිමු.

http://www.sportwaynews.com

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan