දවසටම එක පරාජයක් පමණයි

Date:

නිශ්මං රණසිංහ  ඔක්තෝබර් 28,  කොළඹ LNW:

බහරේන් හී ක්‍රියාත්මක ආසියානු යොවුන් ක්‍රීඩා උළෙල නියෝජනය කරන ශ්‍රී ලංකා බැඩිමින්ටන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඊයේ දිනය පුරාවට තමන් සහභාගි වූ තරගවලදී අත් කර ගත්තේ එක් පරාජයක් පමණි.නෙත්මි රත්නායක පමණක් ඉන්දියාවේ වෙන්නාලා කලගොට්ලා ඉදිරියේ පරාජය වූ අතර එම පරාජය හමුවේදී නෙත්මි විශාල සටනක් දියත් කරනු ලැබුවා.පළමු තරග වටයේ නෙත්මි විසින් එල්ල කළ දැඩි පීඩනය හමුවේ වෙන්නාලා ජය ගත්තේ ලකුණු 23 – 21 ක් ලෙසයි.දෙවන වටයේදි ඇය ඉදිරියට එමින් නෙත්මි ඉදිරියේ ලකුණු 21 – 10 ක් ලෙස ජයග්‍රහණය ලබමින් වට 2-0 ක ජයක් හිමි කර ගනු ලැබුවා.


නෙත්මි ද,පමුදු රන්දිලිගම සමග එක්ව තරග කළ මිශ්‍ර තරගයේදී මලික්ෂාන් මුස්තාෆා සහ ඇලිසා කුලෂෝවා ව ලකුණු 21 – 13 සහ 21 – 14 ක් ලෙස පරාජයට පත් කරන්නට සමත් වෙනවා.පමුදු මුහුණ දුන් ඒකල තරගයේදී සිය ප්‍රතිවාදියා වූ කසකස්තානය නියෝජනය කළ ටිමුර් බුරක්හනොව් ව පරාජයට පත් කළේ ලකුණු 21 – 13 සහ 21 – 15 ක් ලෙසයි.


ශ්‍රී ලංකාව නියෝජනය කරමින් කෙනත් අරුග්ගොඩ සහ සිතුලි රණසිංහ මිශ්‍ර යුගල තරගයේදී බහරේනය නියෝජනය කළ අලඅෂුර් අලි සහ ෆාතිමා හසන්ට එරෙහිව වට 2-0 ක ජයක් වාර්තා කරනවා.එහිදී ලකුණු තත්ත්වය දැක්වුණේ 21 – 10 සහ 21 – 4 ක් ලෙසයි.සිතුලි කාන්තා කේවල වටයේදී ලාඕසයේ මුතිටා කින්නවොන්ග් ව පරාජයට පත් කරන්නට සමත් වුණා.එහිදී ලකුණු තත්ත්වය 21 – 4 21 -12 ක් ලෙස දැක්වුණා.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අවහිර වූ මාර්ග 316න් මාර්ග 300ක ගම­නා­ග­මන කට­යුතු ඇරඹෙයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : ඉකුත් දා...

කෝටි ගාණක “කුෂ්” කටුණායක ගුවන් තොටෙන් මතුවෙයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : ඊයේ (14) රාත්‍රියේ...

වරායේ සිරවූ බහාලුම් වලට මොකද වෙන්නෙ?

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : දින කිහිපයක සිටම,...

සහන ගැන මාධ්‍ය සංදර්ශන දැම්මට චක්‍රලේඛවත් නිකුත් කරලා නැහැ – විපක්ෂ නායක

කොළඹ LNW: විපතට පත් ජනතාවට සහන දෙන බවට මාධ්‍ය...