අනුරට සහ ඔහුගේ ආණ්ඩුවට බැරි බව පෙන්වා හමාරයි – සජිත්

Date:

කොළඹ LNW:අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය රටක් පාලනය කිරීමේදී අවශ්‍ය කුසලතාව හැකියාව හා දක්ෂතාව නොමැති බව පෙන්වා ඇති බව සමඟි ජන සන්ධානයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

මැතිවරණයේදී කියු ආකාරයට අත්‍යාවශ්‍ය ආහාරවල මිල පාලනය කිරීමට නොහැකි වීම නිසා පොල් ගෙඩිය පවා ගැනීමට පෝලිම් යුගයට යාමට සිදුව ඇති බවයි ප්‍රේමදාස මහතා සඳහන් කරන්නේ.

රටේ ජනතාවගේ ආදායම අඩුවී බඩු මිල ඉහළ යාම නිසා දුදරුවන්ට අවශ්‍ය ආහාර දිය නොහැකි පවුල් ලක්ෂ ගණනින් ඇති බවත් මන්දපෝෂණය වර්ධනය වී මව්වරුන්ගේ දරුවන්ගේ සෞඛ්‍ය සම්පන්න භාවය අඩුව ඇති බවත් මේ රජයට ජනතාව ජීවත් කරවන්න විසදුම් නොමැති බවත් හෙතෙම කියාසිටියි.

එමෙන්ම අප රට 2028 සිට විදේශ ණය ගෙවිය යුතු බවත් ඒ සදහා අවශ්‍ය ඩොලර් සංචිත තිබිය යුතු බවත් එසේ ඩොලර් ලබා ගන්නා ක්‍රමවේද වේගවත් විය යුතු බවත් 2028 දී ද ඩොලර් නොමැතිව ණය ගෙවන්න බැරි වුවහොත් නැවත වරක් බංකොලොත් වන බවත් සජිත් ප්‍රේමදාස මහතා පෙන්වාදෙයි.

ඉදිරි වසර හතර තුළ රටේ ආර්ථිකය වේගයෙන් ඉදිරියට යා යුතු හෙයින් මන්දගාමී ආර්ථිකයක් තුළ ණය ගෙවිය නොහැකි බවයි ඔහු පවසන්නේ.

මෙවැනි තත්ත්වයක් තුළ ජනතාව ජීවත් කළ හැක්කේ සමගි ජන බලවේග රජයකට පමණක් නිසා ඒ වෙනුුවෙන් එක්වන ලෙස සියලු දෙනාගෙන් ඉල්ලා සිටින බව ප්‍රේමදාස මහතා පවසයි.

සජිත් ප්‍රේමදාස මහතා මෙම අදහස් දක්වා සිටියේ දෙහිවල පැවැති ජන හමුවක් හා එක්වෙමිනි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කැලිෆෝර්නියා ප්‍රාන්තය WHOහි සාමාජිකත්වය ලබාගනියි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 02: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): 78 වසරක් පුරා...

දලයි ලාමාතුමා ග්‍රැමී සම්මානයෙන් පිදුම් ලබයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 02: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ගෙවුණු සතිඅන්තයේ අති...

මාලිමා පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ අත්අඩංගුවට ගැනීමට වරෙන්තු !

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ අත් අඩංගුවට...

වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම්ගෙන් අල්ලස් කොමිසමට පැමිණිල්ලක්!

කොළඹ LNW:වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න මහතා...