පුංචි ඔශිනිගේ ලොකු වැඩේ

Date:

මේ මොහොත වන විට ප්‍රවෘත්ති අතර අවධානය දිනා ගන්නා පුංචි කෙලි පැටික්කියක් ඉන්නවා.ඒ අවධානයට හේතුව ඇය රටට ලොකු කීර්තයක් දිනා දීමයි.ඇය නිමාව දුටු 2023 2023 Fide World Cadets චෙස් තරගාවලියේ අවුරුදු 12 න් පහළ සූරිය වූ ඔෂිනි දෙවින්ද්‍යා ගුණවර්ධනයි.

ශ්‍රී ලංකාවටත් වඩා උනන්දුවෙන් පසුගිය දවස්වල ලෝකයේ බොහෝ රටවල් ඊජිප්තුව දෙසට හැරී සිටියේ සැළසුම්කාරී,ආක්‍රමණකාරී බුද්ධිමත් පොඩි පැටවුන් තමන්ගේ රටේ අනාගතය වෙත කෙතරම් සූදානම් ද කියන ඒක බලාගත හැකි ඉඟි – බිඟි 2023 Fide World Cadets තරගාවලිය තුළ තිබුණ නිසයි.එවැනි වටපිටාවක ඔශිනි ශ්‍රී ලංකාව අවුරුදු 12 න් පහළ බාලිකා අංශයේ ඉදිරියෙන්ම තැබීමට සමත් වීම වැඩිහිටියන් විසින් කීර්තිය විනාහ කරපු රටකට සතුටට කාරණයක්.

8න් පහළ විවෘත- රුසියාව
8න් පහළ බාලිකා- එංගලන්තය
10න් පහළ විවෘත- කසකස්තානය
10න් පහළ බාලිකා- චීනය
12න් පහළ විවෘත- වියට්නාමය
12න් පහළ බාලිකා- ශ්‍රී ලංකාව

ඉහළින් දැක්වෙන්නේ ඊජිප්තුවෙන් ඒ ඒ වයස් කාණ්ඩවලට අදාළව සූරතා රැඟෙන ගිය පිරිසයි.ඒ රටවල් පේළියේ ශ්‍රී ලංකාව රඳවන්න තියෙන ඉඩ කඩ අපිට පාලකයො අහුරලා තියෙද්දි තවමත් සමාන වෙන්න හෝ කිට්ටු වෙන්න ඉඩක් තියෙන්නෙ ක්‍රීඩාවෙන් විතරයි.ක්‍රීඩාවෙ ඒ ඇත්ත ඔප්පු කරපු මොහොතක් විදිහට ඔශිනිගේ චෙස් ජයග්‍රහණය හඳුනාගන්න පුළුවන්.

ඇය 2021 දී ත් හැදින්වුවේ මැණිකක් හැටියටයි.ඒකට ඇයගේ වටිනා දස්කම් වගේම රත්නපුර වීමත් හේතුවක් වුණා.රත්නපුර ෆර්ගියුෂන් බාලිකාවේ හිටපු පුංචි ඔශිනි 2021 දී මාර්ගගත ක්‍රමයට පැවත් වූ ලෝක යොවුන් චෙස් තරගාවලියේ දී ඔශිනි ඉතිහාසයට එකතු වුණේ එවැනි ජයග්‍රහණයක් ලද පළමු ලාංකිකයා වෙමින්.එවිට ඇයට අවුරුදු 8 ක් පමණයි.

ඒ මොහොතේම මාධ්‍යයට ඇයගේ මව පැවසුවේ ලංකාවේ කොළඹ සහ අනෙකුත් ප්‍රදේශවල තියෙන පහසුකම් වල වෙනස අවධාරණය කර ගනිමින් ඔශිනිට කොළඹ පාසලක චෙස් සහ අධ්‍යාපනයට පහසුකම් ලැබෙනවානම් එය භාර ගන්නා බවයි.ඒ ඇත්ත කතාවට මේ වන විට ඉඩ හැදිලා.ඒ නිසා රත්නපුර මැණික විචර්ලි ජාත්‍යන්තර පාසලේ සිසුවියක්ව දැන් ලෝකය ඉදිරියේ තමන් රටට පමණක් නොව ලෝකයටම වටින මැණිකක් බව ඔප්පු කරමින් ඉන්නවා.

ඇය පුංචියි තමයි.සමහර විට මෙය කියවන ඔබට මේ පිංතූර දැක්කම එහෙම හිතෙයි.ඒත් ඔබේ හදවත පසුව කියාවි රටට මෙහෙම කීර්තියක් ගෙනාපු ඇය ඔබට වඩා කොච්චර විශාල ද කියලා.ඇත්තටම රටට ආදරේ නැති ලොක්කන්ගෙ පාලනය යටතෙත්,පාලනයට කරන රණ්ඩු අස්සෙත් ඉන්න අපිට ඔශිනි කළේ ලොකු අස්වැසිල්ලක් දුන්න එක.ලෝකෙ පුරා මහා කළු පැල්ලම් එකතු කරපු ලොක්කන් යැයි කියන වැඩිහිටි මිනිස්සු නිසා ලැජ්ජාවෙන් හැකිලිලා තිබුණ ලාංකේයකම ඒ දැවන්ත රටවල් එක්ක අභිමානයෙන් එක පෙළට තිබ්බට ඔශිනි දුවේ ඔයාට ස්තූතියි කියන්න මේ අකුරු දිගේ දුවන ඇස් ඔබේ හතවතේ ඇති කරන තෙරපුම කුමක් විය හැකිද?

ඒ පීතෘ සෙනෙහසයි.මාතෘ සෙනෙහසයි.ඇයව රැක ගැනීම වැඩිහිටි වගකීමයි.ඇය වැඩිහිටියන්ට වඩා විශාලයි.
ඒ වගෙම අවුරුදු 8 න් පහළ විවෘත තරගාවලියේ දී ලෝකයෙන්ම සිව්වැනි චෙනිත කරුණාසේන පුතත් කරපු වැඩේ රත්තරන්.ඔහුත් රටට විශාල විදිහට භාරගන්න ඕනි.මේ විසල් පොඩ්ඩන්ට හැදෙන්න වැඩෙන්න හෙවන දෙන ගසක් වෙන,මඟ කියන තරුවක් වෙන වැඩිහිටි පරම්පරාවේ පොඩිකම ගැන දුකයි,තිත්තයි.ඒත් හැමෝගෙම හදවතේ මේ දරුවො තියන ජයග්‍රහණයන්ගේ සතුට හරි රසයි.

සටහන – නිෂ්මං රණසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

භාෂිගේ ප්‍රතිශතය සියයට 98

නිශ්මං රණසිංහ ජුනි 29, කොළඹ LNW: ඉන්දියාවට එරෙහිව අද ශ්‍රී...

කතරගම පඬුරුවලින් රෝහල් හදන බස්නායක නිලමේ

රුහුණු රටේ තෙද නාමය ලොවම සුපතල කළ ‘රුහුණු මහා...

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ස්නායු රෝග අංශය වසා දමයි !

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ස්නායු රෝග වාට්ටුව (Neurosurgical ward )...

ඇමරිකාවේ මැගා පප්පලා, නිල් සොම්බිලා සහ සෝරාන් මම්දානිගේ ආගමනය 

ඇමරිකාවේ මැගා පප්පලා, නිල් සොම්බිලා සහ සෝරාන් මම්දානිගේ ආගමනය