කොළඹ LNW:මේ වන විට සිරදඬුවමට ලක්ව සිටින පූජ්ය ගලගොඩ අත්තේ ඥානසාර හිමි නිදහස් කර ගැනීම සඳහා මහානායක හිමිවරුන් මෙතෙක් රජයෙන් ඉල්ලීමක් කර නැති බව කැබිනට් ප්රකාශක වෛද්ය නලින්ද ජයතිස්ස මහතා පැවසුවේය.
ඒ,අද (27) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්ය හමුවේදී යොමු කළ ප්රශ්නයකට පිළිතුරු ලබා දෙමිනි.
මහානායක හිමිවරුන් විසින් ඉල්ලීම් යොමු කළද රජය සෑම විටම කටයුතු කරනුයේ රටේ පවතින නීතිය අනුව වන අතර නීතියට ඉහළින් සිටිමින් කිසිදු වෙනසක් කිරීමට රජය අදහස් නොකරන බව සඳහන් කළේය.
කෙසේ නමුත් ඥානසාර හිමියන් සම්බන්ධව ත්රෛනිකායික මහානායක හිමිවරුන් විසින් මින් පෙර බන්ධනාගාර කොමසාරිස්වරයාට යොමු කරන ලද ලිපිය අනුව බන්ධනාගාර නිත්ය නියෝග වෙනස් කළ බවත් එම නිත්ය නියෝග මත ඉදිරියේදී කටයුතු කරන බවත් හෙතෙම කියාසිටියේය.
“අති ගෞරවණීය ත්රෛනිකායික මහා නායක ස්වාමීන්වහන්සේලා සිව්නම විසින් බන්ධනාගාර කොමසාරිස්තුමාට යවන ලද ලිපිය පදනම් කරගෙන අපි ඊට පහුවෙනිදාම මහානායක ස්වාමීන්වහන්සේලාගේ නියෝජිතයින් සමග විශේෂයෙන් අපේ අනුනායක ස්වාමින්වහන්සේලාත් ඇතුළු ලේඛකාධිකාරී ස්වාමීන්වහන්සේලාත් එක්ක සාකච්ඡා කළා. ඒ සාකච්ඡාවේ ප්රථිපලයක් හැටියට තමයි බන්ධනාගාර නිත්ය නියෝග සඳහා එකඟතාවයක ආවේ. ඒ අනුව ත්රෛනිකායික මහානායක ස්වාමීන්වහන්සේලාගේ ඉල්ලීම අනුව ඒ සාකච්ඡා පැවැත්වෙලා ඒ සාකච්ඡාවල ප්රථිපලයක් හැටියට නිත්ය නියෝග වෙනස් කළා. ඒ අනුව දැන් ඒ වෙනස් කරන ලද නිත්ය නියෝග අනුව තමයි ඉදිරියේදී කටයුතු සිදුවෙන්නේ. මෙතෙක් අපි උන්වහන්සේලා කියන ලද කරුණු අනුව කටයුතු කරලා තියෙනවා.
එකක් අපිට කියන්න පුළුවන් අපි කටයුතු කරන්නේ පවතින නීතිය අනුව සහ නීතියට සියලු දෙනා යටත් කියන තැන ඉඳගෙන. ඒ නිසා අධිකරණය විසින් ලබා දුන් තීන්දුවක් අධිකරණයට ඉහළින් සිටිමින් වෙනස් කිරීමට රජයේ අදහසක් නෑ.” යනුවෙන් අමාත්යවරයා පැහැදිලි කරන ලදී.


