කොළඹ LNW:අල්ලස් කොමිසම ඉතාම අපක්ෂපාතීව කටයුතු කරනු ඇතැයි මෙතෙක් කල් විශ්වාස කළද පසුගියදා නන්දන ගුණතිලක මහතාගේ හෙළිදරව්වෙන් එය පත්ව තිබෙන තැන ගැන පැහැදිලි බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතා පැවසුවේය.
ඔහු මේ බව පැවසුවේ ඊයේ ඒකාබද්ධ විපක්ෂය විසින් පැවැත්වූ මාධ්‍ය හමුවේදීය.
රටක නීතියේ ආධිපත්‍ය ක්‍රියාත්මක කරන, ස්වාධීනව පැවතිය යුතු ආයතන දැඩි දේශපලනීකරණයකට ලක්ව ඇති බව එහිදී ඔහු කියාසිටියේය.
”මෙතෙක්කල් විශ්වාස කළා අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ඉතම අපක්ෂපාතී ආකාරයට වැඩ කරයි කියල. නමුත් පසුගිය දවසක නන්දන ගුණතිලක මහතා කරපු හෙළිදරව්වත් සමඟ අද පෙනී ගිහින් තියෙනවා ජනතා විමුක්ති පෙරමුණේ පූර්ණ කාලීන එහි නීති අංශයේ වැඩකරපු පුද්ගලයෙක් එහි ප්‍රධාන පුටුවකට පත්වෙලා ඉන්නවා. ඒ වගේම බන්ධනාගාර දෙපාර්තමේන්තුව ගත්තොත් හිටපු ප්‍රධානියා කිසිම සාධාරණ හේතුවක් නැතුව ඉවත් කරලා ඒ වෙනුවට තමන්ට හිතවත් නිලධාරියෙක්ව පත් කරලා ඒ අංශයත් තමන්ගේ අතට අරගෙන පාලනය කරලා තියෙනවා. රටක නීතියේ ආධිපත්‍ය සුරකින්න තියෙන ප්‍රධාන ආයතන සියල්ල එම ආයතන ඉතාම ස්වාධීනව පැවතිය යුතු ආයතන, නමුත් ඒ සියලු ආයතන මේ වන විට දැඩි දේශපලනීකරණයකට ලක්කරලා ඒ තුළින් තමන්ගේ විරුද්ධවාදීන් මැඩලන්න කටයුතු කරමින් තියෙනවා” යනුවෙන් කාරියවසම් මහතා පැවසුවේය.
ආශිකා බ්‍රාහ්මණ

