Tasty Tuesdays: අලිගැටපේර වලින් හදන මෙක්සිකානු “Guacamole” – Ditch the Store-Bought Dip — Make Your Own Guacamole in Minutes!

0
127

සෑම අඟහරුවාදා දිනකම “Tasty Tuesdays” තුළින් ඔබට ආහාර පාන, රෙසිපීස් හැඳෙන හැටි, රෙස්ටුරන්ට් රිවීව්ස්, වයිරල් යන ඩිෂස්, මෙන්ම සංස්කෘතික ආහාර රටාවන් පිළිබඳ මනා අවබෝධයක් ලබා ගත හැකි වනු ඇත. රැඳී සිටින්න අප සමඟ!

සටහන – පුලී

ඔක්තෝම්බර් 28, කොළඹ (LNW): Guacamole යනු ප්‍රධාන වශයෙන් පොඩි කළ අලිගැටපේර වලින් සාදන ලද ක්‍රීමි රසවත් ඩිප් එකකි. එයින් ගම්‍ය වන පොහොසත් රසය සහ නැවුම් බව එය සුලු කෑම, ආහාර රුචිය සහ ටාකෝස් සහ නැචෝස් වැනි මෙක්සිකානු කෑම සඳහා සුපිරියටම කැපෙන ඩිප් එකක් කීවොත් නිවැරදි ය.



Guacamole හි ඉතිහාසයෙන් බිඳක්;
Guacamole සැකසීම ආරම්භ වූයේ වසර 500 කට පෙර මෙක්සිකෝවේ ඇස්ටෙක්වරුන් සමඟ ය. මෙම වචනය පැමිණෙන්නේ Nahuatl (ඇස්ටෙක් භාෂාව) වචන වන “ahuacatl” (Avocado) සහ “Molli” (සෝස්) වලින් වන අතර එහි සරල අදහස වචනාර්ථයෙන් ගත්කළ “අලිගැට පේර සෝස්” යන්නයි.
සාම්ප්‍රදායිකව, එය පොඩි කළ අලිගැට පේර, තක්කාලි, මිරිස් සහ දෙහි යුෂ වලින් සාදන ලද්දකි.



මෙක්සිකානු Guacamole සැකසීමට අවශ්‍ය වන ද්‍රව්‍ය:
• ඉදුණු අලිගැට පේර ගෙඩි 2ක්
• සිහින්ව කපාගත් කුඩා තක්කාලි ගෙඩි 1ක්
• සිහින්ව කපාගත් ළූණු 1/4ක්
• නැවුම් දෙහි යුෂ මේස හැඳි 1-2ක්
• අඹරාගත් සුදුළූණු, කරාබුනැටි
• රස අනුව ලුණු සහ ගම්මිරිස්
• නැවුම් කොත්තමල්ලි (විකල්ප)
• මිරිස් (විකල්ප)

සෑදිය යුතු ආකාරය:
1. අලිගැට පේර කපා, ඇටය ඉවත් කර, බඳුනකට දමන්න.
2. තරමක් ඝනව පවතින තෙක් අලිගැට පේර මෑෂරයක් භාවිතා කර මෑෂ් කරගන්න.
3. සිහින්ව කපාගත් තක්කාලි, ළූණු, සුදුළූණු, දෙහි යුෂ සහ කොත්තමල්ලි එකතු කරන්න. මෘදු ලෙස කලවම් කරන්න.
4. රස අනුව ලුණු, ගම්මිරිස් සහ මිරිස් එකතු කරන්න.
5. පිළිගන්වන්න: ටෝටිල්ලා චිප්ස්, ටාකෝස් හෝ ස්ප්‍රෙඩ් එකක් ලෙස රසවිඳින්න.

Guacamole දුඹුරු පැහැයට හැරීම වැළැක්වීම සඳහා, ඊට උඩින් දෙහි යුෂ ස්වල්පයක් එක් කරන්න.