කෝටි 18කට අධික හෂිෂ් තොගයක් සමඟ කැනඩා ජාතිකයෙක් අත්අඩංගුවට!

කොළඹ LNW:රුපියල් දහඅට කෝටි විසිපන් ලක්ෂයක් වටිනා හෂීෂ් මත්ද්‍රව්‍ය තොගයක් සමග කැනඩා ජාතිකයෙක් කටුනායක ගුවන්තොටුපළේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

ගුවන්තොටුපළේ හරිත මාවත ඔස්සේ පිටව යාමට උත්සාහ කළ 21 හැවිරිදි කැනඩා ජාතිකයා අත්අඩංගුවට ගැනීමට රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන්ට හැකි වී තිබෙන අතර ඔහු ඩුබායි සිට එමිරේට්ස් ගුවන් සේවයට අයත් යානයකින් කටුනායක ගුවන්තොටුපළට පැමිණ ඇති බව සඳහන්.

සැකකරු ඇසුරුම් 72ක් ලෙස සකස් කළ හෂීෂ් මත්ද්‍රව්‍ය කිලෝ 18 ග්‍රෑම් 253ක ප්‍රමාණයක් රැගෙනවිත් ඇති බව රේගු මත්ද්‍රව්‍ය පාලන අංශය සඳහන් කරයි.

අත්අඩංගුවට ගත් කැනඩා ජාතිකයා හා මත්ද්‍රව්‍ය තොගය කටුනායක ගුවන්තොටුපළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයට භාරදීමට පියවර ගෙන තිබේ.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රුවන්ඩාවේ F1 තරගයක් පැවැත්වීම ගැන ලුවිස් හැමිල්ටන්ගෙන් ප්‍රකාශයක්

සටහන – පුලී ඔක්තෝම්බර් 23, LNW (කොළඹ):මානව හිමිකම් ගැටලු සම්බන්ධයෙන් මතුව...

ප්‍රංශයේ වෙඩි තැබීමක් – එක් අයෙක් මරුට, සිව් දෙනෙකුට තුවාල

සටහන – පුලී ඔක්තෝම්බර් 23, LNW (කොළඹ): පැරිස් නගරයට බටහිරින් පිහිටි...

රුසියාවේ පළමු ඩීසල් තොගය ඇමරිකාව බලා පිටත් වේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 23 : රුසියාවෙන්...