වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ කැඳවුම්කරු සහ තවත් සිසුන් කීපදෙනෙකු අත්අඩංගුවට !

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): හොර උපාධි කඩ ගෙන ඒමේ ආණ්ඩුවේ කුමන්ත්‍රණය පරදවමු” යන මැයෙන් වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව අද (27) සංවිධාන කළ විරෝධතා පාගමනකට පොලිසිය අවස්ථා දෙකක දී ජල සහ කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කළ අතර ,එහි දී එම කමිටුවේ කැඳවුම්කරු ඇතුළු සිසුන් කිහිප දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

කොළඹ මහවැලි කෙන්ද්‍රය අසලින් මෙම පාගමන ආරම්භ වූ අතර , එහි සිට විරෝධතාකරුවන් නෙළුම් පොකුණ දෙසට ගමන් ආරම්භ කළ අතර, විරෝධතාකරුවන්ට විසිර යන ලෙසට පොලීසිය නිවේදනය කළ ද එය නොතකා ඔවුන් ඉදිරියට ඇදීමේ දී පොලිසිය ඔවුන්ට ජල සහ කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර ඇත.

එම ප්‍රහාරය හමුවේ විහාර මහාදේවි උද්‍යානය හරහා ප්‍රධාන මාර්ගයට පැමිණි ඔවුන් යළි මහවැලි කේන්ද්‍රය අසලට විත් පාගමන ආරම්භ කිරීමට උත්සාහ කළ අතර, විරෝධතාව අතරතුර දී පොලිසිය, වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ කැඳවුම්කරු ඇතුළු තවත් කිහිපදෙනෙකු අත්අඩංගුවට ගන්නා ලදි. අනතුරුව සහභාගී සියළු විරෝධතාකරුවන් ඉවත්ව ගිය බව වාර්තා වේ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සාවද්‍ය පුවතක් ගැන තොරතුරක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 17, කොළඹ LNW : ‘ග්‍රාම නිලධාරී සම්බන්ධ...

ආපදාවෙන් අඩාල වූ ජනජීවිත ගොඩගන්න රු. බිලියන 500 පරිපූරක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුවට!

කොළඹ LNW:හෙට (18) දින පෙ.ව.09.30ට පාර්ලිමේන්තුව රැස්වෙන අතර හදිසි...

ලෝක කුසලානය නිමාවන තෙක් පන්දු රැකීම පුහුණු කරන්නට ශ්‍රීධර් එයි.

නිශ්මං රණසිංහ දෙසැම්බර් 17, කොළඹ LNW: ශ්‍රී ලංකා කණ්ඩායමේ නව...

ආපදාවන්හි නවතම තත්ත්වය. නිවාස 13,781ක් සම්පූර්ණයෙන් විනාශයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: අයහපත් කාලගුණය හේතුවෙන් ඇති වූ ආපදා...