විමල්ට අසනීපයි! විත්තිකරුගේ අසනීප තත්ත්වය පිළිබද වෛද්‍ය වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන්නැයි විනිසුරුවරයා නියෝග කරයි!

0
470

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාට එරෙහිව , රුපියල් මිලියන 75කට ආසන්න මුදල් හා දේපළවල හිමිකාරිත්වය දැරීමේ චෝදනාව යටතේ පවරා ඇති නඩුවේ සාක්ෂි විභාගය ලබන නොවැම්බර් 8 වැනිදා දක්වා කල්දමා ඇති බව වාර්තා වේ.

එම තීරණය ලබා දී ඇති ඇත්තේ, අද කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා හමුවේ නඩුව කැඳවූ අවස්ථාවේදීය .

එහිදී විත්තිකාර විමල් වීරවංශ මහතා අධිකරණය හමුවේ පෙනී සිට නැත.

ඔහු අසනීප තත්ත්වයෙන් පසුවන බව විත්තිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥවරයා අධිකරණය හමුවේ ප්‍රකාශ කර ඇත.

ඒ අනුව සලකා බලා නඩුව විනිසුරුවරයා විසින් නොවැම්බර් 8 වැනිදා දක්වා කල්දමා ඇති අතර, එදිනට විත්තිකරුගේ අසනීප තත්ත්වය පිළිබද වෛද්‍ය වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස විනිසුරුවරයා විසින් නියෝග කර ඇත.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??